එදා මතකය.....................

on Friday, 7 December 2012



හිතේ සුන්දර තැනක නැවතී
අපේ සෙනෙහස තවම පවතී
සොඳුරු සඳ රැස් මාවතේ පිපී
සමන් මල් මෙන් සුවඳ සදතී…

එදා හිරු නැග වෙන්ව ගිය මඟ
සොඳුරු හෝරාවකදී ඇවිදින්
ඔබේ ළඟ හිඳ කණට කෙඳිරූ
ආදරේ කවි හිතට එබෙමින්
අපේ සෙනෙහස කොතෙක් සොඳුරුද
කියා දෙයි නිම්නයක හිඳිමින්…

එදා සඳ නැඟ එළිය කළ බිම
මධුර ගීයක තනුව වයමින්
ඔබේ තොල් මත තැබු ඉමිහිරි
හාදුවක රස මිහිරි ගෙනෙමින්
මගේ සිතුවිලි ඉගිල්ලී යයි
ඈත දුර ගිය ඔබම සොයමින්…

අප්පමාදෝ අමතපදං


ඉස්සරහ තියෙන පොඩි ටීවී ස්ක්‍රීන් එකේ ලන්කාවේ සිතියම පේනව. ඒකේ තියෙන විදියට දැන් ප්ලේන් එක යන්නෙ අනුරාධපුර උඩින්. මම ජනේලෙන් එලිය බැලුවා නිමේෂාගේ ගෙවල් පේනවද කියල. සුදුපාට වලාකුලු ඇරෙන්න වෙන මුකුත් පේන්නෙ නෑ. මටත් පිස්සු. හොඳටම පිස්සු. එයා දැන් මොනව කරනවද දන්නෙ නෑ. සමහර විට බලාඅගෙන ඇති. එයා දන්නවනේ මම ලෑන්ඩ් කල ගමන් sms එකක් එවනව කියල.
ඉස්සර කාලෙ අපේ වැඩිහිටියෝ මගුල් තුලා කරගත්තේ කපුවෝ දාල. පස්සෙ කාලෙකදි ඒ වැඩේ පත්තර භාර ගත්තා. අද ඒකත් ඔන්ලයින් වෙලා. තාක්ෂණය වෙනස් වෙන එක මිනිස් සම්භන්ධකමුත් වෙනස් කරනව. මට එයාව හම්බ උනේ මූණුපොතෙන්. දැන් අලුත්ම trend එක ඒකතමා. එයා අපි දෙන්නගෙන යාලුවෙකුගේ පින්තූරයකට කමෙන්ට් කරල තිබ්බ. මමත් ඒකට කමෙන්ට් කලා. එහෙම තමා අපි හම්බ උනේ. ඒක අන්තිමට යන්න පුලුවන් උපරිම දුර ගියා. මුලින් ෆේස්බුක් චැට්, ඊ ලඟට යාහූ, ඊ ලඟට ස්කයිප්….. මාස 3-4 කට පස්සෙ MC එකේදි හම්බ උනා.
මම ඔය කිසි දෙයක් සීරියස් ගන්න ජාතියේ කෙනෙක් නෙමේ. මට ඒ වෙනකොට ඔය වගේ හම්බ වෙච්ච අය කීප දෙනෙක්ම හිටියා. ඒත් කිසිම සම්බන්ධයක් සීරියස් කරන්න මට හිත් දුන්නෙ නැත්තේ මොකද කියල මම දන්නෙ නෑ. සමහර විට මම විවාහය කියන සංස්ථාව ගැන විශ්වාස කරන්නෙ නැති නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් අවුරුදු 2-3 කින් ලංකාවෙන් යන්න ඉන්න හිතන් ඉන්න නිසා වෙන්න ඇති. එහෙමත් නැත්නම් කැම්පස් වැඩ, එතකොට මගේ පාර්ට් ටයිම් ජොබ් එක අතරේ ආදරේ කරන්න වෙලාවල් හොයා ගන්න නති නිසා වෙන්න ඇති. ගොඩක් කෙල්ලන්ට ඕන විනාඩි 5 න් 5ට කෝල් කර කර කෑවද, බිව්වද, චූ කලාද කියල අහන ජාතියේ බොලඳ ආදරයක්. ඒත් මම පොඩි එකෙක් නෙමේ. මට වයස 25කටත් වැඩී. මට බබෙක් වෙන්න බෑ. බබ්බු නලවන්නත් බෑ. ඒ මගේ හැටි. මේ හේතු නිසා මම ඔය කිසිම එකක් සීරියස් ගත්තේ නෑ.
නිමේෂා හරි පුදුම කෙල්ලෙක්. අමුතුම ජාතියේ කෙල්ලෙක්. ගම අනුරාධපුරේ උනත් මාර විදියට නවීන කාලෙට අනුව හිතන කෙනෙක්. බොහොම නිදහස්ව හිතන කෙනෙක්. අපි කතා කරල තිබුන මේ ප්‍රශ්න ගැන. එයාත් මම වගේම හිතන කෙනෙක් කියල තමා මට තේරුනේ. අපි හම්බ වෙච්ච මුල් දවසෙම අපි කතා කලා මේ ගැන. MC එකේ roots එකෙන් ෆලූඩා දෙකක් අරන් ඒක බොන ගමන් අපි කලේ මේ බොලඳ ආදරේ කරන කෙල්ලො කොල්ලො ගැන විහිලු කරපු එක.
එකම විදියට හිතන නිසා මගෙයි නිමේෂාගෙයි යාලුකම නැගල ගියා. සාමාන්‍යයෙන් මට වෙන්නෙ මේ වගේ ඔන්ලයින් හම්බවෙන අය ඇත්තට හම්බ උනාට පස්සෙ කෝල්, චැට් අඩු වෙන එක. ඒත් නිමේෂා හම්බ උනාට පස්සෙ ඒවා තවත් වැඩි උනා. නිමේෂා වැඩ කලේ කෝල් සෙන්ටර් එකක. ඒ නිසා සමහර වෙලාවට අපට කතා කරන්න උනේ මහ රෑ. ඒත් කොහොම හරි දවසකට එක පාරක් හරි අපි කතා කරනව.
සාමාන්‍යයෙන් කොල්ලෙක් තමා කෙල්ලෙක්ට ආදරේ ප්‍රකාශ කරන්නෙ. හම්බවෙලා මාස 6-7 ගියත් මම ඒක කලේ නෑ. ඒ මට තාම මේ විදිහේ සම්භන්ධයක් ගන විශ්වාසයක් නැති නිසා. මුකුත් නොකිව්වාට අපි දෙන්න හැසිරුනේ කපල් එකක් වගේ තමයි. අපි දෙන්නගෙම යාලුවෝ හිතන් හිටියේ එහෙමයි.
එක දවසක් අත් අල්ලගෙන ගල්කිස්සෙ මුහුදු වෙරලෙ ඇවිදගෙන යන ගමන් නොහිතපු වෙලාවක එයා මට ඒ වචන තුන කිව්ව. මම ඒක පොඩ්ඩක්වත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමේ. මට දෙන්න උත්තරයක්, කියන්න දෙයක් තිබුනේ නෑ. මම හිතන්නෙ එයා මගෙන් ඒ වෙලාවෙ උත්තරයක් බලාපොරොත්තු උනෙත් නෑ. අපි දෙන්නම කිසිම කතාවක් නැතුව ගෙවල් වලට ගියා.
මට මේදේ උන පලවෙනි වතාව නෙමේ මේ. ඒ හැම වෙලාවකම මම කලේ හිමින් සැරේ මග අරින එක. ඒත් මේ වෙලාවේ මට ඒක කරන්න හිත දෙන්නෙ නෑ. මම එයාට කෝල් කරල මගේ තත්වය පැහැදිලි කරල දුන්න. “ඒකට කම්ක් නෑ තරිඳු. මම දන්නව ඔයා බැඳීමක් ඇති කරගන්න කැමති නෑ කියල ඒත් මට මගේ හිතට අගුලු දාල නවත්තන්න බෑ.” එහෙමයි එයා උත්තර දුන්නෙ. මම එයාට කැමතියි. ගොඩක් කැමතියි. ඒත් මම වගකීමෙන් බැඳීමක් ඇතිකරගන්න සූදානම්ද ?
ඊට සතියකට පස්සෙ තමා මට ලංකාවෙන් යන්න උනේ මාස 3කට. මම ගොඩක් කල් ඉඳල බලාපොරොත්තු උන ට්‍රේනින් එකකට. අද තමා මේ ආපහු එන්නෙ. ඒ හිටපු කාලේ ඇතුලත මම හමදාම එයාට sms කලා. සතියට වතාවක්වත් කෝල් කලා. ඒ මාස තුන මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරපු මාස තුනක්. නිමේෂාගේ අඩුව මට මෙච්චර තදින් දැනෙයි කියල මම හිතුවේ නෑ. නොදැනුවත්වම මම කොච්චර එයාට බැඳිලද කියල මට තේරෙන්න එයාගෙන් වෙන්වෙලා හිටපු මාස තුන උදව් උනා. මම මගේ බැක්පැක් එක ඇරල සියවෙනි වතාවටත් බැලුව නිමේෂට ගත්ත තෑග්ග තියෙනවද කියල. එයා ඒකට කැමති වෙයිද ?
පොඩි ගැස්සිල්ලකුත් එක්ක ප්ලේන් එක ලෑන්ඩ් කලා. ගුවන් සේවිකාවෝ කොච්චර කෑගැහුවත් කට්ටිය නැගිටලා දොර ගාවටත් ගිහින් ඉවරයි ප්ලේන් එක හරියට පාර්ක් කරන්නත් කලින්. මම කලබලයක් නැතුව වාඩි වෙලා හිටියා. නිමේෂාට කෝල් කරන්න ඕන නිසා මම ෆෝන් එක ඔන් කලා. ඒත් එක්කම මැසේජ් 4-5ක් ම ආව. නිමේෂගෙනුත් එකක් තිබ්බ මම ඒක ඕපන් කලා කියවන්න.
“මට සමාවෙන්න. මට හැමදාම ඔයා ගැන හිත හිත බලන් ඉන්න බෑ. ඒ නිසා මම ගෙදරින් ගෙනාව යෝජනාවකට කැමති උනා. මගෙන් ආයෙත් ඔයාට කරදරක් නෑ. සමාවෙන්න මට.”
නිමේෂාට ගෙනාව තෑග්ග බෑග් එකෙන් එලියට අරගෙන මම ඒ දිහා බලාගෙන හිටියා. තෑග්ග ඔතල තිබ්බ කොලේ තිබුනු ඒ වචන තුන හිමිහිට බොඳ වෙලා පහලට කඩා හැලුන

HISTORY OF SRI LANKAN POETRY_ ලංකාවෙ අපේ කවිය_


කවිය..

(1) සාමාන්‍ය සිංහල අකුරු එනම්:- ක,ග,ච,ට,ස, ආදී අකුරක් ශබ්ධ වන්නේ මාත්‍රා 1ක් ලෙසය... 

හල් අකුරක් මාත්‍රා භාගයක් වන අතර ශබ්ද වන විට එයද මාත්‍රා 1කට ගනන් ගත හැකිය

ඇදෙන අකුරු එනම්..:- ආ,ටා.කූ,මූ,නී,ලී, ආදිය මාත්‍රා 2කි...

මු,පු,‍ටු,කු,වු ආදියද මාත්‍රා 1කි..

(2) විරිත් දැන ගැනීමට පෙර පද හතරම මාත්‍රා සමාන වන පරිදි කවි අර්ථයක් ඇතිව ගොඩ නැගිය යුතුය...

(3) එලඉ සමය එනම් පද හතරේ අන්ත අකුර සමාන වන පරිදි කවි ගොඩනැගීමට උත්සාහ කළ යුතුය....

(4) එලි වැට එනම් කවි පද වල ඕනෑම වචනයක මුල් අකුර සමාන කිරීම එලිසමය ‍රැකීමක් වෙයි..
නමුත් ප්‍රධාන වශයෙන් පලමු වචනයේ මුල් අකුරු සමාන වන ලෙස පද ගැලපීමෙන් එලිසමය ‍රැකිය හැක

(5) සාමාන්‍ය සිංහල අකුරක්.. එනම්:-ක,ග,ච,ට,ස, ආදී අකුරක් ලඝු එකක් ලෙස සලකයි..
ලඝු 2ක් ගුරු 1කි..
එනම්:- ආ,ටා.කූ,මූ,නී,ලී, ආදිය මාත්‍රා 2ක් හෙවත් ගුරු එකකි..
ලඝු 1=මාත්‍රා 1යි
ලඝු 2ක්=මාත්‍රා2=ගුරු 1කි(ගුරකි)

(6) කවියක පද වල මුල් පේලියේ මුල් වචනයේ මුල් අකුර ගුරු එකක් වූවොත් අනෙක් පද 3හිම මුල් වචනයේ මුල් අකුර ගුරු 1ක් වන පරිදි ලිවීමෙන් ගුරු බිඳීම වලකා ගත හැකි අතර කවියට සුගායනීය බවක් ගෙනදෙයි..
මුල් අකුර ලඝු 1ක් නම්ද් එසේම වෙයි...

* පසුව විරිත් ගැන හදාරා ඊට අදාල මත්‍රා ගනන් වලට කවි ගෙතීම සිදු කල හැක..

සමුද්‍රගොෂ විරිතෙහි මාත්‍රා පිලිවෙලින් පද 4හිම 18 බැගින් වෙයි..
සමහර කවියන් මාත්‍රා 17 සහ 19 බැගින්ද යොදයි..
මහ පියුම් විරිතෙහි මත්‍රා පිලිවෙලින්.. 9,11,9,14 වෙයි..
තවත් විරිත් රාශියක් ඇත..
 සමිපරදයික කවි බොහොමයක්  බිහි වුයේ මෙ අකෘතියට යටත්වය.
                 කොළඹ යුගයේ මුල් පරපුර සේම දෙවන පරපුරද මෙම විරිත් අනුගමනය කල අතර සැලකිය යුතු වෙනස්කමි ඔවුන් අතර විය. මෙම ලිපිය ඔස්සේ කාවය  අකෘතිය විශේෂයෙන් සැලකිල්ලට ගත් අතර එහිදි සුවිශේෂි පුද්ගලයන් පිලිබදවදසිහිපත් කිරිම සිදුව ඇත
                                 .ඒ කවින් අතර කොළඹ යුගයේ මුල් පරපුරට අයත් ආනන්ද රාජකරුනා,ටිබෙටි ජාතික එස් මහින්ද හිමි,ජී.එචි පෙර්‍රා,පියදාස සිරිසේන ආදි කවිහුද,
                                      ජි.බි අල්විස්,විමලරත්න කුමාරගම,මීමන ප්‍රමතිලක,ශ්‍රි චන්දර රත්න මානවසිංහ,එචි.එමි කුඩලිගම,උපනන්ද බටුගෙදර,කපිල සෙනවිරත්න,විමලෙන්දර චතුරේගම ආදින්ද වෙ.
                                                                     ඒ අතරින් කොළඹ යුගයේ මුල් පරපුර නිදහස් අරගලය,ජාතික ස්වාධිනතාව,දේශපාලනය,සමාජ සංස්කරුතිය ගැන කවි ගොතන විට 
                      දෙවන යුගයේ කවියො  ප්‍රෙමය යන තේමාව මුල් කොට ගෙන කවි ලියුහ..නමුත් ඔවුන්ගේ කවි අකෘතිය,එනමි විරිත් බොහො දුරට සමාන විය.
            හෙළ හවුලේ කවිය  මිට සාපෙක්ෂව සුවිශේෂි ගමන් මගක් ගත් අතර එහි බස සමනය විවහරයේ යෙදෙන බසට වඩාසංකිර්ණ එකක් විය.එහි පරමුඛ පුරුකක් සේ මුනිදාස කුමරතුංග මහතා සැලකේ. තවද රැයිපියෙල් තෙන්නකොන්,අරිසෙන් අහුබුදු,අලවි ඉසි සැබිහෙල,ආ.දෙ චන්දරසෙකර මෙ ආදි විද්වත්හු සැලකේ.
කොළඹ යුගයේ මුල් පරපුර නියොජනය කල ඇස්.මහින්ද හිමි
_


















_නිදහස වෙනුවෙන් එතුමන් රචනා කල කවි _

  

........................................................................................................................ 
                                                               



     කොළඹ යුගයේ දෙවන පරපුර නියොජනය කල මීමන පරෙමතිලක මහතාගේ දරු දුක කවි පන්තිය
 


 කුමරතුංග මුනිදාස මහතාගේ කවි පංතියක් 
පැහැපත් මගෙ සුමිතුරු මල
වැඩ ඇත්තෙකි ලොවට සකල
වැටෙතත් පරවී හෙට බල
ඔබලත් දිවි වේය සපල

ඉතිරෙයි සුවඳින් මේ දෙස
පැහැදෙයි පැහැයෙන් ඇස ඇස
දුරු වෙයි අද ගිනි මගෙ කුස
සැලසෙයි වැඩ ඔබෙන් මෙලෙස
සර හා ගස ඔබ ඇති කල
විද හා විසිතුරු පත් පෙළ
සනහා ලන අප යදි රළ
ඔබ හා සම කොද ලොව තුළ

කැමැත් තෙන්ම දෙයි පැණි ඔබ
ගනිත් මගෙන් නෙක දුක් ලැබ
එහෙත් කිසිත් නැති ලෙස ලොබ
මහත් දෙඬුම් මගෙයි සුලබ

බොහෝ අයට උප දෙසකට
දො හෝ මෙලොව උපත් ඔබට
සහෝ දරව උපදින්නට
අහෝ මටත් ඇතොත් දැනට

[කුමරතුඟමුනිදාස ශුරින්ගේ  කවි ගී] 

................................................................................

ලංකාවෙ අපේ කවිය තුළ දැකිය හැකි වර්තමාන පරපුරේ කවින් බෙහෙවින් ගුරු කොට ගන්නා අකෘතින් දෙකක් පැහැදිලිව දැකිය හැකි අතර එයින් එළිසමය සහ විරිත් යොද ගෙන බිහිවු නුතන කොළඹ කවි නිර්මාණ එකක් සේ සලකා වර්ගිකරණය කොට ඇත්තේ අධයන පහසුව තකාය.නොයසේ නමි එහි .පරහේද ගණනාවක් යටතේ  එය තවදුරටත් වර්ගකල හැකිය
සුනිල් ආරියරත්න,මහගම සේකර, පරෙමකිර්තිද අල්විස් වැනි කවිහුසිය අනනයතාවය ගොඩ නගාගෙන ඇත.

රත්නස්‍රි විජෙසිංහ
මහගම සේකර

සුනිල් ආරියරත්න



පරෙමකිරිති ද  අල්විස්
රඹුක්කන සිද්ධාර්ත හිමි    

ගුනදාස අමරසේකර













හෙළ කවියේ බින්දු මාත්‍රයක් ලියන්නට දැරු පරයත්නයකී...

නිසදැස් කවියේ ආගමනය...

on Thursday, 6 December 2012




              නිසදැස් යන්න සමිපරදායික විරිත් රාමුවෙන් බැහැරව නිදහසේ අදහස් දැක්විමක් යැයි සරලව දැක්විය හැකි වුවද තවත් විචාරකයින්ගේ මතය නමි සමිපරදායික රාමුවෙන් එය බැහැර වුවද එහි එක් එක් පද අතර මනා ගැලපිමක් තිබිය යුතු බවයි.
        ඉතිහසගතව ඇති නිසදැස් රචකයින් අතර  Donald Hall  නමි රචකයා විසින් rondeau 
Donald Hall
 කාවය අකෘතිය බිද හෙලමින් නිදහස් ලේඛනයට පිවිස ඇත.
           ඔහුට අමතරව T. S. Eliot කවියාද නිසදැස් කවිය පිලිබද අදහස් දක්වා ඇත.
 ඔහු ලියා ඇති පරිදි "No verse is free for the man who wants to do a good job." එනමි එයින් ඔහු පවසා ඇත්තේ යමි කලාත්මක නිර්මාණයකදි අකෘතිය යන්න ගැටලුවක් නොවන බවයි.
කෙසේ වෙතත්1922 Robert Bridges  ඔහුගේ Humdrum and Harum-Scarum.
T.S.Eliot
දේශනය හරහා එහි පවතින ගැටලුකාරි අවස්ථාවන් පිළිබද අදහස් දක්වා ඇත. Robert Frost  
සහ William Carlos Williams එය විවෙචනය කර ඇත. 
  
Robert Bridges

 

 

අපේ නිසදැස් කලාව

නිසදැස් කවිය බිහිවුයේ කොළඹ කවිය නව මගකට යොමු කිරිමෙ පරමර්ථයෙනි.නිසදැස් කවියේ ලක්ෂණ ඡන්දසින් තොර බව එම කවින්ගේ  අදහසය.මෙම කාවයය සමිපරදාය පැරණි කවියට වෙනස් වුවද,එවැනි කවි සිගිරි කැටපත් පවුරේහි රැදවිමට අපේ ඇතැමි කවියන්ට හැකිවිය.එමගින් සිගිරි කවියාගේ කවිත්වයද හෙලි වෙ

සිගිරි බිතු සිතුවමි...
 "බුදල්මි
සියොව ආමි
සිහිගිරි බැලිමි
බැලු බැලු බොහො ජනා
ගී ලී ලුයෙන්
නෙලීම"
 

කුරුටු ගී..
"මසොව නිව ඇ මෙසෙයි
දුදුල සෙල අඩදරිහි
විසිය යහ අසරට නු
කිම අනින්ද නොගියෙ යහනෙය්"


"බෙයන්ද් නැගි බැලුමො
රන්වනුත්අතරෙන්
හිණ පිළි ලිහිලස් කතක්ද
අප හිම බුයුන් හො"

මෙහි තැබු මෙ සිත්තම
සිතු සිතුසෙස් බලයි එන
බිතු තම අත ගැසු දොසින්
එහි නොලද වි දිගස්සන්

( උපුටාගැනිම-ආචර්ය එස්.අයි.ගමගේ
"සාහිතය විචාර"
2005:මිහිර පොත් පරකාශකයෝ)

 මෙම සීගිරි කුරුටු ගීය හා ජි.බි සේනානායක මහතා පහත පදයයසමානතාවයක් දක්වන බව ආචර්ය එස්.අයි ගමගේ  මහතාගේ මතය වෙ
"හිස නමා ගති ඇ  
ජි.බි සේනානායක
සිහින් රතැගිලි පටලවා ගති                              
සතියකට පෙර ගෙනාව
රන්වන් විලිබරය මගෙ රන්වන් මනාලිය"

සිරි ගුණසිංහ මහතා

මෙම පදයන් සංසන්දනයේදි වෙනසක් ඇතැයි කිම ඔහු දක්වන ආකාරයටඉතා අසිරුය.එතුමන් තවදුරටත් පවසන්නේ වෙනසක් ලෙස කැපිපෙනෙන්නේ භාෂාව  පමනක් වන බවයි.

         කෙසේ වෙතත් සිංහල නිසදැස් සාහිතයයේ පුරොගාමියා ලෙසහදුන්වන්නේ ජී.බි.සේනානායක කවියායි.සිගිරි කුරුටු ගි  සංසන්ධනය කොටබලන ඇතැමි විචාරකයින් මෙම මතය බැහැර කරයි.කෙසේ වෙතත් ජී.බිසේනානායක රචකයා නිසදැස් පදයය නව මගකට යොමු කිරිමට  උත්සහ ගත්පරතිභා සමිපන්න කවියෙකි.මිනිස් ජිවිතය පිලිබද නව දරුෂ්ටියක් හෙලිමට ඔහු සිය කාවයය  චින්තනය උපයොගි කර ගත්තේය.ඔහුගේ නිරිමාණ සාර්ථකවිමට හේතු වුයේ ඔහු ජනකවි සමිපරදාය කෙරෙහි අවධානය යොමු කිරිමනිසාය.නිසදසට පණ දිමට ගිය තවත් කවියෙකි සිරිගුණසිංහ මහතා. ඔහුගේපතිභා ශක්තිය තුලින් ලියවුනු කවි පොදු ජනයා බුද්ධි ගොචරත්වයට හසුනොවිය.ඔහු කාවයකරණය සදහා යොදා ගත් භාෂාව පොදු රුචියෙන් ඉවත් වුපරෙහෙලිකා ගණයට වැටිම එයට හේතු විය.බටහිර සාහිතයේ  ආහාෂය ලබන්නට යාම නිසා මෙ තත්වය උදා විය

                                 

               සිංහල පදයය නව මගකට යොමු කිරිමට උත්සහගත් තවත් කවියෙකිගුණදාස අමරසේකරමහතා.ඔහුගේ "හාව ගීත:පදයය සංගරහය  උසස් නිර්මාණයක් විය.ඒ පිළිබද අදහස් දැක්වු ඇතැමි විචාරකයො එය නව පදයය සිංහලෙන් උපත පෙන්නුමි කල විශිෂ්ට කාවයය නිර්මාණයක් ලෙස හදුන්වයි.

කොළඹ කවියේ නව පරවණතාවයක් නිසදැස තුලින් ඇති කිරිම සදහා උත්සාහවන්ත වු තවත් කවියෙකි සරත් අමුණුගම.ඔහුට ලැබුනේ සිරි ගුණසිංහයන්ගේ ආහාෂයයි.සිරි ගුණසිංහට අවශය වුයේ වින්දනයක් ඇති කරන හාව සුන්දරත්වයකින් හෙබි නව කවි මගක් ඇති කිරිමය.ඔහුගේ එකී පරමාර්ථය තුළින් සරත් අමුණුගම ස්වකීය කවි හැකියාව පදර්ශනය කිරීමට කිරියා කලේය.
මහාචාරිය විමල් දිසානායක නිසදැස් තුළින් නව පදය සාහිතයෙහි අලුත් මගක් අපේක්ෂා කල පරතිහාපුර්ණ කවියෙකි.විශ්ව සාහිතය පිලිබදව පුලුල් අවබොධයක් ඇතිව සිටි ඔහු බටහිර සාහිතයය පිලිබදව පුලුල් අවබොධයක් ඇතිව සිටියහ.  ඔහු බටහිර කාවයයේ ආහාසය ලැබු කවියෙකි.ඔහුගේ එකම අපේක්ෂාව වුයේ නිසදැස තුලින් නුතන පදයය සාහිත්යයෙහි නව පරබොධයක් ඇති කිරිමය.විමල් දිසානයකගේ අවයජත්වයෙන් පිරි කාවයය ගමන් මාර්ගය පැහැදිලි කර ගැනිමට ඔහුගේ නර රකුසා,අකල් වැස්ස,ඉන්දරචාපා,රටසිට ආදි පදයය නිර්මාණ සාධක වෙ.
පරකරම කොඩිතුවක්ක
       පරකරම කොඩිතුවක්කු කවියා සමාජ පශ්න විගරහා කිරිමෙහිලා නිසදැස උපයොගී කර ගත්තේය.පරතිගාමි බලවෙග ඔහුගේ නිර්දය විවෙචනයට ලක් විය.ඔහු තුළ කාවය රචනය පිලිබදව පැවතියේ මනා කුශලතාවකි

මොනිකා රුවන්පතිරණද මෙම නව කාවය සමිපරදායේදි ජනබස උපයොගි කර ගනිමින් සාර්ථක අන්දමින් කාවයය නිර්මාණයෙහි යෙදුනු කුශලතා පුර්ණ කිවිදියකි.
මොනිකා රුවන්පතිරණ
කොළඹ යුගයේ නිසදැස් කවියන්ගේ අපේක්ෂාව වුයේ සිංහල පදය සාහිතයය නව මගකට යොමු කරමින් එය සුවිශේෂි ස්ථානයක් කරා ගෙන යමින් නුතන පදයය සාහිතයයේ උදාරත්වයක් ඇති කිරිමය.මෙ කවියන් මෙතෙක් පැවති චිරන්තන සාහිතයය හා සමිබන්ධ සමිපරදායික මාර්ගයෙන් ඉවත්ව නව පදනමක් මත පිහිටා කටයුතු කිරිමට පරයත්න දැරු බව නුතන නිසදැස් පදයය සාහිතයෙන් පෙනේ.එහෙත් ඇතැමි නිසදැස් කවියන් නිදහස් පදයය මාර්ගය අනුගමනය කරමින් එහි හරය කුමක්ද යන්න අවබොධ කර නොගෙන අවිචාරවත්ව පද බන්ධනය කිරිමට යාම නිසා ආධුනික නිසදැස් කවියන්ගේ නිර්මාණ ආසාර්ථක  බවට පත්වි ඇත.කෙසේ වුවද මෙම නිසදැස් කවි මාර්ගය තුළින් නුතන පදයය සාහිතයය පරබොධනයක් ඇති නොවු වග වර්තමානයේදි කවියට ඇතිවී තිබෙන ඉරණමෙන් පැහැදිලි වෙ
( උපුටාගැනිම-ආචර්ය එස්.අයි.ගමගේ
"සාහිතය විචාර"
2005:මිහිර පොත් පරකාශකයෝ