මාත් අම්මා කෙනෙක් (ගණීකාවක් කියයි)

on Thursday, 6 December 2012

ලයිමෙ තිබු නිවාස අතුරින් තවමත් නියොන් අලොකයක් දැල්වෙමින් පවතින එකම නිවස ඇගෙ නිවස්නයයි.
නිවසක් යන පරිසමාප්ත්‍ර අර්තයෙන් බොහො ඈත් වු ඇගෙ කුටිරය තුල වු එකම එක වා කවුලුව තුලින්
චන්ද්‍රරා ලොකයට නැහැවි තිබු එකම එක  රතු රොස මල දෙස ඇගෙ දෙනෙත් යොමුව තිබෙ.
අඩවන් දෙනෙත් තුල පවතින අලොකය තාරුණ්යයෙ ජව සම්පන්න බව කියාපායි ඈතින් හමා එන
සුලන් රැල්ල රතු රොස මල තාලයට නලවමින් ඇගෙ අකිකරු කෙස් කලඹ සමග පෙම් බදී.
විටින් විට ඇසෙන බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් බිදි ඇයගෙ යන සිතුවිලි මාත්‍රනය මුවින් පිට වන සුසුමකින්
පිටවි යන්නෙ කිසිවෙකුත් නොදකින කිසිවෙකුට නොඇසෙන රහසක් සගවා ගනිමින්ය.


ජිවිතය..............................
ඇයට සරදම් කලෙ යන්තමින් වයස 12 සපිරුනු අවදියෙදිම ඇගෙ මව සදාතනික මතකයක් ඉතිරි කොට
ඇය මෙලොව තනි කරමිනි මවත් සමග ජිවතයෙ ගෙවු ඇය  මෙලොව තනි වුවාය.. එතැන් පටන් අද දක්වා
ගෙවි ගිය කාලය යලි යලිත් වේගයෙන් සිත තුල චිත්‍රනය වුයෙ දෙනෙත් කදුලින් නහවමිනි.
යන්තාම වයස 12 වන විටම ඇය ජිවිතය ජිවත් කරවිම අරබයා සිය ගත ලයිමෙ පිරිමින් කිහිප දෙනෙකුටම
පුද දි අවසානය.. එතනින් අරැබි ජිවිතය තාරුණ්යයෙ ජවය සමග අත් වැල් බැද ගෙන අංක එකෙ ගණීකාව
බවට උසස්විමක් ඇයට දායද කොට ඇත.. තවමත් කෙලි ලොල් බව පහව නොගිය ඇගෙ තණ මත වැතිරෙන
නග්න කය තුලට සිය ජිවිතය උගස් කරන්නෙ ජිවිතය ජිවත් කරවිම සදහා පවතින එකම විකල්පය බැවිනි.


සෙමින් ඇද වැටෙන වැහි බින්දු රතු රොස මලෙ පෙති දොවනය කොට මහ පොලව සිප ගන්නෙ ලොව සදාතනික දහමක්
යලි යලි ප්‍රතිනිර්මානය කරන්නාක් මෙන් යැයි කවියෙකුට කවි සිතිවිලි පහල වුවත් ඇය එ පිලිබදව අංශු මාත්‍ර වු වත්
සැලකිලිමත් බවක් නොදක්වමින් නිරුවත් ඇගෙ උදරය සිය අතින් පිරිමදින්නට විය.
කපරාදු නොකල ගෙ බිම ඇගෙ දෙපතුල් සිප ගත්තෙ සෙනහසිනි මහා දන සිටු වරුන් ඇ පාමුල දනින් වැටි
රාගය ඉල්ලන කල්හි රාගයෙ දෙවගන මෙන් ඇගෙ දන යුග මතින් ඔවුන් බව්තිස්ම කල අතිතයෙ
තත්පර ගනනකට විනඩි ගණනකට ඔවුන් ඇගෙ බැතිමතින් වු බව ඇගෙ හ්‍රර්දය දනි නමුත් දැන් එ කිසිවකින් පලක් නැත..




ඇගෙ කුස තුල ජිවයක් පවති පියෙක් නැති අවජාතක ජිවයක් නමුත් මිනිසත් බවෙ උත්තරිතර බව පසක් කොටමින් ජිවිතයට
ජිවිතය දෙන්නට ඇය තිරනය කල රත්‍රිය ගෙවි යමින් පවති... වෙශාවක් බඩුවක් ගනිකාවක් ලෙසින් හන්වඩු ගැහුනු ඇගෙ
ජිවිතය තුල පවතින තිරසාට වු මිනිසත් බව හදුනන හදවතක් සෙවිම මිරිගුවක් පසුපස යන්නක් බැව් ඇ දැනන් උන්නාය
ඇගෙ මුව මත සිනා රැල්ලක සෙයා සනිටුවහන් වි තිබෙනු නියොන් ආලොකයට පෙනෙ එ ඇය ආදරයක් නොලබා
මව් පදවිය ලැබිමෙ කදුලු සිනාවක සෙයාය..  අගමක් නොදත් ඇය ජිවිතයක වටිනා කම කටවත් නොදකින ඇගෙ
කාමරය තුල උපරිම ලන්සුවට තබමින් මව් පදවියට සුදානම් විය.. කොහෙන්දො හමා ආ සුලන් රැල්ල රතු රොස මල
සුනු විසුනු කොට මහ පොලව මත වැටුනු බැව් ඇ නොදත්තාය.....




සිතල හැගුමන්
හදවත පිපිදිලා
නොපිදුනු සිතුවිලි
හිමිහිට පිපිදිලා
සයනයේ රැගුමන්
යලි යලි සිහිවෙලා
අහිමිද ප්‍රේමය
කදුලැලි  වියැකිලා ..............
නැති මුත් දෙන්නට
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට
කෙලසුනි මගේ ගත
අහිමිද මට පෙම
නැතිදෝ  හිමි සඳ ..............
දෙන්නම් කම් සැප
මට හුරු පරිදිම
ඉන්නම් නුබ ලග
දාසිය විලසින..............


දහසක් සිතුවිලි
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු
රාත්‍රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම
සිහිවෙලා
රහසින් මගේ හිත
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු
සිහිනෙක සගවලා
අහිමිද ප්‍රේමය
සදාකල් මා හට ...............
නුබෙ මතකය
සිතෙ රදවා
ඉපදුනි
මා පුතු
පියෙක් නැතුවම.............

0 comments:

Post a Comment