Pages

Friday, 7 December 2012

එදා මතකය.....................




හිතේ සුන්දර තැනක නැවතී
අපේ සෙනෙහස තවම පවතී
සොඳුරු සඳ රැස් මාවතේ පිපී
සමන් මල් මෙන් සුවඳ සදතී…

එදා හිරු නැග වෙන්ව ගිය මඟ
සොඳුරු හෝරාවකදී ඇවිදින්
ඔබේ ළඟ හිඳ කණට කෙඳිරූ
ආදරේ කවි හිතට එබෙමින්
අපේ සෙනෙහස කොතෙක් සොඳුරුද
කියා දෙයි නිම්නයක හිඳිමින්…

එදා සඳ නැඟ එළිය කළ බිම
මධුර ගීයක තනුව වයමින්
ඔබේ තොල් මත තැබු ඉමිහිරි
හාදුවක රස මිහිරි ගෙනෙමින්
මගේ සිතුවිලි ඉගිල්ලී යයි
ඈත දුර ගිය ඔබම සොයමින්…

No comments:

Post a Comment